මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී මහා බෝ සමිඳුන් සුදු හා රතු නෙළුම් මලෙන් පුදා වැඳ පුදා ගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, දුමින්ද දිසානායක, එම් කේ ද ඇස් ගුණවර්ධන, උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ආහ.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු සිරිසේන මහතා පැවසුවේ රජ කාලයෙන් පසු රජරටට රටේ නායකත්වය ලැබෙන්නට යන බවයි.
(ඡායාරූප මනුල වික්‍රම සහ මංජුල සේනානායක)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු හිතාගෙන ඉන්නේ එයාලා පැවතෙන්නේ මහා රාජිණියගේ පරපුරෙන් කියලා. ඒ නිසානේ මේ පොළවේ පයගැසූ මනුස්සයාට කුඹුරු කතාවක් කියන්නේ. කුඹුරු කරන එක කොච්චර නම්බුද? (නි)
ගිය ගමන හොදයි.මුලින්ම වැඩ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධී සෑ රදුන්ගෙන් ආශීර්වාදය ලබා ගත්ත එක හොදයි.(හේ)
මාත් දැක්කා ඔය කුඹුරු කොටන කතාව. මුළු රටම දන්නවා තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිමක් තියනවා කියලා පෙන්වන්න හදන්නේ කවුද කියලා. (නි)
ඔබට බුදු සරණයි! (නි)
රාණා පාගාගෙන නෙමෙයි එක උඩ ඉදගෙන ඉන්නේ. නැත්නම් කොටි අවතාර එක්ක සාකච්ඡා කරයිද දෙමල ඡන්ද ටික ගන්න ගිවිසුම් ගහන්න. (නදී)
තල් අත්තට බොරළු ගහනවා වගේ කටක් තිබෙන කෙනෙක් මෙතන ඉතා නොහොබිනා කතා කියනවා. ඒ පුද්ගලයා කට ඇරියාම මෙතුමාගේ නෙමෙයි, එයාගේ නුගත් පවුල් පසුබිම එළියට එනවා කියලා එයාට තේරෙන්නේ නැහැ. (නි)
පුද්ගලයකු දිහා බැලුවම ඔහු කියන්නේ ඇත්තද නැද්ද කියලා හිතාගන්න පුළුවන් මෛත්‍රී මෙතෙක් හොරු බොරු කරලා නැහැ ඒ අනුව ඔහුව අපට විශ්වාස කළ හැක.(හේ)
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආශීර්වාදයත් ඉතා ලොකු හයියක්. (නදී)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිමක් පෙන්නුම් කරගෙන ඉන්න උදවිය ගැන අපි දන්නවා. ඒ ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ (නි)
පුදුමයි ශ්‍රී මහා බෝධිය ගලවලා හංගපු නැති එක. (ස)
බජට් එක පැරද්දෙව්වොත් පාර්ලිමේන්තුව විසුරවනවා. එ්ක පාඩුයි දෙගොල්ලොන්ටම. එ්කෙන් වාසි වෙන්නේ හකීම් තොණ්ඩා ටී එන් ඒ වගේ පක්ෂ වලට. ගොඩක් දේවල් නොමිනේෂන් දුන්නට පස්සේ බලා ගන්න පුළුවන් වේවි. (නදී) ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙන්නේ මංගල හා ටිරාන් ආපහු ජනාධිපති ගාවට යන එක විතරයි..
කට්ටිය ඉවසන්කෝ අපේ මෛත්‍රී මහතා දිනන හැටි පෙන්නනචා ලගදිම (නදී)
ලාල් හැම යූ එන් පී කාරයාම ඔයාලගේ තාත්තා වගේ නරක නෑ. ඔයාට තියෙන්නේ නම් ඔලුව පරික්ෂා කරගත යුතු ලෙඩක් වගේ මට පෙනෙන්නේ. (ස)
ධර්මයේ ආශීර්වාදය ඇත්තේ සිල්වත් සත්‍යවාදී පුද්ගලයාට මිසක් ජනතාවගේ මුදල් කාබාසිනියා කරන දුසිරිත් පුද්ගලයන්ට නොවේ. ඒ අතින් පොදු අපේක්ශකයා වන මයිත්‍රීපාල සිරිසේන මහතාට නිරතුරු ජය සිරිමා බොදීන් වහන්සේගේ ආශීර්වාදය නිසැකව ලැබෙනු ඇත. (නදී)
ඔබට ජය, රටට ජය (නදී)
අදහස් පල කල කට්ටිය දෙපැත්තකට බෙදුවොත් ගොයියෝ ටික අදුරගන්න පුළුවන් කියන මෝඩ තර්ක වලින්ම.
ජෙනරාල් වගේම ජනතාවගේ ආදරය දිනාසිටි ඔබතුමා ජෙනරාල්ට අත්වුන ඉරණම ඔබත් උරුම කරගැනීම අදහන්නත් අමාරුයි. එදා එතුමාට තිබුනෙත් අද ඔබට තියෙන්නෙත් පෞද්ගලික ප්‍රශ්නයක්. ශූර කපටි මොලකාරයෝ ඔබතුමාවයි ශ්‍රීලනිප යයි දෙකම නැති කරන්නයි හදන්නේ. ඔබතුමා සුභ යහ යස නාට්‍යය බලල තියෙනවා නම් ඔන්න වෙලාව. (නදී)
හෙට වෙනකොට ඔය හාමුදුරුවන්ව උස්සයිද දන්නේ නැහැ විපක්ෂයේ අයට අාශිර්වාද කලා කියලා. එහෙම කාලයක් දැන් උදා වෙමින් පවතින්නේ. (නදී)
පොදු අපේක්ශකයා වන මයිත්‍රීපාල සිරිසේන මහතාගේ චේතනාව හොදයි. කවදාවත් වරදින්නේ නැහැ. දිනනවා මිසක්. (නදී)
මම දේශපාලනය ගැන උනන්දු උනේ තාත්තාගේ දේශපාලනය නිසයි. එතුමා ප්‍රබල කොලපාට කාරයෙක්. නමුත් මම තෝරාගත්තේ හදවතක් ඇති නම්‍යශීලි මිනිසුන්ගෙන් ගහන පක්ෂයක්. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. නිල්පාටයි. මම මගේ ආයතනයට බඳවා ගන්නෙත් අපේ පක්ෂයේ මිනිස්සුම පමණයි. මගේ සේවක මණ්ඩලයම එකම තීරණයේ ඉන්නේ. හදවතක් ඇති පක්ෂයට ආදරේ ශ්‍රී ලංකා පාක්ෂිකයෝ පක්ෂේ පාවා දෙන්නට රට පාවා දෙන්නට කතිරේ ගහන්නේ නැහැ. (නදී)
සිරිසේන; තවත් ෆොන්සේකා කෙනෙකු නොකිරීම ජනතාවගේ වගකීමයි . මෙය අපට ලැබෙන අවසාන අවස්ථාව බවත් අමතක නොකරන්න. අද සියල්ලෝ මෛත්‍රී !! පිපාසයෙන් සිටින්නෝය . ජය වේවා ! මෛත්‍රිය පතුරවමු ! (නදී)
අපි බලමුකෝ මොනවද සිද්ධවෙන්නේ කියලා (නි)
ඒ දවස්වල කලුවිතාරණ පළවැනි බෝලේටම හයේ පාරක් ගැහව්ව වගේ පොඩි ගතියක් දැනුනා. දැන් ටිකක් අදිනවා වගේ පෙනුනාට පස්සේ නැගිටියි කියලා හිතෙනවා. (නදී)
ඔබගේ නියත ජය සටහන් වූ වගයි (නි)
පරාජිතයෝ ඔක්කොම එකට එකතු වෙලා වින්දනයක් ලබනවා. (නදී)
ලිබියාවට වෙලා තියෙන දේ දන්නවනෙ හැම දෙනාම. ඒ තත්වය අපේ රටේ ඇතිකර නොගැනීමට රටේ ජනතාව වග බලාගත යුතුවේ. (නදී)
ඔබතුමාගේ තිබුනේ දැවැන්ත ශක්තිමත් ප්‍රතිරූපයක්! අනේ මන්ද පොදු අපේක්ෂකයා උනාට පස්සේ එක පාරට නිකම් හුලන් බැහැල ගිය පුස් පෙනුමක් ආවනේ! (ස)
අයියෝ නන්දනසිරි මහත්තයෝ, ශුභ සහ යස නාට්‍ය මොකක්ද? ඒක පරණ එකක්නේ. එහෙමද අලි බබා සහ හොරු හතලිහ. විෂිල් ගගහා බලන්න පුළුවන් නාට්‍යනේ.(අ)
අනේ පව් සිරිසේන මහත්තය. (අ)
මෙයාට බම්බු ගහ ගන්න තමයි වෙන්නෙ(අ)
ජනතාවට සෙතක් වෙනවා නම් කවුරු පාලනය කලත් අපට කමක් නැහැ (නදී)
වැඩේ හොදයි. එ්ත් ඉතින් පැත්ත මාරු කරලා දැන් කියන කතා තමයි හොඳ නැත්තේ. එව්වා කලින් කිව්වා නම් ඉතින්. අනේ මන්ද සුදු වෑන් එකක් මට පේනවා පේනවා වගේ (නදී)
විසිල් ගහන්න පුළුවන් වෙයිද ? (නදී)
ඉවසන්න තවම සටන පටන් ගත්තේ නැහැ දෙසැම්බර් 8 වෙනිදායින් පසුව වැඩ බල ගන්න පුළුවන් මෛත්‍රිපාල මැතිතුමාට සියලු බලය හා ශක්තිය එයට මුහුන දීමට ලැබේවි එතුමාගේ චේතනාව හොඳයි.(හේ)
අනුර,ඔයා දැක්කෙ නැද්ද? මෛත්‍රී මහත්තයා සාකච්ඡාවෙදි කිව්වෙ "ජනාධිපතිනි" කියලා. දැක්කෙ නැත්නම් පොදු අපේක්ෂක මාධ්‍ය සාකච්ඡාව හොයාගෙන බලන්න (නි)
ඔය ලොකුයි කියන පවුල් පසුබිම් ගැන නම් ඒ අදාළ පළාතේ පැරණි මිනිසුන් වන අය දනිති. (නදී)
මේ ඡන්දයේ සියලුම අනුගාමිකයන්ට උපදෙස් ලැබී තිබෙන්නේ බලය ලබා ගන්න කටයුතු කරන්න කියලයි...ඒක එහෙම වේවි කියා හිතෙනවා.පොලිස් නිලදාරීන් දිගට හරහට මාරු කලේ ඕවට තමයි....(ස)
රජ වෙනවා කියන්නේ විධායක බලය නැති කරන්නේ නැහැ වගේ නේද? (නදී)
පඩිතුමා ලබන ජනවාරියෙන් පස්සේ මොකද කරන්න හිතන් ඉන්නේ ? (නදී)
අනාගත කැබිනට් ඇමති වරු මෙතන ඉන්නවා. ඉතින් 25 න් තව කීයද මට. මට මොකක්ද ලැබෙන ඇමතිකම? සවුත්තු ඇමති කමත් ජනාදිපති කමත් මට එපා. ජනරාල්ට ආරක්ෂක. මංගලට විදේශ. මාස 3 යි. (නදී)
අනේ මන්ද ආණ්ඩුව අය වැයත් දිනුව. එනවා කිව්වා 40 නිකම්ම 4 ට බැස්ස. අන්තිමට මෛත්‍රී පාලනයත් හීනයක් වගේ. (නදී)
තමන් බලාපොරොත්තු උන දේවල් නොලැබුනාට ඒවා ලබාගන්න රට අවූල් කරන එක නෙමේ ඔබේ යුතුකම. (ර)
නියමයි, අයවැයේදී ගත්ත තීරණේ ප්‍රසංශනීයයි. ජනතාවට ගන්න තියෙන අල්ලස් ටික ජනතාවට ගන්න දෙන්න. හෙට ඉදන් පටන් ගත්තම මේ අදහස් ටික ඉවත් කරගන්න විදියකුත් නැහැ කට්ටියට (නදී)
මහින්දගේ එකදිපති පාලනයට තිත තියන්න සිරිසේන මහත්තය දිනනවා රටේ නීතිගරුක පාලනයක් ගෙනියන්න මෙතුමා එන්න ඕනි දැක්කේ නැද්ද අද අලුත් මහා ලේකම් නැවෙන නැවිල්ල බැසිල් ඉදිරිපිට පරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මෙහෙම නැවෙනවද අනික බැසිල් පැරසුට් කාරයෙක් දේශපාලනේ ගැන මොනවද දන්නේ ඉතින් පරණ පිලට මෙහෙම වෙනකොට සිරිසේන මහත්තය ගත්තේ හරි තීරණයක් නේද (අ)
පොළොන්නරුවෙන් අනාගත රජකෙනෙක් පහළවෙනවා කියල නක්ෂත්‍ර විශාරදයෙක් හරියටම කියල තියෙනවා මතු බුදුවෙන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ වගේම ලංකාවේ ඊළගට රජවෙන්නේ මෛත්‍රී රජතුමා(අ)
එක එක දේශපාලන පක්ෂ වල බත් බැලයෝ අදහස් දාල තියෙනවා. මොවුන් තමයි ජනතාවගේ නියම සතුරෝ. මේ අය නිසා කවදාවත් සුදුස්සෙකුට රැකියාවක් ලැබෙන්නේ නැහැ. අඬු කැඩෙන්න ගහන්න ඕනා කොයි පක්ෂේත් වන්දි භට්ටයන්ට. ආර්ථිකේ ගැන කියන දේවල් ඇත්ත නම් ජනතාව වන්දිභට්ටයන් හොයා හොයා පහර දෙන දවස 2015 උදා වෙනු ඇත. (නදී)
දේශපාලුවන්ට නම් ලෙහෙසියෙන් උඩ මළුවට ගිහින් ජයශ්‍රී මහා බෝ සමිඳුන් වඳින්න පුළුවන්. නමුත් මේ රටේ නියම සිංහල බෞද්ධයන්ට බෝ සමිඳු අහලකටවත් යන්න ඉඩ දෙනවද? (නදී)
මහින්ද උඩින්ම දිනනවා. සජිත් හරි රනිල් හරි ආවා නම් තරඟයක් තියෙනවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවකට වඩා මහින්දගේ ආණ්ඩුව ගොඩාක් හොඳයි. (නි)
මෛත්‍රී මහත්තයා ගියත් හරි මට වාරණයක් දාල වගේ. මොනවා කරන්නද. මම මේ දවස් වල ලියල වැඩක් නැති නිසා පොළොන්නරුවේ පැත්තෙන් කුඹුරක් අඳේට අරගෙන කොටනවා. (නදී)
පොදු අපේක්ෂකතුමාට ජනතාව කැමති බව පෙනෙනවා. එතුමා අවංක බව පෙනෙනවා. එහෙත් යථාර්ථය ගැනත් අපි දැනගතයුතුයි නේද? (නි)
මෛත්‍රී මහත්තයා ගිය එක අපිට දුකයි. එයත් අපේ කෙනෙක්. අපි ගොඩක් ආදරය කළ කෙනෙක්. ඔබතුමා දින 100ක් ඕක කර ගියාම ඒ අවුල කවුද විසඳන්නේ? රනිල් ඕක කරයිද? එහෙම නෙමෙයි මහත්තයා, ජනපති වෙන්න ඕනෑ නම් වෙන්න. අවුල් ඇතිකරන්න නම් එපා (නි)
බොරුවට කෑකෝ ගහගහ මඩගහගන්න යන්නේ නැතුව නිහඬව එත් බුද්දිමත් විදියට ගමනක් යන්න. බොරු සද්ද මොකටද. අපි අගය කලේ අගය කරන්නේ හැකර කටවල් නෙමේ. මෛත්‍රී සහගත මිනිසුන් පමණි. ඔබට තෙරුවන් සරනයි. (ස)
ඔබට දෙවි පිහිටයි. අාරක්ෂාවයි .ජය වේවා. (ස)
ඔබට ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි! (නි)
ඔබගේ චේතනාව ඉටුවේවා! රටට සුන්දර අනාගතයක් ලැබේවා! (නි)
හංසිගේ කතාව නම් නියමයි. (නි)
අන්තිම ප්‍රතිඵලය මහින්ද මහත්මය ජනාධිපති තුන්වැනි වරටත් (නදී)
ගැමුණු ඔය රජ කතා නම් ගෙන්න එපා අපිට. ඒවා ඔයාල තියාගන්න. (ස)
ඩයලොග් රූපවාහිනිය පියෝ ටීවී වල මොකද සිරස වැඩසටහන කැන්සල් කලේ (නදී)
දේශපාලනය කරන කවුරුවත් රහත්වෙලා නැහැ. ආණ්ඩුවේ සහ ඔය විපක්ෂයේ ඉන්න කාගේත් හැටි මිනිස්සු දන්නවා. ඔය හැමකෙනාම අතරින් ජනාධිපතිතුමා වගේ නායකයෙක් තාම බිහිවෙලා නැහැ. බිහිවෙන්නෙත් නැහැ. අපි ශ්‍රී ලාංකිකයන් වගේ කොන්ද කෙළින් තියාගෙන ඉන්නේ කවුරු නිසාද කියලා හෘද ශාක්ෂියෙන් අහලා බලන්න.ජනාධිපතිතුමාට තරඟයක් නැති ජයක් අනිවාර්යයි! (නි)
ඉදිරියේ ඇතිවෙන්න යන නව දේශපාලන සංස්කෘතිය, ආගම හා දේශපාලනය අතර පැහැදිලි ඉරක් අඳින්න ඕනෑ. දේශපාලකයෝ පන්සල් වලින් පටන්ගෙන වෙනත් තැන් වලින් අවසන් කරන එක තමයි මෙතෙක් බොහෝවිට සිදුවුණේ (නි)
ලාල් කියන දේවල්? අනේ මගේ කට! (නි)
හන්සිගේ කතාව හරි (නි)
හංසිගේ උන තාමත් බැහැලා නැහැ. (නදී)
ඔබතුමාට ජය වේවා.... අපි ඔබ සමගයි(අ)
මෙතන අදහස් අතරේ පොතුත් ලියල.සදු සාදු. මයි ත්‍රී. (ස)
නන්‍දසිරිගෙ අදහසට මාත් එකඟයි. මගේ අදහසත් ඒකම තමයි. මේ අයගෙ පුද්‍ගලික ප්‍රශ්‍න ජනතාව මත පටවා රටම අවුල් කරනවා. ඔක්‍කොම හොඳයි, බලාපොරොත්‍තු දේවල් නොලැබුනාම තමයි රටේම ප්‍රශ්‍න පෙනෙන්‍නෙ. (නි)
මේකේ දාල තියෙන විවේචන දැක්කම මට හිතෙන්නේ ලංකාවේ බහුතරයක් ආශා කරන්නේ හොරු, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ වංචාකාරයෝ එක්කම මුළු ජිවිත කාලයම ගත කරන්න බව පෙනී යනවා. මොනවා කරන්නද එ්ක අපේ රටේ කරුමේ (නදී)
මේ අදහස් දැක්කහම දැන්ම හිටන් පිදේනි තටු තියන වන්දි භට්ටයෝ රැලක් පෙනෙනවා. අපි සිටින රට වල මැතිවරණ තිබුනට මිනිහෙක් පාරක දකින්නට නැහැ. මම හිතන්නේ ශ්‍රී ලංකා මාතාවත් අපි වගේ වෙන රටකට ගිහින් ඇති (නදී)
අනේ හැබෑටම යූඇන්පී යට මොකද වුනේ? දැන් බලන කොට ශ්‍රීලනිප අතරමයි නේ සටන. (නදී)
අපේ රට එ්කාදිපතිත්වයෙන් බේරාගන්න ලැබෙන අන්තිම අවස්ථාව මේක විය හැකිය.(අ)
අනේ හංසි ඔයාගේ කතාව හරියට හරි,ඉතින් මට ඔයාට හරි බැඳීමක් ඇතිඋනා.මමත් ඉතින් හංසයානේ!(අ)
රනිල් මහත්තයා මේ වතාවෙත් එහෙනම් ගොඩ ගියා. නැත්නම් පක්ෂනායක කමත් ගහල යනවනේ? (නදී)
ඇයි මේ එක එක තැන ගිහින් වඳින්නේ? තමන්ට ආත්ම ශක්තියක් අවශ්‍යයි. අනෙක තමයි රනිල්ට අගමැතිකම දෙන එක ගැන අපි සිතාබැලිය යුතුයි. (නි)
හංසිගේ ඇඩ් එක නියමයි (නදී)
තවත් ෆොන්සේකා කෙනෙක් බිල්ලට දෙන්න හදන්නේ. (නදී)
ඔන්න අනේ ජනනි ලොකු හේවාව ඔය බලකායේ ඇඩ් එකකට දෙකකට ගන්න. හංසී නිසා මේ ළමය ඇඩ් ගැන කිව්වා විතරයි අප්සෙට් වෙලා. (නදී)
ජනනිටත් තියෙන්නේ එසේ මෙසේ උණක් නෙවෙයි. (නදී)
රජරටට රජකම කෙසේ වෙතත් සෝඩා බෝතලේ කැඩුවා වගේ දවස් දෙකක් යන්න කලින් නිකම්ම රැස් ගියානේ පොදු අපේක්ෂකතුමාගේ.(හේ)
මේ රටට හැමදාම විනකළේ ඔය කොළ, නිල්, අනන් මනං කියාගෙන පක්ෂ වලට බෙදිලා හිටිය මිනිස්සු තමයි. කවදාවත් හොඳ මිනිස්සුන්ව තේරුවේ නෑ. ඕන හොරෙක්, වංචාකාරයෙක්, මිනිමරුවෙක් තමන්ගේ පක්ෂයේනම් උඩදාගෙන ගිහින් කතිරේ ගැහුවා. දැන්වත් පක්ෂයේ කන්නාඩියෙන් බලන් නැතුව මනුස්සකම, ගුණවත්කම, උගත්කම, බුද්ධිය, ධාර්මික බව වගේ දේවල් වලට මුල් තැන දෙන්ඩ. (ස)
රටේ නායකත්වය මාස තුනකට අරන් වැඩක් තියනවද?(හේ)
ඔබ කරන්නේ රට වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් (නි)
හාන්සි, ඔයාගේ අදහස නම් මරු (නදී)
කෝ ඉතින් රස්නේ දැන්ම බැහැලානේ. ප්‍රතිචාරයක් වත් නෑ කට්ටියගෙන්. අපරාදේ නිකම් මෛත්‍රී මහත්තයා වලිගේ පා ගත්තද. (නදී)
අම්මටසිරි, බන්දුල ආයතනය හිමිකරුවෙක්ද ? ඔබතුමා ආයතනයේ දියුණුව ගැන බලාගෙන, පැත්තකට වෙලා ඉන්නකෝ අපි වගේ, එසනෙහි කොට කොට ඉන්නේ නැතුව. (නදී)
ජය පරාජය තේරුම් ගන්න ඒ හැටි අමාරු නැහැ. ජයවේවා! (නි)
සුමනදාසට මොකද වුනේ දන්නේ නැහැනේ. කිසිම ආරංචියක් නැහැ. පඩිතුමා නම් දන්නවා ඇති මොකද වුනේ කියලා. (නදී)
අයි .ඕ.සිරිසේන ...?(අ)
හොඳ වැඩක් (නදී)
ගැමුණු, ඔයාගේ ඔලුව කොහෙහරි වැදුනද?නිකම් පිස්සුවෙන් වගේ කියවන්නේ. (නදී)
හංසි තව තවත් හොඳට ලියන්න. අපි ඔයාගේ කතාව හරි කියලා අනුමත කරනවා.(අ)
නාග විහාරය වදින්න ගිහින් නොගලවපු සෙරෙප්පු ජය ශ්‍රී මහ බෝ සමිදු වදින්න ගිහින් ගලවලා (නදී)
කාන්ති ඔයා රස කියල අදහස් කරන්නේ මොනවද ? මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා (නදී)
පොදු අපේක්ෂකතුමාට ශ්‍රී මහා බෝ සමිඳුන්ගේආශිර්වාදය! (නි)
රටේ හාල් මෙච්චරම ගණන් යන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ නේද? අනේ මොකටද මගේ කට! (නි)
රටට ආදරේ ඇති නියම මිනිසෙකු රටට නායකත්වය සදහා අවශ්‍ය මොහොතක බිහි වූ දියසෙන් කුමාරයා එදිරියට ගැනීම රටට ආදරේ ඇති සැමගෙන්ම ඉටු විය යුතු යුතුකමයි. (ර)
මෙතුමා කවදාවත් තමන්ගේ ගැමි පවුල් පරිසරය හංගන්න උත්සාහ කළේ නැහැ. සමහරු මෙතුමාට කුඹුරු කොටන්න කියලා අපහාස කරනවා. හීනමානය වැඩිවුණාම කෙරෙන්නේ පවුල් පසුබිම ගැන මඩ ගැහිල්ල තමයි. (නි)
විධායක බලය වෙනස් කරන එක පස්සේ කරන දෙයක්නේ. මීට කලින් දෙන්නගේ පොරොන්දු වගේ. මොන විදියෙන් හරි මේ තරඟයෙන් ජයක් ම වේවා සාදු සාදු සාදු (නදී)
අනේ මන්දා! මට නම් පිස්සු වගේ පොදු අපේක්ෂකගේ කතා වලට (නි)
කෝ අර මහනුවර සිරි දළඳා මාළිගාවේදී සහ අස්ගිරි විහාරේ ළඟදී මෙයාලා කාණ්ඩේ එක්ක එකට හිටපු ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා...? (නදී)
ලාල් මහත්තයාගේ කතාව ඇත්ත. මමත් ඒකට එකඟයි. ජයවේවා ! (නදී)
කෝ අර බජෙට් එකේ එනවා කියපු 20. කෝ තාම නෑ නේ. (ර)
මෛත්‍රී මහතා දිනනවා ෂුවර්. (ර)
ඔබට සියළු දෙවි පිහිටයි! (නි)
මෛත්‍රි ලේකම්තුමා, මාලිගාවට ගිය එක හොදයි. ජය සිරිමා හාමුදුරුවෝ වන්දනා කළ එකත් හොදයි. කතරගම ගියත් කාරි නෑ. හැබැයි සිරිපාදේ නම් යන්න එපා. ඔය පිටි පස්සෙන් ඉන්න අය ඒතරම් හොද නැහැ. පහළට තල්ලු කරාවි (නදී)
හොඳ වැඩක්. (ර)
පොඩ්ඩක් ඉන්න වැඩ තාම පටන් ගත්තේ නෑ. (ර)
ඔබ සියලු දෙනාට ජයවේවා (දී)
ඔබතුමා අවංක නායකයෙක්. රටේ යළි ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කරවා නිවැරදි දිශානතියට යොමු කිරීමට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ලැබේවා!(හේ)
මේ මොනවා කළත් මහින්ද මහතා උඩින්ම දිනනවා (නි)
කළුතර බෝධිය වඳින්න එන්න පිංකම අපි සංවිධානය කරනවා පත්තර මිතුරෝ දොඩන්ගොඩ (දිල්)
ඔබතුමාට සුභපතනවා (දී)
ඔබට ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි! (නි)
කැළණි පන්සලටත් ආවා නම් නේද හොඳ? අපි ඔබතුමා එනතුරු බලාගෙන ඉන්නවා. ජයවේවා! (නි)
පැහැදිලිවම වර්තමාන පාලනය නවතා දමන්න ඕනෑ. ඒ සඳහා ඡන්දය දෙන්න. බොළඳ වෙන්න එපා (නි)
තුණුරුවනේ ආශිර්වාදය ලබාගැනීම හොඳයි (නි)
කවුරු කොහොම කිව්වත් ඔය අය බලන්නලකෝ ජනවාරි 9 වෙනිදට මොකද වෙලා තියෙන්නේ කියලා. (හේ)
දළදා වැන්දාට කමක් නැහැ, ජය ශ්‍රි මහ බෝදිය වන්දනා කළ එකත් වටිනවා. හැබැයි ඔය පිටි පස්සෙන් එන රැළ ගේ හිත් වල තියෙන ප්‍රාර්ථනාවත් ඔබ තුමාගේ ප්‍රාර්ථනාවමද කියල හොයල බලන්න. (දී)
අපි තදින්ම හෙළා දකිනවා, සමහරු මෙතුමාට කුඹුරු කොටන්න යන්න කියමින් උපහාස කරනවා. මේ වගේ කතා කියන්නේ අතිශය හීනමානයෙන් පෙළෙන අය, තමන්ගේ නැති ප්‍රභූ පවුල් පසුබිමක් තියනවා කියලා පෙන්වන්න. (නි)
මට නම් හිතා ගන්නවත් බැරිඋනා අපේක්ෂක ඔබතුමා කියුවහම (දී)
අලියා දවසක් ඉස්සර උනානම් පොදු අපේක්ෂකයා වෙන්න තිබුන .(අ)
අරමුණ හොඳ නම් ඒ කාර්යය අනිවාර්යයෙන් ඉටුවෙනවා. ඔබට ගල්මුල් එයි. පවුලේ අයටත් කරදර එන්න ඉඩ තිබෙනවා. ඒවාට සැළෙන්න එපා. (නි)