(එම්.සුසිල් පියන්ත)

  පාතාල නායක   ලොකු පැටීගේ වැඩිමහල් සොහොයුරා වන සංජීව නමැත්තා විදේශගතව  සිට සැලසුම්  කළ ඝාතනයක් අනාවරණය කරමින් ඒ සඳහා  සුදානමින් සිටි  පුද්ගලයින් දෙදෙනෙක් පිස්තෝලයක් සහ එයට දැමිය හැකි පතුරම් දහසයක් සමග බලපිටියේ බේරතුඩුවේදී සහ වඳදූවේදී අද(4)අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.

පිස්තෝලය සහ පතුරම් දහසය ළඟ තබාගෙන සිටි සැකකරු බලපිටිය බේරතුඩුවේදී ද ඔහුට ඒවා  ලබාදුන් සැකකරු බලපිටිය වඳදූවේදී ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මත් ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ප්‍රශ්න  කිරීම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක් මත බලපිටිය බේරතුඩුව නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ සැගවී සිටි සැකසහිත පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහුහේ ඉනේ සඟවා තිබියදී  මේ පිස්තෝල  වර්ගයේ ගිනි අවිය සහ ජීව පතුරම් තොගය සොයා ගැනීමට හැකිවූ බවත් ඒ සමගම ඔහු ළඟ තිබී අයිස් මතද්‍රව්‍ය සොයාගත් බවත්  පොලීසිය කියයි.