(අංජුල මහික වීරරත්න)
වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත්, රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
පොලිස් දෙපාර්තමේන්තුව රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටින අතර ඊට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙන බවද ටිරාන් අලස් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයා හිනාවෙනවා ඇති මේ කියමන් වලට...
කාගේ පාතාලයද මර්‍ර්ධනය කරන්නේ...? රනිල්ගේද? මහින්දගේද?
අනේ මන්දි මොනවා දොඩවනවද කියලා. නිකම් හිටිවන කවි මඩ් වගේ.
කියව කියව ඉන්න එපා ලොක්කා පාතාලයින් ඔවුන් සඟවා තිබෙන තුවක්කු පෙවන්න කියලා එක්ක යන්න. ඒවා පලකරන මාධ්‍ය කාරයින්වත් මට්ටු කරන්න.
පාතාලයේ ගෝඩ් ෆාදර්ලා පාතාල මර්දනය ගැන් කතා කරයි.
වැඩ බැරි ටිරාන් හැමදාම කියනවා එත් උන් මිනිස්සු මරනවා.
පාතාලය පිටුපස ඉන්නේ දේශපාලකයින්. ඉතින් ඕක මර්දනය එදා මෙදා තුර කයිවාරුවක් පමණයි. බැද්දගාන සංජීව, සොත්ති උපාලි, ගෝනවල සුනිල් ආදීන් බඩ පිදුම් ගැහුවෙ කාගෙ ආශිර්වාදයෙන් ද?
ලොකු පොලිස් නිලධාරීන් ගේ සහය ඇතිව ජනතාවට හිරිහැර කරන්නේ ගෑනු පාතාල කාරයොත් ඉන්නවා මේවා කොහොමද නවත්වන්නේ ?
රාඩා ආයතනයෙන් රුපියල් මිලියන 600 ක් බැසිල් කපුටාගේ අනුග්‍රහයෙන් අරගෙන , ඒ සල්ලි ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාට ලබාදුන් ටිරාන් අලස් වන ඔබ පාතාලයෙක් නොවේද ? නැතිනම් බබෙක්ද ?
පාතාලකාරයෝ රජ කෙරුවේ දූෂිත දේසපාලුවන්ගේ පිහිටෙන් කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.දන්නෝ හොන්දාකාරවම දනිති.සුදු වෑන්,ගාතන ,අතුරුදහන් ,කරපු කාලේ ? කැළෑ නිතිය රජකරපු හැටි.