රයිගම පතහවත්ත පුරාණ පොකුණ අසල පුෂ්පකරාරාමයට උමගක් කැපූ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නිධන් හෑරීමේදී සිදුකරන පුද පූජා සඳහා වන මල්, දුම්මල ආදී පූජා භාණ්ඩ මෙන්ම නිධන් හෑරීමට ගන්නා උපකරණද එහිදී සොයාගෙන ඇත. අඩි කිහිපයක් දුරට කපා තිබූ උමගේ මිනිහකුට හිටගෙන යාහැකි බවත් එය වැසිකිළි වලක් බවත් සැකකරු කියා ඇතැයි පොලිසිය පවසයි. ඉස්සර කාලයේ බණ්ඩාරගම උයන්වත්ත වැවේ සිටි ආඳකු උමගකින් පතහවත්ත පුරාණ පොකුණට ගිය බව ජනප්‍රවාදයේ එන කථාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොකුණුවිට කිත්සිරිමෙවන් රජ මහා විහාරයේ පොකුණේ ඉඳලා තිබෙනවා කනේ කඩුක්කමක් (කරාබුවක්)වගේ දිළිසෙන යමක් තියෙන ආඳෙක්. මේ ආඳා ඉඳලා හිටලා ඔය පතහවත්ත පන්සලේ පොකුණෙන් මතු වෙනවලු. ඒක ප්‍රසිද්ධ කතාවක්.මේ පන්සල් දෙක අතරෙ උමගක් තිබෙනවා කියන කතාව මිනිස්සු කියන්නෙ ඒ කතාව හින්දා.පායන කාලෙක ඔය ආඳාව මිනිස්සු වගයක් මරාගෙන කාලා කියලා කියනවා. කාපු හැම කෙනාම ලේ බඩගිහින් මැරිලා කියලත් කියනවා. මේක මෑත අතීතයේ කතාවක්. (නි)
මෙයාට උමන් හාරලා හොඳ පළපුරුද්දක් ඇති .(හේ)
මොහු බිම හෑරීමේ රැකියා ආයතනයකට බඳවාගත්තොත් නරකද? (නි)
මේ මනුස්සයත් ආඳ වගේ පන්සල් වත්තට යන්න ගියාද දන්නේ නෑ. (නදී)
බලනකොට නියම ගල් ආඳා මේ පුද්ගලයානේ! (නි)
නිදන් වස්තු තියනවා කියන ව්‍යාජ විශ්වාසය මත මිනිස්සු පුරාවිද්‍යා ස්ථානවලට බරපතල හානි කරනවා. පත්තර සිරස්තල දාන්නෙත් නිදන් හෑරුවා, නිදන් ගත්තා අාදී ලෙසයි. ඉතින් විනාශය තව ඉහළ යනවා. අපේ රටේ මෙහෙම නිදන් නැහැ (නදී)
ලොකු නිදානයක් හම්බ වෙන්න ඇති (නදී)