‘ තුන්වැනි පාරත් අපි ඉල්ලනවා, තුන්වැනි පාරත් අපි දිනනවා.‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති පොල්ගහවෙල දී කීවේය.
‘දැන් පොදු අපේක්ෂකයෙක් හොයනවා. මම කිව්වා ඉතින් කොහෙන් හරි හොයාගෙන එන්න. මට වඩා පොදු කෙනෙක් ඉන්නවද? මම තමා පොදු අපේක්ෂකයා. වෙන පොදු අපේක්ෂකයෙක් නෑ. අනිත් අය තනි අපේක්ෂකයො.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදාපාර අපි කරන්නේ වෙනස්ම දෙයක්. අපිත් අපේ රට ගැන හිතන්න ඕනෑ (නි)
කවුරු දිනුවත් මහජනතාවට සහන ලැබෙන්න නම් අතිවිශාල විදේශ ආධාර ප්‍රමාණයක් ලැබිය යුතුයි. දැන් ලංකාවේ ආර්ථිකයට දරාගත නොහැකි ණය බරක් තියනවා. ඒවා ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නොවේ. (නි)
ඕනෑම රටක් පාලනය වෙන්න ඕනෑ නීතිය මඟින්. (නි)
මේ රට දැන් විනාශවෙලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් රටේ නීතියක් නැතිකම නිසා. මහජනතාවට කොතනින්වත් සාධාරණයක් බලාපොරොත්තුවීමට බැහැ. එළිපිටම දූෂණ... පගාව නොදී ආයතනයකින් වැඩක් කරගැනීමට බැහැ. පොලිසිය දේශපාලුවගේ පැත්ත ගන්නවා. මේවා කවුරුත් නොදන්නා දේවල් නොවෙයි. එසේම මේවා ගමේ මිනිහාට ප්‍රශ්නත් නොවෙයි. නමුත් නීතිය, යහපාලනය සහ සාධාරණය රටේ තිබිය යුතුයි කියා සිතන මම ගන්නේ බුද්ධිමත් තීරණයක් (නි)
මොළය පාවිච්චි කරන්නේ නැතුව හදවතින් වැඩකරන මිනිස්සු නිසා තමයි අපේ රටට හැමදාම වැරදිලා තියෙන්නේ. දැන් රටේ තත්වය හා ආණ්ඩුව යන ගමන කොහොමවත් අනුමත කරන්න බැහැ මට නම්. එම නිසා විපක්ෂයට ඡන්දය දෙනවා වගේම ජය පතනවා. ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් හැමෝගෙන්ම ඉල්ලන්නෙත් තමාගේ රට, අනාගතය, දරුවන්ගේ අනාගතය ගැන හිතලා, රටට පක්ෂපාති වෙලා ඡන්දය දෙන්න කියලයි. (නි)
මැණික්, බන්දුල තමයි මිනිහා. අදහසෙන් කියත හැකියි. (නදී)
මීලග ජනාධිපති කවුරු උනත් හැමෝම පිළිගන්න දෙයක් තමයි රටේ ආර්ථිකය පිරිහී නිතිය සහ යහපාලනය නැතිවෙලා කියලා. ඇයි ඔබතුමාලට තේරෙන්නේ නැත්තේ යුද්දේ නැති එක හොදයි වගේම අවනීතිය දුෂණය පතුරුවන එක නරකයි කියලා. වටේ ඉන්න හොරු ගැන කලකිරිලා ඉන්න ජනතාවගෙන් අහන්න කැමතියි ඇත්තටම ඔබතුමාලා හිතන්නේ මෙතුමා ඔය වංචා දුෂණ අවනීතිය ගැන දන්නේ නැහැ කියලද? (නදී)
ඔබ දිනනවා සිකුරුයි (නි)
මේවාට ප්‍රතිචාර දක්වන්න මම නම් අකමැතියි (නි)
අවංක නායකයකු සහ සුදුස්සා හඳුනාගැනීමට අපේ මිනිසුන්ට තිබෙන නොහැකියාවයි අපිට ඇති ප්‍රශ්නය වන්නේ. එහෙම සිතන්න හඳුනාගන්න පුළුවන් නම් ගම්පහ මාතර පැත්ත ගැන අර විදියට වෙයිද? (නි)
"මම නම් කැමති යු එන් පී ආණ්ඩුවක් එනවට" එතකොට මේ පැත්තේ හිටි අය ඒ පැත්තට පනීවි. ඉතින් ඊටපස්සේ? අපි ආයෙත් හිටපු තැන... (නි)
ජයලලිතලා වගේ අය අපේ නම් එක්කෙනෙක් නොවෙයි, පාර්ලිමේන්තුවේම සිය ගණනක් ඇති. එතකොට පළාත් සභා වල... (නි)
රටේ පත්වෙන නායකයින්ගෙන් රටේ ජනතාව ගැන කියන්න පුළුවන් (නි)
ප්‍රජතන්ත්‍රවාදයක් අපේ රටේ තිබෙනවාදැයි සිතාබලමු (නි)
මහින්ද මහතා අපිට, අපි මහින්ද මහත්තයට (නි)
මිනිසුනේ,ඡන්දය ගැන බුද්ධිමත්ව සිතන්න (නි)
ඔබතුමා තමයි හොඳම පොදු අපේක්ෂයා (නි)
ඔය අනුන්ගේ නම් වලින් දේශපාලන ප්‍රතිචාර ලියන්නේ අර රජ වාසල කවට අන්දරේම තමයි. (නදී)
බලන්නකෝ බන්දුල කතාකරන විදිහ...බයාදුකම, නිවටකම බේරෙනවා. (නි)
මට විශ්වාසයි ඔබතුමා දිනන බවට (නි)
බොහොම සතුටුයි (නි)
ඔබතුමාට ජයවේවා! (හේ)
උගත් බුද්ධිමත් අවංක නායකයෙක් රටට අවශ්‍ය වී ඇත (නි)
පොදු කවටයා තේරුවොත් අපේ බන්දුල තුමා තමයි උඩින්ම දිනන්නේ. (නදී)
.පොදු වෙන්න උතුරේ දෙමළ නැගෙනහිර මුස්ලිම් වතුකරයේ දෙමළ විශ්වාසය දිනන හොර බොරු නැති “ගරු“ රනිල් වගේ වෙන්න ඕනි.................(අ)
කවුරුන් කීපාරක් තනතුරේ හිටියාද කියන එක නෙවෙයි වැදගත්. ඒ කාලය තුල තමා නිසා තනතුර බැබලුනාද නැති නම් තනතුර නිසා තමන් බැබලුනාද යන්න පමණයි. (අ)
ජයවේවා! අපි ඔබ සමඟයි (නි)
අපේ ජනතාවට ස්වාධීනව හරි වැරැද්ද ගැන දැනුවත් වෙන්න ක්‍රමයක් නැති නිසා නිතරම පාට පාට ඇස් , කන් සහ සිතිවිලි වලින් තමයි දේශපාලන තීරණ ගන්නේ. ආසියාවේ 3 වැනි ලෝකයේ රටවලින් මෙයට වඩා වැඩියමක් බලාපොරොත්තු වෙන්න බැහැ. තිත්ත ඇත්ත ඕකයි.මොන පුද්ගලයා ජනාධිපති වුණත් රටක ගුණාත්මක පැත්ත පිරිහෙනවා නම් වැඩක් නැහැ (නි)
දැනට මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ වල ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති අය අතරින් ඔබතුමාට තමා මගේ මනාපයත්. කවුරු කුමන චෝදනා කලත් පසුගිය වසර 40ක කාලය අතර ලෝකෙට ණයවෙලා හරි ඔබතුමාලා විශාල වැඩ කොටසක් රටට කරලා තියනවා. එත් ඔබතුමා වටේ ඉන්න හොරු ටික අයින්කරලා, ඇමති මණ්ඩලය අඩුකරලා, මුල්‍ය කළමනාකරණය පිලිබන්ධව සැලකිලිමත් වුනොත් ඉදිරියේදී රට මිට වඩා ඉදිරියට යාවි. (අ)
රටේ බහුතරයකගේ බලාපොරොත්තුව ඔබතුමායි (නි)
කට්ටියක් කියනවා රටේ යපාලනයක් නැහැ රට දූෂිතවෙලා කියලා. තව කට්ටියක් කියනවා මහින්ද මහතා අපිට, අපි මහින්ද මහත්තයාට කියලා. නමුත් මේ කවුරුවත් කියන්නේ නැහැ රටේ නීතිය තිබෙනවා, රටේ යහපාලනය තිබෙනවා කියලා. ඔන්න ඔතනයි වෙනස. (නි)
අපි පිළිගන්නවා ඔබතරම් වෙනත් සුදුස්සෙක් නැහැ කියලා (නි)
"මේවාට ප්‍රතිචාර දක්වන්න මම නම් අකමැතියි " කියන කෙනාට එච්චරවත් ආත්ම ශක්තියක් නැද්ද? (නි)
කවුරු මොනවා කිවුවත් කෘතගුණ දන්නා මිනිස්සු ඔබ දිනවනවා (නි)
යුද්ධය අවසන් කළ එක ගැන පමණක් කතාකරනවා කියලා සමහරු කියනවා. මම අහන්නේ ඉතින් ඒක විතරක් තිබුණම මදිද? යුද්ධය අවසන් කළ එක කොච්චර හොඳද? අද වෙනකොටත් යුද්ධය තිබුණා නම් ඔය කියවන උදවිය කියන්නේ මොනවාද කියලත් බලාගන්න තිබුණා (නි)
ඔබතුමාගේ ආත්ම විශ්වාසය මම ඉහළින් අගයකරනවා (නි)
සිංහලයාගේ විශ්වාසය දිනාගැනීමයි වඩා වැදගත් වන්නේ (නි)
මේ නොබෙදුන රට ඉදිරියටත් රැකගැනීමට නම් ජනපතිතුමාට නැවත වරක් බලය ලබාදිය යුතුයි (නි)
රටේ අපරාධ අඩුකර,සමනය ජනතාවට ජීවත්විය හැකි විදිහට බඩු මිල අඩු කරන්න. රටේ විනය හොඳටම පිරිහිලා තියෙන්නේ. අපේ ඡන්දය අපි දෙන්නම්. ඉන්ධන මිල 50%, විදුලිය නැවත වතාවක් 20%කින් අඩු කර දෙන්න. (නි)
අපි වෙනසකටත් එක්ක මෙදාපාර වෙනසක් කරමු (නි)
පියල් මහත්තයෝ, නවීන දුම්රිය ගැන නම් කතා එපා. ජපානයේ හෝ ජර්මනියේ දුම්රියක ගිහින් බලන්න. නැත්නම් රුසියාවේ මෙට්‍රෝ එකේ යන්න. වෙනස පෙනේවි. දැන් චීනයේත් දුම්රිය ධාවනය දියුණුයි. කෝ රටේ නීතිය? සියල්ල වල්වැදිලා. මේක අහෝසි කළයුතු බව මගේ අදහසයි. (නි)
ඇත්ත තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි. (නි)
පළමුව වියයුත්තේ රටේ නීතිය ස්ථාපිත කිරීමයි. ඒ ගැන කතා කරන්න හිතන කෙනෙක් තවම අදහසක් දා නැත. (නි)
පොදු අපේක්ෂකයා ඔබතමයි (නි)
අපි බලාපොරොත්තු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රකින, සැබෑ ලෙසම එය රැකියහැකි නායකයෙක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මිනුම් දන්ඩ ලෙස අපි සළකන්නේ මේ රටේ උත්තරීතර නීතියයි.මේ රටේ අද එහි තත්වය අප හැමෝම දන්නවා. මේ වන විට එ.ජා.ප.ය හැර අපිට නම් වෙන විසඳුමක් නොමැත. (නි)
දිනීම නොවෙයි වැදගත් වෙන්නේ දිනන විදියයි. (නි)
ඔබතුමා අදත් හෙටත් අපේ පොදු අපේක්ෂකයා තමයි (නි)
ජයවේවා! (නි)
ඔබතුමා මේ සිරිලක රජුය. එය ඔබට හිමියි (නි)
අපේ රටේ මිනිසුන්ට ඉක්මනින් මුල අමතක වීම තමයි දුක. කව්රු මොනවා කීවත් නැවතත් ඔබ තුමා තමයි (නදී)
කේ. පෙරේරා, ඔබ නම් ක්‍රීඩාව ගැන මොකුත් දන්නේ නැහැ. නැත්නම් මෙහෙම කතාවක් කියයිද ? (නදී)
නීතියක් නැති නම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. දැන් මැතිවරණ පවත්වන විදියට වෙන කෙනෙකුට දිනන්න බැහැ. (නදී)
සියලු ජනතාව එක සිතින් ඔබට ජය පතමු (නි)
ජීවිතේ අවුරුදු දෙසීයක් විතර දිගනම් මින්නිස්සු මොනවා නොකරයිද? (අ)
කුමාරි ඔබ ලියු අදහසට මම කැමතියි. (නදී)
කට්ටිය හිතේ අමාරුවට මරු කියවනවා..එතකොට .මේ රටේ බහුතර බලයක් හිමි අදටත් ඕනෑම මැතිවරණයකින් තරගයක් නැතුව බහුතරය ගන්න පුළුවන් මේ රජය වෙනුවෙන් එසැන පුවත් වල. ඉන්නේ බන්දුල පෙරේරා පමණයි..අනිත් හැමෝගෙම නම් වලින් අදහස් දාන්නේ එයා.. මම හිතුවේ ඉන්නේ එක පිස්සයි කියල.. දැන් පේනවා පිස්සෝ ඊට වඩා ඉන්නවා කියල.. බන්දුල පෙරේරා තමන්ගේ අදහස දානවා මිසක් නපුන්සක වැඩ කරන්නේ නැහැ දර්ශන මහත්තයෝ..ඔය අමාරුවට හොද බේතක්නම් තියෙනවා..හැබැයි ඉස්පිරිතාල වලවත් පාමයි වලවත් නෙමෙයි.. (අ)
"බාගෙන කන්න තියන වල ඉහාගෙන කන්න හදන අය" ට වෙන දේ ගැන ඔබතුමා තුමා අපට වැඩිය හොඳින් දන්නවා ඇති නේ? ජනාදි පති තුමා තුන්වන වතාවෙත් දිනපුවාම අපේ රටට මේ තියන කසිකබල් නම වෙනුවට "මිහින්මාරය" යන නම දැමීම ඉතාම සුදුසු යයි අහිංසක මම යෝජනා කරමි.(අ)
රට සංවර්ධනය කරා කීවට මිනිස්සු හරිම දුක්ඛිත ජීවිතයක් ගෙවන්නේ.මොනව හැදුනත් වැඩක් නැ මිනිස්සුන්ට කන්න නැත්නම්. හාල් පොල් ටික විතරක් හරි රජයට පාඩු පිට දෙනවනම් මනාපයක් දෙන්න කව්රුත් තව පාරක් හිතයි. අපි රැවටෙනවා විතරමයි වෙන්නේ බලපුලුවන් කාරයෝ රජකරන රටක් අපිට තවත් එපා..(අ).
පොදු අපේක්ෂකයාගේ වගකීමත් ඉටු කරාවිද?(හේ)
ඔබට ජයම වේවා ! රටට හෙටක් උදාවේවා විදායක ජනාධිපති ක්‍රමය ඔබ යන්නට පෙර ඉවත් කරන්න ශක්තිය ලැබේවා ................චිරන් ජයතු ! (අ)
පහනක් නිවෙන්න ළඟ වුනාම පහනේ දැල්ල දගලනවා වැඩියි.(හේ)
සාමය නීතිය රජක්කරවන ලොවකට අපි කැමතියි.(හේ)
ඡන්දය ආපූවාම මහජනයා හොද තීරණයක් ගනීවී.(හේ)
මට දැන් මේ අදහස් බැලුවම තේරුනා. ,මෙතන කවුරු හරි එකම කෙනෙක් පුවත් තීරයට හැම තිස්සෙම නොලියන අයගේ නම් වලින් අදහස් ලියලා. මේක හරිම කැත වැඩක්. දේශපාලන අදහස් පුදගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. කශේරුකාවක් වෙනුවට අං දෙකක් තිබෙන කෙනෙක් ගේ වැඩක්. (අ)
අපේ විශ්‍රාම වැටුප් විෂමතාවය හදල දෙනවා කියල ඉස්සෙල්ල ජනපතිවරණ දෙකේදීම අපිව ගෙන්නලම කිව්වා. කලේ නැහැ. අයවැයෙන් දෙන්න තීරණය කරපු සොච්චමෙන් භාගයයි දුන්නේ. ඉතුරු ටික දුන්නේ නැහැ. ආයෙමත් රැවටෙන්නේ නැහැ. (නදී)
මගේ එකම යෝජනාව යු. එන්. පි එකෙන් කෙනෙක් තරග කළ යුතුයි.අනිත් පක්ෂ කරන්න යන්නේ ඡන්ද කඩන එක විතරයි.ඉතිහාසය දෙස බලන කල, රටේ ප්‍රදාන පක්ෂ දෙක තමයි මෙතෙක් කල් බලය ලබාගෙන ඇත්තේ.කව්රු දිනයිද කියාලා මා නොදනිමි.හැබයි පරදින අපේක්ෂකයන් නම් මා දනිමි.ඔබත් එය දන්නවා.(අ)
ඔබ තුමා කවදත් අපේ නායකයා. ඔබ තුමා රට එක් සේසත් කළා. අපි අද නිදහසේ ජිවත් වෙනවා. (අ)
අනිච්චාවත සංඛාරා !!!!!! (අ)
ඔබ තුමාට පැහැදිලිව තරගයක් නැහැ..ඔබ තුමා තෙවන වරටත් මේ රටේ ජනපති බව අපිට විශ්වාසයි.. ඒ වුණත් ඔබ තුමා ඔය වටේ ඉන්න පෙරේතයෝ කුම්භාණ්ඩයෝ වැලේ වැල් නැතුව ඔබ තුමාගේ හෙවනැල්ලේ හැංගිලා පම්පෝරි ගහන පෙඩරල් පප්පෝ හොරු දුෂකයෝ ,අඟේ ඉදන් කණ කන එව්වෝ එලවල මහා මැතිවරණයේදී සන්ධානය සුද්ධ පවිත්‍ර කරලා ගත්තේ නැත්නම් ඔබ තුමාට ඉදිරිය ගොඩක් දුෂ්කර වේවි.ඒ සංගායනාව නොවුනොත් අපිටත් හැමදාම ඔබතුමාට කළගුණ සලකන්න බැරිවේවි..(අ)
හොදින් හෝ නරකින් ගන්නවා කියල දුන්න ඉගියක් , ප්‍රජත්රන්ත්‍රවාදයට අබසරනයි ,,, බලය නැතුව මෙයාට ලංකාවෙනම් ඉන්න වෙන එකක් නැහැ (අ)
"බමුණු ආරච්චි මහත්තයෝ නීතිය නොතිබුනේ මහින්ද මහත්තය එන්න කලින්." නීතිය බල්ලට ගියේ ඊට පස්සේ. " දැනට තියෙන තත්ත්වේ අපට නම් හොඳටම ඇති. පන බේරාගෙන දරුවොත් එක්ක ජිවත් වෙන්න." ඔව් ඔව් ඔබල කම්මලේ බල්ලාගේ තත්වයට ගිහිල්ල "ඔය ගොල්ල වෙන රටවල හිටියට අපි තමයි මෙහෙ දුක් වින්දේ නීතියක් තිබුනේ නැති රටේ. " එහෙනම් ඉතින් ඉතුරු කාලෙත් විඳවන්න. (අ)
නිරෝෂන් ගේ අදහසට මමත් එකගවෙනවා(අ)
අහෝ ! මෙයද බලතන්හාවේම කොටසක් නේද ? (අ)
මෙයා ආවත් එකයි එයාල ආවත් එකයි වෙනසකට වෙන්නේ පාට මාරු වෙන එක පමනයි .වැඩිම වුනොත් අලුත් මැරවර කල්ලි ටිකකුයි හොරු ටිකකුයි එයි . එච්චරයි වෙනසකට වෙන්නේ ? ඔය දැන් කියන බයිලා ආවට පසුව කාටත් අමතකයි . අපේ සිංහල අයට මතක තියෙන්නේ වැඩිම වුණොත් දවස් තුනයි ? අපේ අය දන්නේ දිනන පැත්ත හොදයි කියල හුරේ දාන්න පමණයි ..(අ)
ඇමති වරැ ඔක්කොම හොරැ - ඔබ තුමා නම් හොදයි - මම මේ පාර දෙන්නේ නැ අයි දන්නවාද - හොරා කන එක නවත්තපු නැති නිසා - විපක්ෂයේ පොල් පිත්තකට හරි දෙනවා (අ)
ඔබට ජය ! ඔබ සහ ගෝඨාභය නොසිටියානම් අප රට දෙකඩවෙලා. කවුරු මොනවා කීවත් අද අපි සැවොම නිදහසේ ඉන්නවා, නිදහසේ ගමන් බිමන් යනවා. එක තමා ඇත්ත. (අ)
මහින්ද අනිවාර්යයෙන්ම දිනනවා.කිසිම තරඟයක් නෑ (අ)
කාලගුණ නොදත් මිනිසුන් මොන අදහස් පල කලත් ඔබට තරගයක් නැහැ.ෆේස්බුක් ජනාධිපතිවරු ඕන තරම් සිටීවි.(අ)
මට එකපාරටම මතක් වුනේ ඊජිප්තුවේ සහ ලිබියාවේ නායකයන්. (නදී)
අපි දන්නවා රටේ සබැ තත්ත්වය අපිට හරියට වැටුපක් නැහැ බඩු මිල නහිනවා කෙන්තියනවට වැඩිය ඉස්සරහින් . කොහොම වෙතත් තර්ජනයකුත් දාගෙන තමයි ඡන්දෙට එන්න හදන්නේ අපි අහිංසකයි ඡන්දෙදි අපේ කතිරේ හින්ද දැන් අපි නියම වැඩ කිඩ පෙන්නන්න පුළුවන් ජනතාවි හැමෝම අපි තීරණය කරන්නම් මේද පාර මොකද කරන්න ඕනේ කියල (අ)
ඔබ තුමා දිනනවා එක ඉර හඳ වගේ විශ්වාසයි. එත් ඇමති මණ්ඩලය අඩු කරලා. රට කරන්නකෝ. මේ රටේ කෝටි 17ක් ඉන්නවා ඇමති මණ්ඩලය 30යි. අපේ රටේ කෝටි 2යි. ඇමති මණ්ඩලය 90ක්. යු එන පි එකෙන් කව්රු ආවත් නිකන් බොරු වැඩක්. රට හදනවා කියල මොකක් කියන්නද? ණය අඩුකරනවා කියල, තව ණය ටිකක් අරන් කිසිම දෙයක් කරන්නේ නැතුව හොඳට සැප අරන්, ඉතුරුවෙලා තියන දෙපාර්තමේන්තු සංස්ථා ටික විකුණලා යයි අපහු. ඔබ තුමා මේ ගැන හිතල වැරදි හදාගන්න ඉක්මනට. (අ)
ඕනෑම හොඳ හෝ නරක දෙයක මතකය අපේ අයට තියෙන්නේ හරිම ටික කාලයයි.හරි ඉක්මනින් හැම දේම අතීතෙට දමල අමතක කරනවා.පක්ෂ පාට පැත්තක තියල ඔය ජනපතිවරණයට ඉල්ලන අයගේ නම් ලිස්ට් එක බැලුවම මහින්ද මහත්තයට වඩා සුදුසු කෙනෙක් ඉදිවී කියල මම හිතන් නැහැ.එක දෙයක් මට පැහැදිලියි. කොයි ආණ්ඩුව ආවත් අපේ ඇත සෙලෙවුවොත් කටත් සෙලවෙයි. (අ)
බන්දුල පෙරේරා : ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනේ. නමුත් මම හිතන් නැ මෙතුමා ඇහෙම කරයි කියල. මෙතුමාට ඡන්දෙ දෙන හැමෝම එහෙම හිතුවට රටේ කරුමෙට මෙතුමාට එක තේරෙන් නැ. (අ)
මහින්ද පැරදුනොත් රටවල් 3 (අ)
තමන් ජනාධිපතිතුමාට සුභ පතනවා නම් තමන්ට ආවේණික නමකින් සුභ පතන්න. අනුන්ගේ නම් වලින් මෙතන ජයඝෝෂා පවත්වන්න එපා. (නි)
මම නම් හිතන්නේ රටේ ජනතාව සැබෑ වෙනසක් වෙනුවෙන් දැන් ඔය පක්ෂ දෙකම පරද්දලා අලුත් වැඩපිළිවෙලකට රට ගමන් කරවන්න ඕනි...ජනතාවට ජයවේවා. (අ)
බන්දුල, මගේ මනාපය ඔබටයි. (නි)
බන්දුල කියන එතුමාගේ හෙවනැල්ලේ එල්ලිලා ඉන්න වුන් එතුමාගේම වුවමනාවට එන්න වුන්නේ...බලල මැරුණම මැක්කොත් මැරෙන බව බන්දුල පෙරේරා අහල නැද්ද? මක්කෙක් දෙන්නෙක් ඊළඟ බල්ලාගේ ඇඟේ එල්ලෙයි....හැබැයි මේද සැරේනම් මුහුදට තමා පනින්න වෙන්නේ...මොකද ළඟ ඉන්න එවුන්ම පස්සෙන් පන්නනවා ඒකාන්තයි. (අ)
අශෝක, තව පොඩ්ඩක් ඉවසන්න. (නි)
ඕකට තමයි කියන්නේ බල තණ්හාව කියල රජ කම් කලත් කළකම් පඩිසන් දෙනවා. (අ)
කට්ටිය මොනවා කීවත් ඔබතුමා පරද්දන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි ඉඩ තියන්නෙත් නැහැ. මිනිස්සු නිදහසේ ජීවත් වන්නේ ජනාධිපතිතුමා නිසායි. ඔබ තුමා තමයි අපේ රජතුමා. අපට මුල අමතක නෑ. ඔබ තුමාට රටේ ජනතාව දසා ණයගැතියි (අ)
හොදින් හෝ නරකින් ගන්නවා කියල දුන්න ඉඟියක්, ප්‍රජාත්‍රන්තවාදයට මොනවා වෙයිද (අ)
බන්දුල පෙරේරා මේ පාර ඔයාල හිතන දේවල් වෙන්නේ නෑ, ටිකක් කල් යාවි, හීනෙන් තමා මේපාර දින්නන්නේ, අන්න දැන් ඔයාලගේ පක්සේ හොරුටික බදු මුට්ටු පොදිබදිනවලු පැරදුන ගමන් පැනල යන්ඩ. (අ)
අනුර තමයි පොදු අපේක්ෂකයා (අ)
කමක් නෑ යුද්දෙ දිනුවනෙ. (අ)
තණ්හාව ජායති සෝකෝ නිමලෝ !! (අ)
ජයලලිතා! ඔබට වුණදේ අපේ එක්කෙනාටත් වේවිද ? (අ)
ඔබ හැර අපටා.............නැත .........අන්සරනා............ (අ)
නිරෝෂාන් මහත්තයෝ.. හොදින් හෝ නරකින් බලය ගන්න හදන්නේ ජන කැමැත්තක් නැති නායකයෝ.. අපේ ජනාධිපතිතුමාට එහෙම අවශ්‍යතාවයක් නැහැ..මේ දේශපාලන වටපිටාව ගැන අවබෝධයක් තියෙන ඕන කෙනෙක් දන්නවා මෙතුමාගේ අහලකින්වත් යන්න කෙනෙක් අද රටේ නැහැ කියල.. මේ රටේ බහුතර ජනතාව එතුමා වටේ එදා වගේම අදත් ඉන්නවා..බැරි කම කියන්න මහත්තයෝ.. නිකන් අර ජේ වී පි අයියල වගේ පෝස්ටර් ගගහ ජනාධිපති තුමාට බයේ නපුංසකයෝ වගේ හැසිරෙන්නේ නැතුව.(අ)
බමුණු ආරච්චි මහත්තයෝ නිතිය නොතිබුනේ මහින්ද මහත්තය එන්න කලින්. දැනට තියෙන තත්ත්වේ අපට නම් හොඳටම ඇති. පන බේරාගෙන දරුවොත් එක්ක ජිවත් වෙන්න. ඔය ගොල්ල වෙන රටවල හිටියට අපි තමයි මෙහෙ දුක් වින්දේ නීතියක් තිබුනේ නැති රටේ. (අ)
ඔබ තුම නියම වෙලාවට මැතිවරණ පවත්වල මහත්මයෙක් වගෙ රට පලනය කරල පොරොන්දු වුණ විදියට විධායක ජනාධිපති ක්‍රමය නැති කරල වසර 12 කින් වලව්වට ගියා නම් මොන තරම් ලස්සනද (අ)
අම්මෝ තව අවුරුදු 6ක් ඉන්නවෙවිද ?
මම නම් කැමති යු ඇම් පි ආණ්ඩුවක් එනවට ! ඔබතුමාට ගෙදර යන්න කලේ හරි ආයේ ආවත් මේ සිදුවනේ අහන්න වෙන්නේ. (අ)
ඔබතුමාට. අපි තවමත්.අදරකරනවා.එහෙත් වටේට ඉන්න හොරිකඩයෝ නම් .අරහන්. (අ)
අපි ඔබ සමඟ ඕනෑම දෙයකට ඉන්නවා (නි)
ජනතාව බුද්දිමත් වෙන්න ඕනි දැන්. (අ)
මගේ අදහස ඔබ තුමා මේ පාර පරදිනවා කියන එකයි. රට විනාශ වෙලා තිබෙන බව මගේ හැගීමයි. රට බේරා ගත හැක්කේ අවංක නායකයකුට පමණයි. (අ)
අනේ ඔව් මෙය බබා. කිසිම දෙයක් දන්නේ නැහැ රටේ වෙන්නේ මොනවද කියල. වටේම ඉන්නේ හොරු. (අ)
බන්දුල පෙරේරා, කේන්ති ගන්න එපා. (නි)
ඔක්කොම දෙන්නේ බොරු පොරොන්න්දු ජනතාව මුළා කරනවා මේ ආණ්ඩුව හොදයි කඩේ යන හොරුන්ට දැන් අපි වේල පිරිමැහ ගන්න්නෙත් හරිම අමාරුවෙන් ඒ මදිවට තව ඉන්න හදන්නේ පිස්සු නැත්නම් හොදයි. (අ)
අනිත් අය හුලන් පුම්බපු බැලුන් බෝල , මහින්ද මහතාණෙනි ඔබට සදා ජය , අපි ලෝකේ කොහෙහිටියත් ඔබ සහ ඔබ පක්ෂයේ ජය පතන්නේ හද බැදී සන්තෝසයෙන් . චිරන් ජයතු! (අ)
අපේ බන්දුල පෙරේරා මහත්මයා ටික ටික තේරුම් ගන්නවා වගේ. පෙරේතයෝ,හොරු ,දුෂකයෝ තව කොපමණ වචනද?තව පිරිසිදු කලයුතු දේවල්.අපේ ප්‍රශ්නයත් මේකම තමයි.(අ)
මනොජ් යු.එන්. පී ආණ්ඩුවකට කැමති ඇයි.(අ)
කුමාරි කියන දේ තමයි හරිම ඇත්ත. (අ)
රට ඉන්න අපට කිසිම සහනයක් දුන් නැති ඔබ තුමා ගැන තවත් විශ්වාස කරන්නේ කොහොමද ..? රට ඉන්න අපට වාහනයක් ගෙන්න පහසුකම් දෙනවා කිව කෝ ..? ඒවා කරාද..? (අ)
අතුල කුමාරට සහ සමරනායකට, මැච් එක දිනුවේ කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩනයෝ දක්ෂ ලෙස ක්‍රීඩා කරපු නිසා. පුහුණුකරු හෝ තේරුම් කමිටුව උස්සන්න හදන්න එපා හොදේ! එයාලට තරඟයේ විරය වෙන්න බැහැනේ කවදාවත්ම.(අ)
30 වසරක් තිබුන යුද්ධය ඉවර කල , රටේම පාරවල් හදපු , ගුවන් තොටුපල , වරාය හදපු , පාසල් හදපු , කොලඹ හදපු , නවීන පන්නයේ දුම්රිය , බස් ගෙනාපු , ලෝකයේ කිසිම රටකට අප රට පාවා නොදුන් නායකයාණෙනි ! ගුණමකුවන් කෙලෙස අදහස් යොමුකලද ......... ඔබගේ ජය වෙනුවෙන් කාලගුණ සලකන බොහෝ මිනිසුන් අප මව් බිමේ සිටිති .(අ).........
තාම මේ අයට දුන්නේ කරත අල කීපයි. බත් කන හරක්ට පෙන්නේ හෙට විතරි. විදුලිය, පෙට්‍රල්, ගෑස් අඩුකළ විතරි ඇස නිලංකාර වෙලා. ඉස්සරහට කිරිපිටි වගේ නෙනගහන්න බදු ගහපු දේවල් කීපයක් අඩුකලම මේ අය ඔලුවෙන් හිටගෙන මව තව සැරයක් පත්කරනවා. ලැහැස්තිවෙලා ඉන්න පොලිත් එක්ක ගෙවන්න. පුලුවන්නම් අඩුකරපු ගෑස් පෙට්‍රල් එකතුකරලා තියාගනිල්ලා චන්දෙන් පස්සේ වසර 5 කට සැහෙන්න. (අ)
ඔබතුම රටට සේවයක් කළ බව අපි දන්නවා. අපිට හොඳ ආර්ථිකයක් දෙන්න පුළුවන් කාටද කියලා අපි දන්නවා. ඔබ කළ සේවයට ගොඩක් ස්තුතියි. ආර්ථිකය ගොඩගන්න පුළුවන් කෙනෙකුට රට බාරදෙන එක අප සැමගේ වගකීමයි. (නි)
ජයවේවා ජනපතිතුමනි! අපේ පැතුම ඔබතුමායි (නි)
ශ්රී ලංකාවේ අනාගතය ඇත්තේ ඔබ අතයි (නි)
රට නරක හීන දකින අයත් හේතුවක් නැතුව මේ වාගේ කෑ ගහනවා. ගඩාෆිත් මේ හා සමාන දේවල් අන්තිම දිනවල කියුවා කෙරුවා. (අ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔබයි අපේ පොදු අපේක්ෂක (නි)
සමහරුන්ට මුල අමතක එක ගැන මට නම් හරිම කණගාටුයි (නි)
දැන් සමහරු රට විනාශවෙලා කියන්නේ මේ රට තිබුණ තත්ත්වය අමතකවෙලාද? (නි)
බලන්න මගේ නමින් කවුදෝ ප්‍රතිචාර ලියලා . මම දැන් අවුරුදු 3ක් ඉඳලා මේ තීරයට අදහස් ලියන්නේ. ප්‍රතිපත්තියක් විදියට දේශපාලන පුවත් වලට මම අදහස් ලියන්නේ නැහැ. දැන් බලන්න වෙන පටලැවිල්ල. මම කිසිම දේශපාලන පක්ෂයකට කත් අදින කෙනෙක් නෙවෙයි. (නදී)
ලංකාව ආසියාවේ ආශ්චර්යයට ගෙනයන්න නම් ඔබ සිටිය යුතුමයි (නි)
ඔබතුමා දිනුවේ නැත්නම් රටම අරාජික වේවි (නි)
බන්දුලට මොකද දන්නෙ නැහැ බයහිතිලා තියෙන්නේ? (නි)
බන්දුල පෙරේරා ගැන ආඩම්බරයි (නි)
ඉදිරියේදී අපි බලමු රටේ වෙන පැහැදිලි වෙනස...... (නි)
මැතිවරණයට කලින් එල්ලුම් ගහ ක්‍රියාත්මක කළොත්, වසර 50 ක් දක්වා නොකඩවා ක්‍රියාත්මක වනපරිදි, කොයිතරම් හොඳද? අපි ඔබව දිනවනවා. ඒ ලෝකයේ කිසිම නායකයකු මේ වනතුරු නොලබපු වාර්තාවකින්. ගිනස් පොතටත් එය ඇතුළත් වේවි....!!! (නි)
අපිත් ඔබතුමාට ඡන්දේ දුන්නා. අපි යුද්ධ නොකළත් මොනවාමහරි කැපකිරීම් කර තියනවා. (නි)
ඔබ තුමා සිංහල ජාතියත් බුදු දහමත් රකින්න වැඩ කරනවානම් ඔබතුමා නැවත අපේ ජනාධිපති නැත්නම් අපේ ඡන්ද නැත. පොඩ්ඩක් හිතන්න එදා ඉතිහාසේ දුටු ගැමුණු වැනි මහා උත්තමයන් වැඩ කරපු විදිය එකම නීතියක් ගෙන්න ශ්‍රී ලංකාවට බොදු බලසේනාවේ නීති මාලාවට කැමති වෙන්න ජනාදි පති තුමනි නැත්නම් මේ රට අපට නැති වේවි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරේ අපි ගැන විශ්වාස කරලා ඒ විශ්වාසය රකින්න ඔබ තුමාට තෙරුවන් සරණයි...(අ)
ඔබ තුමා නැවත පත් වුනොත් හොඳයි එත් දුප්පතාගේ සොච්චම අරගෙන බලවත්තු සැප පුටුවල තියන එකයි හොද නැත්තේ නියගෙට වැස්සට සහනාදාරයක් දුන්නට මදි .අපේ ඡන්දෙන් ඔබලා රජ වෙනවා මහජනයා සුසුම් හෙලනවා .දෙන්නම් කියපු මොනවත් නෑ. (අ)
ජනාධිපති තුමනි, ඔබ පමනයි රටේ පොදු අපේක්ෂකයා, ඔබ එන්න ඒ වගේම ඔබ දිනනවා; හැබයි දිනලා රජයේ ඉන්න දුෂිතයන් මැරයන් ශුද්ධකරලා රට යහ මගට නොගත්තොත්, ලිබියාවට වෙච්ච දේ තමා ලංකාවට වෙන්නේ. (අ)
මගේ නමින් කවුද ප්‍රතිචාර ලියලා. අවුරුදු 3 ක සිට මම මෙහි ප්‍රතිචාර ලියන්නේ. අනෙක මම ප්‍රතිපත්තියක් ලෙස දේශපාලන පුවත් වල ට අදහස් දක්වන්නේ නැහැ. ඒ නිසා මේක පටලවිල්ලකට මුලක්. (අ)
ජනාධිපතිවරණයක් පිළිබදව ජනමත විචාරණයක් පැවැත්වුවහොත් බහුතරයක් කියාවි ජනාධිපතිවරණයක් අනවශ්‍ය බව. ඒ තරමට ඔබතුමා තවම ජනප්‍රියයි. හැබැයි ඔය වටේ ඉන්න මැට්ටෝ ටික නම් අයින් කරන්න වෙනවා.(අ)
මගේ නමිනුත් කවුද ලියලා. ඇත්තටම වෙන නමක් හොයාගන්න බැරිද මෙතන කාලයක ඉඳල ලියන අයගේ නම් වලින් ලියන්නේ. (නදී)
මිනිසුන්ගේ අවශ්‍යම දේවල්වලට සහනයක් දෙන්ට මරණ සහතික උප්පැන්න සහතික .දිව්රුම්පෙස්සම් මුද්දර ගාස්තු අඩුකරන්නට කොච්චර වැඩිකරලා තියෙනවද කියල දන්නවද .පිටරට ඉන්න අපේ අයට ඩුවෙල් සිටිසන් දෙන එකත් නැවත්තුව නේද එක නැවත දෙන්ට .ඕව ගැන හිතුවොත් ඔබතුමා හැමදාම අපේ රටේ නායකයා තමා ඔබට ජය! (අ)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා කියන ඕන කෙනකුට මම ඡන්දය දෙනවා. මම හිතනවා ඔබ තුමාට ඒ පොරොන්දුව දෙන්න පුළුවන් කියලා (නදී)
මම නම් හදවතින්ම සුබ පතනවා (නි)
හොරු ටික අයින් කරලා , දුෂණය නැති කරලා ඇමති මණ්ඩලය අඩු කරන හීනය ඉටු වෙයි කියල හිතන එක තමා ලොකුම මෝඩකම. (නදී)