
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලුත් කඩේ අධිකරණයේ සිදුවූ වෙඩි තැබීම ගැඹුරින් සලකා බලන බවත් රජය පාතාලයට කිසිදු බුරුලක් නොදෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අලුත් කඩේ අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.
පාතාලය වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය.
අපි මේ කාරණය ගැන ගැඹුරින් කල්පනා කරනවා. පාතාලය සම්බන්ධයෙන් දැනටමත් පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඉන්දියාවේ හා ඩුබායි හිටපු පාතාලකරුවන් කිහිපදෙනකු මේ රටට ගෙන්වා ගැනීමට රජයේ පසුගිය දිනවල කටයුතු කළා. පාතාල මර්දනය සම්බන්ධයෙන් ගත් සමහර ක්‍රියාමාර්ග මෙතන හෙළි කරන්න බැහැ.
පාතාලය කළු සල්ලි කුඩු ජාවාරම් එකිනෙකට සම්බන්ධයි. මේවා මෙහෙයවන සමහර අය ලංකාවෙත් නොවෙයි ඉන්නේ. සමහර තැන්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන්ද සම්බන්ධ වෙලා තියෙනවා. පාතාලය මර්දනයට විශේෂ කාර්ය බළකාය පොලිසිය බුද්ධි අංශ යොදවලා තියෙනවා.
සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා
නීතිඥවරයෙකු විදියට පැමිණි පුද්ගලයකු අලුත් කඩේ උසාවියේ වෙඩි දැමීමක් කරලා ගිහින් තියෙනවා. මේක විශාල අර්බුදයක්. ඊට කලින් මිද්දෙණිය වෙඩි තැබීමක් සිද්ධ වුණා. මේක විහිළු කතාවක් නොවෙයි. නීතිඥවරුන්ගේ ආරක්ෂාව ගැනත් ප්‍රශ්නයක් මතුවෙලා. මේ ටිකටම මරණ 78කට වැඩියි. මේ විදිහට ගියොත් මේක කොයින්ද නතර වෙන්නේ?. අලුත් කඩේ වෙඩිතැබීම ඉතා දැඩිව සැලකිල්ලට ගත යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ දැන් බුරුල් කරගෙන ඉවරයි.
නලින්ද? මොහොතකට ඔබ දැන් ඉන්නේ විපක්ෂයේ යැයි සිතලා මේ සිද්ධිය ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ. කොහොමද කතාව? ඉන්න ආණ්ඩුවට බැණුම්නේ... අපි ඒවා අහලා... ඒ කාලේ චූන් වෙලා, ඔයාලාට ඡන්දෙ දුන්නා.
දුන්නු බුරුල හොඳටම ඇති...
හොඳටම තද කරලා නිසා, උසාවිය ඇතුළටම ඇවිත් තියලා යන්නේ...
අප්පට සිරි... ඒ කියන්නේ ආන්ඩුවේ වැඩක්ද මේක? අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න හරි ලේසියිනේ. කොහොම ෙවුණත් මේ මුලු පාතාලයම විනාශ කළ යුතුයි.
මෙයාලාට පෙන්නන්න ඕනෑ අතේ ඇඟිලි පහෙන් හතරක් නමලා මැද ඇඟිල්ල කෙලින් කරලා තමයි සහෝදරි සහෝදරවරුනි..!
මොවුන් කියන කිසි දෙයක් දැන් විශ්වාස කරන්න බෑ. පහුගිය මාස දෙක තුනේදී මාසෙට පාතාල මිනීමැරුම් විසි ගණන්. නවත්තන්න ගත්තු කිසිම ක්‍රියාමාර්ගයක් නෑ. මහජන ආරක්ෂක ලේකම්, CID ලොක්කා දේශපාලන පත්වීම්. ඔවුන්ට වැඩ බෑ. මෙහෙම ගියොත් සංචාරක ව්‍යාපාරයත් කම්මුතුයි.
මේ වෙඩි තැබූ සැකකරු එම ස්ථානයෙන් පලාගිය බව වාර්තා කර තිබුණා. මෙතරම් ආරක්ෂකයින් සිටින අධිකරණ භූමියක මෙලෙස කෙනෙකුට වෙඩි තබා පලාගියේ කෙසේද?
ඊනියා NPP කතා පැත්තකට දමා ආණ්ඩුවේ බලය අපගේ JVP සහෝදරයින් අතට ගත යුතුයි. මේ සියලු ප්‍රශ්නවලට ඇති විසඳුම එයයි...
දැන්නම් බුරුලට යනවා වගේ... උද්දච්ච, පම්පෝරි කාරයින්ට.
අපේ රටේ කාටවත් වැඩක් කරන්න බෑ. එක්කෝ මානවහිමිකම් කියාගෙන එනවා. නැත්නම් දේශපාලන පක්ෂ උඩ පනිනවා. හිටපු පොලිස්පතිතුමා පාතාලය මැඩගෙන එනකොට එයාට විරුද්ධව උසාවි ගිහින් ඒක නතර කරලා දැම්මා. මාලිමාව විපක්ෂයේ ඉන්නකම් පාර්ලිමේන්තු වේදි දැඟළුවා පාතාලය මඩින වැඩසටහන් වලට විරුද්ධව.
ඉස්සරවගේ මැති ඇමැතිලගේ පාතාලය එක්ක සම්බන්ධතා නැති නිසා අලුත් ආණ්ඩුවට ලේසියෙන්ම මේක ඉවරයක් කරන්න.
මේ තවත් හොරෙක්...!
එක අතකින් මේ යන විදිය හොඳයි. මොකද මරාගන්නේ පාතාල පාතාලමයි. ක්ලීන් ශ්‍රී ලංකා..!
මොන දඩුවමක්ද අපේ බදු සල්ලි වලින් කාල බීල මැරෙන කල් සුරක්ෂිතව ඉන්න තියන එක මොන තරම් සැපක්ද? මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම හැර වෙන විකල්පයක් නැද්ද. අනවසර ගිනි අවි දැරීමටද මරණ දඩුවම පැනවීම සඳහා නීති සංශෝධනය කරන්න.