ජනාධිපති ධුරයට තේරී පත්වී හය මාසයක් යන්නට පෙර පාර්ලිමේන්තුවට බලතල පවරන, සියලු දෙනාටම පිළි ගත හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, පක්ෂ, ආගම්, කුල බේද නොතකා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට එකතු වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවත් සාධාරණ හෙටක් සඳහා සංවිධානයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
විපක්ෂ නායක රනිල් වික්‍රම සිංහ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, අසාද් සාලි මහත්වරු ඇතුළු පිරිසක් ද එම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
මාධ්‍ය සාකච්ඡාවේ දී දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නම් මොනවාමහරි වෙනවා. හැමදාමත් නත්තල් නැහැනේ. (නි)
අපිත් දත මැදගෙන ඉන්නේ ජනාධිපති ධූරය හය මාසෙන් අවසන් කරනතුරු! (නි)
1994 බලයට පත්වෙද්දී විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා කිවුවා නේද? මෙවරත් අපි එයාව විශ්වාස කරනවද? (නි)
මට නම් සෝභිත හාමුදුරුවෝ විතරයි ඔය කට්ටිය අතරින් විශ්වාස කරන්න පුලුවන් (නි)
ආත්මාර්ථකාමී වෙන්න එපා. අරයා තමයි ඕනෑ, මෙයා හරියන්නේ නැහැ කියන තමන්ගේ පක්ෂපාතිත්වය පොඩ්ඩකට පැත්තකට දාලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිය, යුක්තිය, සාධාරණය සැමට එක හා සමානව පැවතීම සඳහාවත් පැහැදිලි, ප්‍රායෝගික වැඩපිළිවෙළක් සහිත හැමෝටම එකඟවෙන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් දිනවමු. (නි)
කවුද කියලා තම කියලා නෑනේ.(හේ)
ගොඩක් හොද වැඩක්.. ජයවේවා.! (අ)
පොදු අපේක්ෂකයා ආවාට මිනිස්සු ඡන්දෙ දෙන කෙනෙක් විය යුතුයි. ඔය ජනතාව ප්‍රතික්ෂේප කල අය මොන නම දාගෙන ආවත් ජනතාව අන්දන්න දැන් බැහැ මොකද කොන්ඩේ කැපුවත් ජුවානිසා ජුවානිසාමයි කියලා මිනිස්සු දන්නවා. (අ)
මං ප්‍රාර්තනා කරනවා හරි කෙනෙක් තෝරගන්න ලැබේවා කියලා (දිල්)
හිතා ගන්න බෑ කවුරු එයිද කියලා.(හේ)
අනේ හාමුදුරුවනේ, ඔය පරණ අයම පමණද රටේ ඉන්නේ? මෙතෙක් කිසිම නිලයක නොසිටි හොඳ උගත් අලුත්ම කෙනෙක් හොයාගන්න ඇත්තෙම නැද්ද? හැමදෙයම අලුත් වියයුතුය (නි)
දැන්වත් රට හොරකන එක නවත්වන්ද එක්වෙමු (අ)
නීතිය සහ සදාචාරය සමග විව්‍යස්ථාව රකින කෙනෙක් මිසක් එක එක චින්තන රකින අය එවන්ඩ එපා. අපේ සල්ලි වලින් සංවර්ධනය කරලා අනිත් අයගේ නම් ගහ ගන්න එක විව්‍යස්ථා විරෝධී කරන්න. (අ)
සෝහිත හිමියනි, ඔබේ වෑයම නිෂ්ඵලයි. මහන්සි නොවී ආගමික වතාවත් කරගෙන ඉන්න (නදී)
ජුවානිසා ජුවානිසාම තමයි.. ඒත් මතක තියාගන්න ඕන විධායකයට එරෙහිව ඒ දවස්වල 80 ගණන් 90 ගනන් වලදි පාගමන් ගියේ කවුද කියලා... මේකෙ තියෙන වැදගත්කම තමයි ඒ දවස්වල හොද නැ දැනි හොදයි..(අ)
අද ඉඳල මහින්ද මහත්තයාට නින්ද යන එකක් නැහැ.
අර සමහරු තරඟයට එනවා කියලා හිතාගෙන මුදල් වියදම් කරගෙන අනෙක් අයට විරුද්ධව හැදූ ප්‍රචාරක වැඩසටහන් වලට මොකද වෙන්නේ බන්දුල අයියේ? (නි)
මේකේ තියන ෆොටෝ තුනේ ඔලු තුන එක කදකට සෙට්වෙලා ඉපදුනානම් අන්න මාරු රට කරන්ඩ (අ)
මේ අය ගොඩ දෙනෙක්ට මහින්ද ජනපති කෙරෙහි ඉරිසියාවක් වෛරයක් තියෙනවා. ඔය කට්ටිය අතරින් විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් හොයාගන්න නැහැ (නදී)
මට නම් වැදගත් වන්නේ විධායකය අහෝසි කරනවා කියන දේ නොව, ජනතාවගේ ජීවනබර මුදාලන කෙනෙක්, ක්‍රමයක් ලැබෙයිදෝ කියන එකයි. (නි)
අද පවතින යුද්ධය මේ ඡන්දයයි.(හේ)
පවතින දේශපාලන බලය යුද්ධය අවසන් කිරීමට සුදුසු වුනත්, අද පවතින වංචාව,දුෂණය සහ ගෝත්‍රවාදය අවසන් කිරීමට එය සුදුසු වී නොමැත. එම බලයම අද ක්‍රියාත්මක වන්නේ කුමකටද යන්න නැවත ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙත යා යුතු බව සිතන හැම පුරවැසියෙක්ම තේරුම් ගෙන ඇත. ගරු සෝභිත හිමියන්ගේ උත්සාහයට ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගරු කරන හැමගේ සහයෝගය ලැබෙනවා ඇත. ජයග්‍රහනය වෙතම යාමට පොදු අපේක්ෂකයා ගරු සෝභිත හිමියන් වීම අපේ ප්‍රර්ථනාවයි (නදී)
යහපත් හෙට දිනක් අපිට උදා වේවා. (ස)
ගියවර ජනාධිපාතිවරනේදී එකතුවෙලා හිටිය කට්ටියම තමයි..අරමුණුත් ඒකම තමයි..ප්‍රතිපලයත් ඒකම තමයි.(හේ).
කවුද?(හේ)
රටේ ජනතාවට තියෙන ආදරය තමයි.(හේ)
මෙහෙම මැතිවරණයක් දැක්කමයි.(හේ)
ඕක අලි බොරුවක් .මහින්දට තිබෙන විරුද්ද කම නිසා එකතුවූ පිරිස .විදායක අගමැති නිකන් ඉඳීවිද ?පාර්ලිමේන්තුව කියන එකම කරාවිද ? මේ ගැන බටහිරයන් සහ කොටි රංචුව ඉතා උනන්දුවෙන් බලන් ඉන්නවා . මහින්ද එලවනකම් .එන් ජී ඕ නඩයට මොලය පෑදේවා. (ස)
මහින්ද ජනපති තුමා මොකද එපා කියන්නේ. දුටුගැමුණු රජතුමාගෙන් පසුව මේ රට බේරාගත්තේ කව්ද? රට ගැන හිතන්න පාලනය තිබුණ කාලේ නොහිතපු අමුතු ජාතිආලය අපිට හොඳට තේරෙනවා.මැතිවරණ ප්‍රතිපල වලින් තේරුම් ගමු රටේ බලාපොරොත්තුව කව්ද කියල.ජාතියේ පියා ලෙස මහින්ද රාජපක්ෂ නාමය මගේ ළමයින් පවා දන්නවා. (දිල්)
මනාප ක්‍රමය නැති කරලා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම කොටින්ට ගියාම 1977 සෙල්ලම නැවත පටන්ගනීවී. විධායක ජනාධිපති ක්‍රමය නැති කරලා දැම්මම ඊළම හදන්න තවත් ලෙහෙසියි .රටට විනාශයක් වුනොත් ඔය අදුරදර්ශී දුෂ්ට පිරිස වගකියනවද ? (බ)
කවුරු උාවත් ජනපති මහින්ද රාජපක්ෂ පරද්දවන්න බෑ (දිල්)
ඔය කකුළු නඩය දඟලන්නේ හැලියේ වතුර නටන තුරු පමණි .(හේ)
සමහරු ඇස් පියාගෙන වගෙයි අදහස් දක්වා තිබෙන්නේ.... (නි)
අපිත් සූදානම්.... (නි)
මේ පාර නම් පැහැදිලි වෙනසක් වෙයි වගේ (නි)
අවුලක් නැහැ ..කැඳ හැලිය හරිලු...දැන් තියෙන්නේ බොන්න..බිලම බලන්නකෝ එහෙනම්..කැඳද තියෙන්නේ වතුරද කියල. වතුරවත් තිබුනොත් ලොකු දෙයක්.මනෝ ගනේෂන්ලා අසාද් සාලිලා වගේ අවස්ථාවාදී වාර්ගික දේශපාලකයොත් එක්ක හදන යහපත් සමාජය මොන වගේ වේවිද කියල මම මේ කල්පනා කරන්නේ...(බ)
කවුරු අවාත් ඔක්කොම එකයි.(හේ)
ඔබ වහන්සේගේ අදහස නම් හොඳයි.එත් ඔතන ඉන්නවද රටට වැඩක් කරයි කියලා හිතන්න පුළුවන් අය.(හේ)
ඔය හොරු එක්ක මොකුත් කරන්න බෑ.(හේ)
සූදානම් වුණාට වැඩක් නැහැ, අපි වෙන කවුරු ආවත් අපේ මනාපය දෙන්නේ නැහැ (නි)
අවදානමට පෙර සූදානම තමයි වැදගත්.... (නි)
ඔබගේ ව්‍යායාමය සාර්ථක වේවා! (නි)
ගියවර සෝභිත හාමදුරුවෝ ඍජුව හෝ වක්‍රව පෙනී සිටියේ යම් යම් බලවේගයන්ගේ ඉත්තෙක් වුනු සරත් ෆොන්සේකා මැතිෙතුමා වෙනුවෙන්..ඒ කියන්නේ සෝභිත හිමියන්ගේ මේ අරමුණ යහ පාලනය ඇතිකිරිමනම් නෙමෙයි කියන එකයි.නැත්නම් මොළේ කළදක් තියෙන කෙනෙක් සරත් පොන්සේකා මහත්තයගෙන් ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය පතන්නේ නැහැ..සුපිරි පැලැන්තියට බණ කියන සුපිරි හාමදුරුවරුන්ට තියෙන ප්‍රශ්න ගමේ ගොඩේ මිනිස්සුන්ට නැති බව සෝභිත හාමදුරුවන්ට මේ රටේ මිනිස්සු ගිය වතාවේ වගේම හොදින්ම අවබෝධ කරලා දේවි මේ වතාවෙත්..(බ)
පුද්ගලයා ගැන කල්පනා නොකර ප්‍රතිපත්ති ගැන කල්පනා කරලා ඡන්දේ දෙන ඡන්ද දායකයෝ බිහිවෙනකන් මේ රට හදන්න අමාරුයි.(හේ)
ජයවේවා ! ඇත්තටම විස්වාශ කෙනෙක් පොදු අපේක්ෂක කරන එක බොහෝ දෙනෙක් ගේ සහයෝගය ගන්ඩ පුළුවන් වෙනවා . හැමෝම කියනවා වගේ පරණ කෙනෙක් ට වඩා විශ්වාස අලුත් කෙනෙක් වාසිය වැඩිවෙයි. බොහෝ දෙනකුට සෙතක් වෙන එකක්නම් ජය සිකුරුයි.(අ)
රට බේරා ගන්න සියල්ල එක්වන්න. ආරක්ෂක ඇමති හෝ උප ඇමති ධුරය වරක් රට ගලවා ගත් ජනරාල් සරත් ෆොන්සේකාට දිය යුතු බව මගේ අදහසයි. (බ)
ඔය තැනට ගියාම කාටත් තණ්හාව මතුවෙනවා. බොරු නම් නිහාල් ගලප්පත්ති මන්ත්‍රීගෙන් අහල බලන්නකෝ චන්ද්‍රිකාට හෙහෙම වුනේ නැද්ද කියල. මෙතැන ප්‍රශ්නය තමයි අපේ සෝහිත හිමියන්ට ඒක අමතක වෙලාවගේ චන්ද්‍රිකාවත් එකතු කරගෙන මේ දේට යන එක. මට හිතෙන්නේ මේ අය ගොඩ දෙනෙක්ට මහින්ද ජනපති කෙරෙහි ඊරිසියාවක් වෛරයක් තිබෙන බවකි. (බ)
මෙම කාර්යයට එකම සුදුස්සා සෝභිත හාමුදුරුවෝ විතරයි. අනිත් කවුරු ආවත් එතනට ගියාට පස්සේ ඕක වෙනස් කරන්නේ නැහැ. ඉතිහාසයේ ඔහොම බොරු කියපු අයනේ අදත් රජ කරන්නේ සහ රජ කමට ට්‍රයි කරන්නේ.. (අ)
මහින්ද රාජපක්ෂ ජනපතිතුමාම තමයි (දිල්)
මේක ගෙනාපු දවසේ ඉදන් එන අය කිව්වේ අහෝසි කරනවා කියලා (දිල්)
දැන් ඔය පොදු අපේක්ෂක කතාන්දරයෙන් කාටද වාසි? ඒ වාසියත් මහින්ද මහත්තයටම තමා. කොහොමද වාසි වුණේ කියලා ඡන්දෙන් මහින්ද මහත්තයා දිනලා ජනාධිපති වුණාට පස්සේ කියන්න. එතකොට කාට කාටත් තේරේවි කතාව ඇත්ත කියලා (නි)
මේ පාර හොද තරගයක් තියෙයි.(හේ)
පාටලී චම්පික තමා හොදම පොදු අපේක්ෂක. (අ)
ඡන්ද ගන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් කරන්න.(හේ)
මේ උදාර කටයුත්තට අපි සහයෝගය දෙමු (නදී)
පොදු අපේක්ෂකයා කියන්නේ, පොදු මොන කරුණකටද? (නදී)
මහින්ද රාජපක්ෂ තමයි (නදී)
අනිවාර්යෙන්ම රටේ වෙනසක් දැන් විය යුතුයි. (අ)
අයියන්ඩියේ රටම පාවා දෙන හැටි මම පෙන්වන්නම්. ඉස්සෙල්ලා පාට පක්ෂය ලකුණ අන්තිමට කතිරේ හා රට. කරඩුව ගිල්ල මට අග්ගලාවක් කජ්ජක්ද? (නදී)
සෝභිත හිමියනි, ඔබ වහන්සේ ගන්නා උත්සාහය ජයග්‍රහනය කරනවා සිකුරුයි. රටේ සියලු ජන හිතකමි නායකයන් සහ ජනතාව ඔබ වහන්සේ සමගයි. ජයවේවා (නදී)
හොදම පොදු අපේක්ෂකයා ජෙනරාල් ඊළගට අනුර කුමාර හොදම උගත නම් රනිල් ඔය තුන්දෙනගෙම්ම වැඩක් අරන් අපෙන් හොරකම් කරපුමුදල් අපිට ලබා දෙනවනම් හැමටම පින් (අ)
අනේ හොඳයි මගේ නමින් ප්‍රතිචාර දාන තව කෙනෙක් එක් වෙලා. (නදී)
රටට ආදරය කරන කෙනෙක් පොදු අපේක්ෂකයා කරන්න.(හේ)
ගියවර ජනාධිපතිවරණයේදී එකතුවෙලා හිටි කට්ටියම තමයි. අරමුණුත් ඒකම තමයි.ප්‍රතිඵලයත් ඒකම වෙයි. කවුරුත් නෙමෙයි අපිට නම් ඕනෑ සෝභිත ස්වාමින් වහන්සේ තරඟයට එනවා දකින්න. (නි)
රටේ ධනය හොරකම් කළ එවුන්ට අලුත් ආණ්ඩුවක් යටතේ නඩු අසා දඬුවම් දෙන පොරොන්දුවක් දුන්නොත් විතරක් මගේ ඡන්දය දෙනවා. (බ)
පොදු අපේක්ෂක වෙන්න ඕනේ කරු ජයසුරිය. ඊට පස්සේ ජනාදිපති කම අහෝසි කරලා පාර්ලිමෙන්තුවේ අගමැති වෙන්න ඕනේ රනිල්. (නදී)
මේගොල්ලෝ ඔක්කොමල හොරගල් අහුලනවා. ජනාධිපති වෙච්ච පලියට බල්බයක සුවිච් එක ඉහළ පහළ කරනව වගේ විධායක බලතල වෙනස් කරන්නේ කොහොමද ? පාර්ලිමේන්තුවට සංසෝධන ඉදිරිපත්කරලා තුනෙන් දෙකේ බලයක් ඇතුව අනුමත කර ගන්නේ නැතුව. රට තවත් දියුණු කරන්ට ඕනේ නම් වත්මන් ජනාධිපතිතුමා තව දහ වසරක්වත් රට පාලනය කළ යුතුයි. (බ)
පොදු අපේක්ෂකයා දිනු විට වහාම ක්‍රියාත්මක වන පරිදි දින කීපයකට ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කරන්න. එවිට හොරුන්ට සහ හෙන්චයියලාට රට පැනගන්න අමාරුයි. (නදී)
ඔය විධායක ජනාධිපති ක්‍රමය හදපු අයට දැන්, එම විධායක තනතුර ගන්නට බැරි නිසාම, ඔවුන් දැන් එය එපා කියනවා. (නි)
ඔන්න මේ පාරනම් කම්පියුටර් ජිල්මාට්, රාජ්‍ය බලය,පැරදුනාට ජනතාවගේ ජනාධිපති මම තමයි වගේ බංකොලොත් වාක්‍ය කියන්නෙ නැති මහත්මයෙක් වගේ පරාජය බාරගෙන ජයග්‍රාහකයාට සුභ පතලා යන කෙනෙක් සුදානම් කරන්න. (නදී)
මොන ආණ්ඩුව ආවත් ඇමතිවරු 20 යි උපරිම තියාගන්න පුළුවන් (නදී)
පොදු අපේක්ෂක සුදානම්. අහන එකත් සන්තෝසයක්. දැන්ම එලියට දාන්න එපා. නත්තල් වලට හරි සිංහල අවුරුද්දට හරි එලියට දාමු. එතකම් කියන්න එපා (නදී)
රටට හොඳක් වෙනවා නම් හොඳයි අප්පා.(නදී)
විධායක ජනාධිපති ක්‍රමය පිළිලයක් කියල 94 බලයට ආපු බන්දුල පෙරේරලම ඒක තියාගන්න දඟලන දැඟලිල්ල දැක්කම විලි ලැජ්ජයි.17 වන සංශෝදනය ක්‍රියාත්මක කරමින් සාධාරණ මැතිවරණයක් තිබුනොත් ජනතාව තීන්දුවක් ගනීවී කාවද පත් කල යුත්තේ කියල.(අ)
කොහොමද ඔය කියන කෙනා බලයට ආවහම මාස හයකදී ජනාධිපති ධුරය අහෝසි කරන්නේ තුනෙන් දෙකක ඡන්දෙ නැතුව? හොඳයි අපි කියමු මහා ඡන්දෙකට ගියා කියලා. එතැනදී තුනෙන් දෙකක් නොලැබුනොත් මුළු රටම ලේ විලක් වෙනවා නේද? එහෙමත් නැත්නම් අවුල් ජාලයක් නේද? රටේ මිනිස්සු මෝඩයින් කියලා හිතලා වෙන්න ඇති මේවා කියන්නේ. (නි)
තරහාවෙන්න එපා හාමුදුරුවනේ, අපි නම් ඕවට සහයෝගය දෙන්නෙ නැහැ (නි)
පොදු අපේක්ෂකයා විය යුත්තේ බහුතරයකට පිළිගන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. (හේ)
මට තියෙන ලොකුම ගැටලුව ඔය ඉදිරිපත් වෙන පුද්ගලයා දිනුවොත් විදායක ජනාදිපතිකම නැතිකලාට පස්සේ මේ පුද්ගලයට මොකද වෙන්නේ. (නදී)
විය යුත්තේ මෙයයි. (නදී)
ඇයි මේ මැතිවරණවලින් පැරදිච්ච කට්ටියම අාපහු තරග වදින්නේ. අලුත් අය නැතුවද (නදී)
මහින්දව පරාජය කරන්න කෙනෙක් ඔතන නැ. (බ)
චිවරය දරාගෙන ඉන්න ස්වාමීන්වහන්සේලා බන බාවනා කර දහම් මගේ සැරිසරුවොත් නේද හොඳ. (නදී)
මෙයට නායකත්වය දෙන ඔබ වහන්සේට රටේම ආශිර්වාදය ලැබෙනවා (නදී)
පොදු අපේක්ෂකයා පැමිණි විට අතීතයට බලපාන පරිදි රටේ ඕනෑම පුරවැසියෙක් (ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාද ඇතුළුව) නීතිය ඉදිරියට ගෙන ඒමට නීති සම්පාදනය කරන්න. (නදී)
පාර්ලිමේන්තුවට බලය දුන්නම සේරම ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදීව විසදෙනවා නම් ඇයි ජේ ආර්. ජයවර්ධන මහතා විධායක ජනපති ක්‍රමය කට ගියේ. එහෙනම් අපි බලන් ඉඳිමු මේ පණ්ඩිතයන් කරන කියන දේවල් අමෘතය දීලාවත් ඉටුවේවිද කියලා. ලෙඩා මැරිලා හරි බඩ සුද්ධ වේවිද කියලා. අපි ජනපති ගෙනුත් ඔහු අනාගතයට කරන වෙනස බලන් ඉදිමු. කොහොම නමුත් මේ කවුරුත් මේ සම්බන්දව නටනවා වැඩියි කියලයි මට හිතෙන්නේ. බටහිර රටවල් වලට අවශ්‍ය වී තියෙන්නේ අපේ රට ඔවුන්ට ඕන විදියට පාලනය කරන පාලකයෙකු පත් කරන්න. ආයෙත් අමිර්තලිංගම් කාලේ වගේ පාලනයකට වැටේවිද ? (නදී)
අතීසාරයට අමුඩ ගහලා හරි නොයන බව සමහරුන්ට තාම අවබෝධ කරගන්න බැරිවෙලා. පොදු කණ්ඩායමක් පොදු ප්‍රතිපත්තියකින් ඉදිරියට ගන්න. ජය, හිරු පායනවා වගේ විශ්වාසයි (නි)
කවුරු වෙයිද දන්නෙ නැහැ (නි)
හැබැටම මහින්දව පරදවන්න පුළුවන් නම් මහින්ද ඉල්ලනවට ඔය හැමදෙනාම කැමැති වෙන්න නේද ඕනෑ? මේ හැමදෙනාම මහින්ද ඉල්ලනවට විරුද්ධව මෙච්චර වලිකන එකෙන් නම් තේරෙන්නේ එතුමා පරාද කරන්න සමත් කෙනෙක් නැහැ කියන එක නේද? ඉතින් මේ නිසා එතුමාට තව වාසි වෙන එක නේද වෙන්නේ? (නි)
සොබිත හාමුදුරුවො හෝ සජිත් ප්‍රේමදාස තමයි පොදු අපේක්ෂත්වයට සුදුසුයි. සෝබිත හාමුදුරුවො නිරුපාක්ෂික නිසා, උන්වහන්සේ විධායක ක්‍රමය අහෝසි කරාවි කියල ජනතාවට විශ්වාසයක් එ්වි. සජිත්ට හොඳ දේශපාලන දැනුමක් සහ වේදිකාවල්වල කතාකිරීමේ දැනුමකුත් තියනවා. (අ)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
කවුද කියලා දැනගන්නාතුරු මට සිහිය නැහැ (නි)
පැහැදිලිව කිවයුතු කරුණක් නම් 2009 ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණු ජනප්‍රියත්වය හීන වී තිබෙනවා. ඊට හේතුව මේ රජයේ යම් යම් ක්‍රියා කලාපයන් ජනතාව ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වගේම ජනාධිපතිතුමාට දැඩි අභියෝගයක් ලබාදීමට හැකියාව තිබෙන්නේ හිටපු ජනාධිපතිනියටයි. එනිසා චන්ද්‍රිකා මැතිණිය තරඟ කළා නම් ජයග්‍රහණය පිළිබඳව යම්කිසි බලාපොරොත්තුවක් තැබිය හැකියි. (නි)
මගේ මනාපය පාටලී චම්පික රණවක මැති තුමාට. (නදී)
බෙනට්,ඔබගේ අදහසට මමත් එකඟයි. (නි)
සෝභිත හාමුදුරුවෝ සමඟ අපි හැමදාම ඉන්නවා (නි)
මහින්ද ට ජයවේවා පොදු ඒකාව බංගවේවා ගයාන් සහ රවීන් හරියටම හරී (අ)
මොන අපේකෂක කෙනෙක් ආවත් නැවතත් රට අවදානමකට දාන්න මිනිස්සු කැමතිවෙන එකක් නැහැ (නි)
අසාද් සාලි මහත්මය පිල්ලේ නෝනට යවපු ලිපියේ කාට එරෙහිවද චෝදනා කරලා තිබුනේ ? (නදී)
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී අවසානයි. අනෙකුත් අය උතුර නැගෙනහිර නිදහස් කරගන්න මොනවාද කළේ? (නි)
පොදු අපේක්ෂකයා දිනු විට වහාම ක්‍රියාත්මක වන පරිදි දින කීපයකට ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කරන්න. (නදී)