
(අමිල චින්තක ගමගේ)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු නම් කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .ඒ සුමන්තිරන් මහතා ලංකාදීපයට සඳහන් කළේය.
මේ වන විටත් උතුරේ දෙමළ පක්ෂ හා සිවිල් සංවිධාන ඒකාබද්ධව පොදු අපේක්ෂකයෙකු ගෙන ඒමට සූදානමින් සිටින බවත් ඒ සඳහා තම පක්ෂයේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.මෙම තීරණය දෙමළ ජනතාව නැවතත් රැවටීමට ගන්නා තීරණයක් බවද ඔහු සඳහන් කළේය.
පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තමිල් මක්කල් කට්ටනි පක්ෂයේ නායක පී.වී විග්නේශ්වරන් මහතා උත්සාහ කරන්නේ බලයට ඒමේ අරමුණින් බවද ඔහු වැඩිදුරටත් කීය.
තම පක්‍ෂය ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැති බවත් ප්‍රධාන අපේක්ෂකයන් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ වහාම ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් සුමන්තිරන් මහතා සඳහන් කළේය.
COMMENTS
මෙයා එදා ඉඳන් කලේත් ද්‍රවිඩ ජනතාව රවටමින් තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගන්න එක විතරයි...
එහෙනම් ඉතින් ප්‍රතිපත්ති ඇමැති තනතුරු සඳහා ඉදිරිපත් වන අයගේ හිත්වල තියෙනවා කියන අයට හුළං තමයි...
අහිංසක දෙමළ ජනතාව ගොනාට අන්දලා යටින් කුලප්පු කරන එක විතරයි. වයසේ අග්ගිස්සට ගිහිල්ලත් කුහක කම... පොදි බැඳගෙන ඉන්න තමන්ගේ වාසියට දෙමළ ජනතාව අමාරුවේ දාන පොරක් තමයි.