මේ මොහොතේ දී පෘථිවිය සූර්යයා වටා ගමන් කරමින් සිටින ප්‍රදේශයේ 209 ලීනියර් නමැති වල්ගාතරුවකින් සෑදුණු කුඩා බොරළුකැට අති විශාල සංඛ්‍යාවක් ඇති බවත් එම කොටස් පෘථිවි ගුරුත්වාකර්ශනයට හසුවී කඩා වැටීමෙන් උල්කාපාත වර්ෂාවක් ඇතිවෙමින් තිබෙන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා වටා ගමන් කරන එම වල්ගාතරුවේ වල්ගයේ අවශේෂ කොටස් මෙලෙස පෘථිවි ගුරුත්වයට හසුවන්නේ පළමු වතාවටය. මහාචාර්ය වරයා පවසන්නේ එවැනි උල්කාපාත කඩා වැටීම් 100ත් 1000ත් අතර ප්‍රමාණයක් සිදුවුව ද ශ්‍රී ලංකාවට දිවා කාලයේ එය ආරම්භ වූ බැවින් දක්නට නොලැබුණු බවයි. එසේ වුව ද රාත්‍රී කාලයේ උල්කාපාත කඩා වැටෙන අවස්ථා පියවි ඇසින් දැකගත හැකි බව ද කැනඩාව හා ඇමරිකාව වැනි රටවලට උළ්කාපාත වර්ෂාව හොදින් පෙනෙන්නට ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩි පුර තියෙන සල්ලි වලින් ටිකක් දුන්නම මොකද චම්පික. (ස)
දැන් අර පිටරට ඉන්න මහාචාර්යතුමා කියයි ඔය උල්කාපාතත් එක්ක පිටසක්වලින් ජීවින් එයි කියලා. (ස)
දෙන එක නෙවෙයිනේ ශාන්ති තියන ප්‍රශ්නය. කාන්තාවන් තමන්ගේ ආදායම්, අනාගත වියදම් ගැන නොසිතා ඉස්තරම්ම විදියට මගුල් කන්න යන එකනේ. දරු පවුල්කාර පිරිමි සහෝදරයන් ජීවන බර නිසා දකින තරු ගැන අවබෝධයක් ඇත්තේ එහෙමත් තරුණියන්ට. (නදී)
චම්පික හරි. කාන්තාවක් විදියට අපි දැන ගන්න ඕන අමාරුවේ වැටෙන්නේ නැතිව විවාහ උත්සව ගන්න. නැතිනම් ආර්ථික ප්‍රශ්න නම් උල්කාපාත කඩාගෙන පහත් වෙන්න බැඳලා වැඩි කලක් අවශ්‍ය නැහැ. (ස)
අපේ රටේ, පියකුගේ අභාවෙන් පසු ළමයි එක්ක තනිව වැඩ කටයතු කරන විට ජීවන බර විදින මවකට නම් උල්කාපාත නිතරම පේනවා විතරක් නෙවෙයි හොඳට ඇඟට දැනෙනවා. (අ)
දැන් නම් බඩු මිල අහස උසට ඒ උල්කාපාත අපේ ඔලුවට වටෙනවා වගේ. අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. (නදී)
කඩේට බඩු ගන්න යනවිට, දුර නෑයෙක් ගෙදර ආවම කිරි තේ හදන්න වෙනකොට නම් ඉතින් උල්කාපාත නිතරම පෙනෙනවා. (ස)
අපොයි අපිට දවාලට උල්කාපාත නොපෙනෙන එකම හොඳයි. ජීවන වියදම නිසා අපි කොහොමටත් දවල් තරු බලමින් ඉන්නේ. (ස)
ලකාවේ වැටෙන්න ඕන තැනක් තියෙනවා. ලගදීම එහෙම වෙයි. (ස)
සිල්වා ඔයානම් මරේ මරු. (නදී)
නන්දන මිලානෝ, ඉතාලියේත් එහෙමද?මම හිතුවේ ලංකාවේ විතරයි කියලා (නි)
අපිට නමි මොකුත් පේන්නේ නෑ (අ)
මේ මොන උල්කාපාතද හතර වටින් අපේ බඩට වදීන අවපාත වල හැටියට (අ)
ලෝක විනාශය කවදා හෝ විශාල උල්කාපාතයක් වැදීමෙන් සිදු වුවහොත් එය කොහොම වේවිද ? දවසින් දවස ලොකුවෙමින් අප කරා එන උල්කාපාතය දෙස බලමින් අවසානය ළඟ එනවිට අපිට දෙවියන් සිහිවේවි. (නි)
මේ මහා විශ්වය පුදුමාකාරයි. එහි සිදුවන දේත් පුදුමාකාරයි (නි)
අපිට නම් උල්කාපාත පේනවා විතරක් නෙවෙයි හොඳට ඇඟට දැනෙනවා. බාලම නංගිට කසාදයක් හරි ගිහිල්ල ගෙදරින් මංගල්ලෙට සම්මාදම් එකතු කරනවා. (නදී)
ඊයේ කඩේට ගිහින් එළවලු වල මිල ගණන් ඇහුවාම මට ඔය කියන උල්කාපාත දවාලේම පෙනුනා. (නදී)
උල්කාපාත නෙවෙයි වල්ගා තරු බලමින් අපි ඉන්නේ. මේ මාසෙට මගුල් ගෙවල් දෙකයි, කොටහළු මගුලයි, දානේ ගෙවල් දෙකයි.! (නදී)