මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස නිල වශයෙන් දැනුම් දීමට අද දින කොළඹ නව නගර ශාලාවට පැමිණි අවස්ථාවේ සිය සතුට ප්‍රකාශ කරමින් පාක්ෂිකයෝ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැංවූහ.
සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් රියෙන් බැස ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශාලාව ඇතුළට යාමට පෙර ඔවුන් වටා එකතුවූ විවිධ පාක්ෂිකයන් සහ මාධ්‍යවේදීන් හේතුවෙන් ඔවුනට ඇතුළුවීම සඳහා බොහෝ වේලාවක් ගත කිරීමට සිදුවිය.
ජය ඝෝෂා හඬ සහ රතිඤ්ඤා හඩින් අවට ගිගුම් දෙන්නට වූ අතර ඔවුනට සහාය පළ කරමින් අති විශාල පිරිසක් එම ස්ථානයට එකතුවී සිටියහ.
ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර මාධ්‍යවේදීන් නව පොදු අපේක්ෂකයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න ඉදිරිපත් කළ අතර ඒවාට කෙටියෙන් පිළිතුරු දී ඉදිරියේදී ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සමග වැඩිදුර කාරණා සඳහන් කරන බවද සිරිසේන මහතා කීවේය.
ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේදීද සිය පාක්ෂිකයන් සමග සතුට බෙදා ගැනීමට බොහෝ වේලාවක් ගත කිරීමට ඔවුනට සිදුවිය. විශාල තදබදයක්ද එම ස්ථානය අවට ඇතිවී තිබෙනු දැකිය හැකිවූ අතර අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පැමිණි වාහන පවා ඉවතට ගැනීමට නොහැකිව මාර්ගය අවහිරවී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඉස්සරට වඩා අපේ උදවිය ගොඩක් හිතනවා. (ර)
මෛත්‍රීපාල සිරිසේන ගැමි ජනතාව විසින් පිළිගනු ඇත. (ර)
මම හූනා කියන්න වගේ කියන්නද .? මෙයාට ලැබෙන්නේ පොළොන්නරුවේ ඡන්ද ටික පමණයි ..! (නදී)
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡයවේවා.(හේ)
මීට කලිනුත් ඔහොම ලොකුවට පිළිගත්තු උදවිය බලයට ඇවිල්ල ජනතාවගේ ඔලුවට ඇත හෝදපු එක තමා කෙරුවේ. (ර)
මෛත්‍රි පොදු අපෙක්‍ෂකයා වීම හරහා... අාණ්ඩුව අත්වන අවාසි.. 1. පැහැදිලිවම නිදහස් පක්‍ෂ් සැලකියයුතු ඦන්ද පදනමක් කැඩී යාම. 2. ඒ සමඟ එ.ජා.ප. හා සුලු පක්‍ෂ වල ඦන්ද පදනමෙත් සහය ඔහුට ලැබීම. 3. මහින්ද මහතාගේ ජනපියත්වය අඩු නොවූවත් අාණ්ඩුව කෙරෙහි ජනතා අපසාදය වර්ධනය වීම හරහා, ජනතාව විකල්ප කෙරෙහි විශ්වාස තැබීමට පෙලඹීම. 4. පාවෙන ඦන්ද පදනමෙන් සැලකියයුතු පමාණයක් ඔහුට ලැබීම. මෛත්‍රි පොදු අපෙක්‍ෂකයා වීම හරහා... විපක්‍ෂයට අත්වන අවාසි.. 1. මෙහිදී නිදහස් පක්‍ෂ් ඦන්ද පදනමෙන් කැඩී යන්නේ උතුරු මැද මූලිකව වීම. අ/පුර, පො/රුව සාපේක්‍ෂව අඩු ජනගහනයක් නියෝජනය කිරීම. 2. බ/හිර, දකුණ නියෝජිතයකු පොදු අපෙක්‍ෂකයා වූයේ නම් එම වාසිය ලබා ගත හැකිවීම. 3. මෛත්‍රි මහතා ජනතාව අතර වීර චරිතයක් නොවීම. උදා. පොන්සේකා මහතා තරම් රට පුරා විහිදුනු චරිතයක් නොවීම. 4. හෙළ උරුමය වැනි පක්‍ෂ වලට සිහල බොදු ඦන්ද පදනමට මේ හරහා එතරම් බලපෑමක් කළ නොහැකිවීම. 5. හුදෙක් බහුතර ජනතාව අාණ්ඩුව කෙරෙහි ජනතා අපසාදයට මිස පමණක් මෛත්‍රි මහතා කෙරෙහි විශවාසය තැබීම. අපට අත්වන දෑ... 1. මෛත්‍රි මහතා දිනුවහොත් මෙතෙක් පැවතගෙන අා ආර්ථික පතිපක්ති බොහෝමයක් කනපිට හැරීම/ බෙදුම්වාදයට අවපීඩනය . අැතුලු බොහෝ දෑ... 2.මහින්ද මහතා දිනුවහොත් දැන් ජනතාව අත් විදින දෑ ගුනනය වී ලැබීම.. අවසානයේ.... කාරිය කෙරෙන තුරු කාගෙත්.රැවටිල්ල (අ)
කොස් ඇට බාන්න බලලෙක් හොයාගෙන.(හේ)
අවහිරය ඇතිවන්නේ දැන්ම නොවෙයි. ඉස්සරහට. මහජනයා ලඟට යනකොටයි.(නදී)
ඔබ තුමාවත් රැකියා නැති උපාදි දාරි අපි ගැන බලාවිද ? මහින්ද මහත්තයට නම් අපිව අමතක වෙලා වගේ. මේ වෙනකොට රැකියා ගත්ත අපේ සහෝදර උපාදිධාරී සමහරක් අයගේ පතුම නම් යලි රැකියා නොදේවා කියලා. (නදී)
මේක දිනන තරඟයක්. පවුල් ගහ බිම දාන්න ඔක්කෝම එකතු වෙමු. (ස)
මේවා රට කන විහිළු. කතිරයකින් බලයට එනපිනා ඡන්ද දිනන්න බැරි පිනාව අගමැති කරලා පිනා යන්න හදන පිමි. (අ)
මෛත්‍රිපාලට දිනන්න බැහැ. එකට හැම දේම කරල දැන් කියවනවා (නදී)
විපුල. ඔබ දන්නේ නැති දෙයක් කියන්නම්. සිරිසේනට දැන් උතුරු මැද හා පොළොන්නරුවේ කලින් තරම් ඡන්ද පදනමක් නැහැ. (අ)
මහත්තයෝ මේක හොදට මතක තියා ගන්න අපි අදහන බුදු දහම අනුව සහ ස්වභාදර්මයේ ක්‍රියාව අනුව අපි මුල මතක තියන් වැඩ කලොත් සහ අපි අද ඉන්න තත්වයට එන්න උදව් කල කෙනෙක් ඇත්නන් ඔහුට වරදක් කිරීමට හෝ වරදක් වෙන්නට සිතන්නවත් හොද නැත.එහෙම කොලොත් එය තමාටම ආපසු කැරකී එනු ඇත.(හේ)
ඔය කවුරුත් බලයට කැදවන්නේ රටේ පුරවැසියන්ගේ මනාපේ අමනාපෙ හින්දනේ..ඒ නිසා නිකන් ඉන්න ඒ මිනිසුන්ට කෑ කෝ ගහල පලක් නැහැ.(ම)
එදා සරත් ෆොන්සේකා මහතා අද මෛත්‍රිපාල මහතාට වඩා බලවත් බව ඔය සැම අමතක කරලා හැඩයි. (නදී)
රටේ ගොවි ජනතාවගේ සහල්ටික අඩුමුදලට පිල්ලිගහලා සහෝදරයෝ එක්ක බෙදාගත්තා කියලා දැනදැනම මේ අය පස්සේ යන මීහරක් ඉන්න රටක මේකත් කජ්ජක්ද? (නදී)
ඔය බන්දු බන්දුල කියන කෙනා ගෙවල් ගානෙ ගිහින් සමික්ෂණයක් කරලා විස්තර කියන්නේ. (නදී)
මම මගේ ෆ්බ් මිතුරන්ගෙන් ඇහුව කාටද කැමති කියල 94% my3 මහත්තයට (අ)