IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොතුහැර දුම්රියට තව අපලයක්

පොතුහැරදී පසුගිය 30 වැනිදා  අනතුරටපත් දැයට කිරුළ දුම්රිය  කොළඹට ඇදගෙන එද්දී අද අලුයම පොල්ගහවෙල ගිරාඹේදී  පිලී පැන්නේය.එම අනතුරින්  සිදු වු පාඩුව රුපියල් දා හත් කෝටියක් පමණ වේ.

ඒ නිසා උතුරු දුම්රිය කුරුණෑගලට පමණක් සීමා වීය.මේ නිසා කාර්යාල දුම්රිය කිහිපයක්  අද පෙරවරුවේ ප්‍රමාද විය.මගීහු ද අතරමං වුහ.

ගම්පහ ඇතුළු ප්‍රධාන දුම්රිය  දුම්රිය ස්ථානවලත්, අනු දුම්රිය ස්ථානවලත් මඟීනට රස්තියාදු වීමට සිදු විය.

 



අදහස් (0)

පොතුහැර දුම්රියට තව අපලයක්

වසන්ත Monday, 19 May 2014 09:50 AM

මේක සාමාන්‍ය දෙයක්. රජය ප්‍රවාහනය (දුම්රිය) සඳහා මීට වැඩි මුදලක් ආයෝජනය කොට,පරිපාලනය නිවැරදි කළ යුතුයි. දුම්රිය ධාවනයට පුද්ගලික අංශයටත් ඉඩදෙන්න. (නි)

:       0       0

සත්‍යපාල Monday, 19 May 2014 10:09 AM

වසන්ත මරු අදහස' ඔතනට තමයි එන්න ඕනා' ඒක තමයි කාටත් කරගන්න ඕනා. එතකොට පෞද්ගලික බස් සේවය වගේ හැම දුම්රිය නවතුම්පොලකම නවත්තගෙන සෙනග පටවයි.(නදී)

:       0       0

භානුක Monday, 19 May 2014 10:24 AM

රේල් පිල්ලේ ඉඳලා දුමිරිය දක්වාම පලවන පරාක්‍රමබාහුගේ සමයේ ඉඳන් පැවතගෙන එන ඒවා. ඒවා නවීකරණය කරන්න වත් පරිපාලනය කාර්යක්ෂම කරන්න වත් මුදල් නැහැ. හැබැයි සෑම තැනම පිට ඔපේට නම් සල්ලි තියනවා. (නදී)

:       0       0

මෙවන් Monday, 19 May 2014 10:31 AM

ඉතින් සත්‍යපාල මහතා දැන් කියලා වෙනසක් තියේද? එක්කෝ හැප්පෙනවා. නැතිනම් පීලි පනිනවා. එහෙමත් නැතිනම් වර්ජන. පුද්ගලික අංශයට දීම කෙසේ වෙතත් මට තේරුම් ගන්න බැරි මේ වගකිව යුත්තෝ නිහඬ ඇයි කියලා. හැබැයි ඉතින් ඒ උදවිය ඇහුවොත් මට කියන්නේ එතනට ගිහින් කැඩුන කෝච්චි හදන්න කියල ද? ඒකටත් කරබා ගන්න වෙන්නේ අපිටමයි. (නදී)

:       0       0

කමණී Monday, 19 May 2014 10:40 AM

ඔක්කොම පාඩු ගෙවන්න වෙන්නේ අපේ දුප්පත් වැටුපෙන් තමා.(නදී)

:       0       0

තබිත Monday, 19 May 2014 10:46 AM

සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහනය වගේ එදිනෙදා අත්‍යවශ්‍ය දේ වත් සපුරගන්න බැරි තැනට පත්වෙලා. ජන්ද පැවැත්වීම තමා දැන් අපට තිබෙන විසඳුම.(නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 19 May 2014 10:52 AM

මේකත් පුද්ගලික අංශයට දුන්නොත් අර ලංගමයට ඉස්සර වුණා වගේ වෙයිද? (නි)

:       0       0

ගුණපාල Monday, 19 May 2014 11:00 AM

මමත් දුම්රියෙන් කොළඹ එන්නේ.සඳුදා උදේටම තමයි ඕවා ඇදගෙන එන්න තියෙන්නේ මිනිස්සු රස්තියාදු කරන්න.මොකද දිග නිවාඩුවක් ඉඳලා මිනිස්සු වැඩට එන්නේ අදනේ. (නි)

:       0       0

සුනිල් Monday, 19 May 2014 11:05 AM

මේ මහජන සේවය නගා සිටුවන්න සල්ලි නැහැ කීවත් බොරු ෂෝ වලට පුද්ගලික වර්නනා වලට මොනතරම් සල්ලි කන්දරාවක් නාස්ති කරනවද අද? (නදී)

:       0       0

නිමාලා Monday, 19 May 2014 11:33 AM

අපරාදේ කාලය - වගකීමක් නොමැති කම (නදී)

:       0       0

ප්‍රියා Monday, 19 May 2014 11:42 AM

දැයට කිරුළ දුම්රියේ නම වෙනස් කිරීමට කාලය පැමිණ ඇත - වලට කිරුල ලෙස නම් කරනු (නදී)

:       0       0

මොහමඩ් Monday, 19 May 2014 12:55 PM

පොල්ගහවෙල සිට මහව හන්දියට දිවිත්ව දුම්රිය මාර්ගයක් දැම්මා නම් මේ ප්‍රමාදයන් සහ අනතුරු අවම කරගත හැකියි. (නි)

:       0       0

වසන්ත Monday, 19 May 2014 01:48 PM

සත්‍යපාල මහත්තයෝ,අපි අවංක වෙමු. ඔබතුමා පිටරට වැඩ කරලා ඇතිනේ. එම රටවල ඇති නරක දේ නොව හොඳ දේ අපි ගනිමු.මගේ අදහස දුම්රිය ගාස්තුවත් වැඩි කළ යුතු බවයි. පරිපාලනයද නිවැරදි කරමු. (නි)

:       0       0

අමිල චතුරංග Monday, 19 May 2014 02:43 PM

මගී ජනතාව ස්ටේෂමට ගියාම අද දුම්රිය ඒවිද නැද්ද කියලා දන්නෙ නැහැ. ඒ ගැන අහන්න අඩුතරමෙ ටෙලිපෝන් නම්බරයක් වත් නැහැ. මගීන්ට ලැබෙන්නෙ යාන්තං මිට ගහපු සේවාවක්. මේවා කෑලි කඩලා පුද්ගලීකරණය කරලා ඒවා හරියට නියාමනය කරානම් හරි. ටෙලිකොම් ක්ෂේත්‍රයම කාලයක් ආන්ඩුවට තිබුනේ. පස්සෙ කාලෙක ටෙලිකොම් එක පුද්ගලීකරනය කරලා ඉන් පස්සෙ පුද්ගලික සමාගම් වලට ජංගම දුරකථන වලට අවස්ථාවත් ලබා දුන්නා. එදා එහෙම නොකලා නම් අදත් අපි කෝල් එකක් ගන්න බොක්ස් ගාව නැත්තං ටෙලිකොම් එක ලග පෝන් ගන්න පෝම් කොල පුරවන්න පෝලිමේ. පුද්ගලීකරණය කියන්නෙ කුනු කොල්ලයට දෙන එක නෙමෙයි. විධිමත් රාමුවක් යටතේ පුද්ගලීකරණය කිරීම පාඩු ලබන රාජ්‍ය ආයතන වලට වාසිදායකයි. වැඩිපුර ඉන්නෙ ආදායම් බදු ගෙවන මිනිස්සු සහ දුම්රිය මගීන්. ඉතා සුළුතරයක් වෙන දුම්රිය සේවකයින් හා පාලකයින්ට වඩාත් වාසිසහගත විදියට මේ සේවාවන් පවත්වාගත යුතුද? නැත්න්ම මගීන්ට වඩාත් සාර්ථක සේවයක් ලබාදෙනු පිණිස නියාමනයක් යටතේ පුද්ගලීකරණය කල යුතුද? ඒව තමයි අපි හිතන්න ඕනි දේවල්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site