මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වෙන්නේ රටේ ආරක්ෂාවට බලපෑම් තියනවායි කියල ජනතාව බිය ගන්වා ඒ මාර්ගයෙන් ඡන්ද අරන් අගමැති වෙන්නයි. අද මහින්ද රාජපක්ෂගේ ඒ දේශපාලනයේ හුළං බැහැලයි ඉවරයි. එයා මොන හීන දැක්කත් ඉදිරි මැතිවරණයෙන් පසු අපේ රටේ අගමැතිවරයා අපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. රාජ්‍ය ආරක්ෂාව ගැන කියන ගමන් එයා කියනවා අපේ පක්ෂයේ පාතාලයක් ගැන. අපේ පක්ෂය මේ රටේ පාතලයට ඉඩක් නොදෙන බව ඉතා පැහැදිලිව කියනවා යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂක රුවන් විජයවර්ධන මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වම්බෝට්ටලා, චුටි මල්ලිලා, රතු මල්ලිලා, ආමි ජිනේලා පහුගිය කාලේ මිය ගියා. ඒ වගේ දැන් ඉන්න පාතාලයත් නැති කර දැමිය යුතුයි.(නදී)
බ්ලුමැන්ඩල් සිද්ධියේදී එක පැත්තක පාතාලයෝ අනිත් පැත්තේ පාතාලයන්ට වෙඩි තිබ්බා කියලයි පත්තර වල දැක්කේ ? (නදී)
මෙවර ඡන්දෙට පිටරටට පැන ගිය පාතාලයින්ව දේශපාලඥයන් විසින් ගෙන්වා ගෙන ඇති බව වාර්ථා වෙනවා (නදී)
බ්ලුමැන්ඩල් සිද්ධියේ ඇත්තටම මොකද උනේ. දෙපැත්තේ අය දෙපැත්තට ගහගන්නවා. ඇත්ත මොකක්ද ? (නදී)
ඔබතුමා වැනි වීරෝධාර පුරුෂයින්ට සැමදා අපේ උත්තමාචාරය! (නි)
අපේ විශ්වාසයත් එයමයි (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ජනතාවගේ හද ගැස්ම හඳුනාගන්න. නිහතමානිව රටට වැඩක් කරන්න. ඔබතුමාට ජය පතමි! (නදී)
හැම ආණඩුවක්ම පාතාලය එක්ක සම්බන්ධකම් කියා ගන්නවා. ඒ නිසා පාතාලය නැති කරන්න ගොඩක් අමාරුයි (නදී)
උගත් බුද්ධිමත් මිනිස්සුයි ඔය කතා වලට සවන්දෙන්නේ. පක්ෂය තුළ කතිකාවතක් ගොඩනඟා නිවැරදි ලෙස ගමනක් යන්න. ජයවේවා! (නි)
ඔබතුමා වැනි පිරිසිදු උගත් බුද්ධිමත් චරිත පක්ෂයට සහ රටට උවමනාය. ඡන්දය දිනන්න මැරයන් අනවශ්‍යය. කරුණාකර මැර දේශපාලකයන්ට විරුද්ධව පක්ෂය තුළ සටන් කරන්න (නි)