(
යොහාන් භාසුර)
පොතුවිල් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන මුහුදු මහා විහාරයේ වසර 2200 කට වඩා පැරණි පුරාවස්තු අන්තවාදීන් විනාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් මුදලට සහ ඡන්දවලට යටවී නීතිය ක්‍රියාත්මක නොකර බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පුරාවස්තු සංහාරයට ඉඩදී බලාසිටින බව කී මන්ත්‍රීවරයා භික්ෂූන් වහන්සේලාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා ස්ථානවල නිලභාරකරුවන් හැටියට බලයක් දෙන්නේ නම් එම විහාරස්ථානයේ වහන්සේලා ස්වේච්ඡාවෙන්ම පුරාවස්තු රැකගැනීම සූදානම් බව ද සඳහන් කළේය.
පොතුවිල් ප්‍රදේශයේ පිහිටි තර්ජනයට ලක්ව තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාමක් ඇති ස්ථාන පිළිබඳව සොයා බැලීමට එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
සෙංගමුව වන රක්ෂිතයට අද වන රක්ෂිතයක් නොමැති තත්වයට පත්ව ඇති බවත් ප්‍රාදේශීය ලේකම් සහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතු`ළු බලවතුන්ගේ අනුග්‍රහයෙන් වනය සම්පූර්ණයෙන්ම කපා ගම්මාන පිට ගම්මාන ඉදිකර ඇති බවත් ඒ මහතා කීය.
පුරාවිද්‍යා රක්ෂිතයේ ගල් ටික ගලවා එක තැනකට එකතු කර, ඇතැම් ඒවා කළපුවට විසිකර ඇති බව කී ඒ මහතා පුරාවිද්‍යා රක්ෂිතයේ මායිම් ගල් ඉවත් කර ලෙන් විහාර සහිත පුරාවිද්‍යා බිම විනාශ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හරි හමන් සිංහල බෞද්ධ නායකයෙක් ඕනෑ. එහෙම කෙනෙක් පේන තෙක් මානෙක නෑ. එය කණගාටුවට කාරණයක්...!
අන්න ඡන්දයක් අතළඟ... කට්ටිය ඵළිපිට වැඩ..
ඔය පරණ සංගීතයට නැවතත් මේ රටේ ජනතාව මුලාවී නැටුවා නම් ඔක්කෝටම අබසරණයි.
අරගලයෙන් සිංහල බෞද්ධ නායකයන් එලෙව්වේ අන්තවාදීන්ට ඔය ටික කරගන්න තමයි. ඒක නොතේරෙන හරක් ඒකට උල්පන්දම් දීලා අන්තවාදීන්ට ඕනේ දේම කළා. 2015දී යහපාලනයට සහයදුන් සියළුදෙනා රටට වූ මේ විනාහයට වගකිව යුතුයි. ඔවුන් හුඟක් දැන් පිට රටවලට ගිහින් ඒ වන්දිය ගෙවනවා...
දැන් පාහර ජෙප්පෝ කියයි මේක ජාති වාදය කියලා....
වර්තමාන ජනාධිපතිට ඔය නැගෙනහිර වන රක්ෂිතවත්, පුරාවිද්‍යා රක්ෂිතවත් වැඩක් නැහැ. එයාට ඕනේ එන පාර ඡන්දෙදී තමුන්ට වැටෙන ඡන්ද ගොඩ කොහොමහරි වැඩිකරගන්න විතරයි...!
එතන බලුවත් හොරකම, මෙතන බලුවත් හොරකම..