IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පත්මේගේ ගිනිඅවිය ළඟ තබාගත් කෝටිපතියා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                  

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත්ව තිබූ නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි

එම සැකකරු සන්තකයේ තිබීම චෙක් ජනරජයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියට අමතරව ජීවඋණ්ඩ 13 ක් සහ මැගසිනයක් ද පොලිස් බාරයට ගෙන ඇත

අලුත් කඩේ අධිකරණය සංකීර්ණයතුළදී ඉකුත් පෙබරවාරි මස 19 වෙනිදින  සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැලසුම්කරුවෙකු වු කෙහෙල් බද්දර පත්මෙ නැමැත්තා ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැඳවනු නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව සැකකරු මිනුවන්ගොඩ  සුපිරි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

39 හැවිරිදි  සැකකරු මිනුවන්ගොඩ  පීල්ලවත්ත පදිංචිකරුවෙකි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි



අදහස් (2)

පත්මේගේ ගිනිඅවිය ළඟ තබාගත් කෝටිපතියා අල්ලයි

රනේ Sunday, 02 November 2025 03:04 PM

හොඳ වෙලාවට අපි පලපුරුදු අය නැති ආණ්ඩුවක් හදා ගත්තේ...!

:       32       19

Jagath Leanage Sunday, 02 November 2025 04:02 PM

මේ රජය ඇරෙන්න වෙන මොන රජයක් තිබ්බත් මේ වගේ දේවල් වෙන්නෙත් නැහැ. එහෙනම් තාමත් පාතාලය තමයි රජයන්නේ...

:       23       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site