(ඩයනා උදයංගනී)
පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පෙර රටේ ගැටළු විසඳිය හැකි පුළුල් දේශපාලන සන්ධානයක්, එහි දේශපාලන, ආර්ථික, සමාජ වැඩපිළිවෙළ, සහ එය ක්‍රියාවට නංවන නායකත්ව මඩුල්ල රටට ප්‍රකාශ කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම වැඩපිළිවෙළ ඉදිරිපත් වූ පසු ඒ මත පොදු අපේක්ෂකයකු ගොඩනැගෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ අනාගත නායකයා තීරණය කරන්නේ දේශපාලන පක්ෂයක් නොව ලක්ෂ 50ක් වන කිසිම පක්ෂයකට නොබැදුණු මධ්‍යස්ථ ජනතාව බවද ඇමැතිවරයා කීවේය.
ඒ නිසා එක එක පක්ෂවලින් අපේක්ෂකයින් ඉදිරිපත් කරනවාට වඩා වැදගත් වන්නේ එම ලක්ෂ 50 ට අවශ්‍ය වැඩපිළිවෙළක් හා ඒවා ක්‍රියාත්මක කරන්නේ කවුද යන්න තීරණය කිරීම බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ගාල්ල කොටුවේ, ‘ගෝල් දි ගොල්’ ශාලාවේ පැවැති ‘ජාතික මග’ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට එක් වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවලට රැවටිලා ඇති වෙලා තියෙන්නේ එත් අපේ මිනිස්සු පාඩමක් ඉගෙනගන්නේ නෑ. රටට ඕන වෙන කව්රුත්ම නෙමේ ඊළඟ අවුරුදු 5 ම හරි අරගෙන කමක් නෑ දේශපාලන ව්‍යුහය වෙනස් කරලා දේශපාලනේට පිවිසෙන්න අවම සුදුසුකමට උපාධියක් තිබීම අනිවාර්ය කරන්න පුළුවන් හැකියාවක් තියෙන නායකයෙක්. ඊට පස්සේ ජන්දෙකින් උගතුන් ටිකක් පාර්ලිමේන්තු ගියායින් පස්සේ රට හැදිල්ල ගැන අපි කතා කරමු. පාසලෙන් කට්ටි පැනල සාමාන්‍ය පෙළවත් සමත් නැති නූගතුන්, මැරයන්, ජඩයන්, පාතාලයන්, හොරුන්, ස්ත්‍රී දූෂකයන්, හැම තැනම නිදි කිරා වැටෙන බල ලෝභී සීයලගෙන් සමන්විත පිරිසක් පාලනය කරන රටකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් සංවර්ධනයක් නැත.
මෙයත් රට වටේ රැස්වීම් තිය තිය යන්නේ අපේක්ෂකයෙක් වෙන්න තමයි, මෙයා කියන ඔය ඡන්ද ලක්ෂ 50න් මෙයාට ලක්ෂයක්වත් ලැබෙන්නේ නෑ.
අනේ බොරු ආත්මාර්ථකාමී කටුසු දේශප්‍රේමියෝ ඔහේ පැත්තකට වෙලා ඉන්නවා , මේ පර රටේ මිනිස්සු අවශ්‍ය දේ කරයි. යන එන මන් නැති බොරු දේශප්‍රේමියා කටුස්ස පරාදයි. එක එක පැතිවලට මුක්කු ගහනවා දිව හැරෙන හැරෙන අතට දේශ ප්‍රේමි කතා කියනවා. අපි ඔහේ අදුනගෙන බොහෝ කල්
අම්මපා.... මෙයත් දැන් " තල් අත්තට බොරළු හලනවා " වගේ එකපාරටම කෑකෝ ගහන්නේ මොකද ???
මෙතෙක්කල් වැඩ කරේ ප්‍රතිපත්තියක් නැතුවද?
මොන වැඩ පිළිවෙලවල් ගෙනාවත් මේ රජය රටට කරපු විනාශය වහන්න බෑ, සන්ධාන හදාන කොහොම එකතු උනත් ඡන්දය දෙන්නේ ජනතාව. මේ සන්ධාන ගත වෙන නායකයන් රට හදන්න එන අය නෙවේ, තමන්ගේ සැප විහරණය හොයමින් ඉන්න අය. අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් මේ නටන නාඩගම කාටද පුළුවන් නතර කරන්න? මගේ රට ඉපදෙන්න සිටින පරම්පරාව ගැන හිතනකොට දුකයි. රටේ සියලු ජනතවගෙන් ඉල්ලන්නේ ඔබේ කැමැත්ත රැකියාවකට, ගෙයකට , ඉඩමකට පාටකට මුල් කර ගන්න එපා නුපන් දරුවට හොද රටක් දැයක් ඉතිරි කරන්න.
නගානන්ද කොඩිතුවක්කු එම ප්‍රකාශය දැනටමත් කරලනේ තියෙන්නේ
ඕක ඉතින් මෙයා ආපු දා ඉඳන් ගහන බයිලා එකනේ. තව ඔහේ ටික දවසක් බයිලා ගහයි. වේදිකාවෙන් හූ හඬ මැද බැසයන දවස බොහොම ලඟයි.
අර පහු ගිය දවසක රාජගිරියේ ඒකචාරී නිශාචර දඩාවතේ යනකොට වාහනයට යට කළ බව කියන අබ්බගාත වී ජීවිතයේ සොදුරු තාරුණ්‍ය ගත කරණ අහිංසක දරුවා එහෙම බලන්න ගියේ නැතෙයි ලොක්ක?
ඕවා කරන්න නොවේද ඔබලා මහජන මුදල් වලින් යැපෙමින් සියලුම වරප්‍රසාද ලබමින් පාලන බලයේ ඉන්නේ ?