IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති

(සුජිත් හේවාජුලිගේ)

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් එම ඉල්ලීම කර ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුවූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා අතුරුගිරිය නගරයේදී මහදවල් වෙඩි තබා ඝාතනය කිරීමෙන් සිද්ධියෙන් පසුවය.

පාතාලයට මේ ආකාරයට නැටීමට ඉඩ දුනහොත් රටේ සාමය පවත්වාගෙන යන්නේ කෙසේදැයි එම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් පසුගිය සතියේදී ප්‍රබලව ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

අත්‍යවශ්‍ය සේවා නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවටද එම මැති ඇමතිවරුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය දිනවල හිටිහැටියේ කළ දුම්රිය වැඩ වර්ජනයෙන් මගීන් විශාල පිරිසක් දුෂ්කරතාවයට පත්වීම සැලකිල්ලට ගෙන යැයි කියති.

ජනතාව පීඩාවට පත්කරන වෘත්තිය සමිති නායකයන් සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරුන් නොපමාව දැඩි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද දැඩිව පෙන්වාදී ඇත.

ඇතැම් වෘත්තීය සමිති නායකයන්යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර උඩ ගන්නා තීරණ නිසා මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත්වන බව ප්‍රකාශ කර ඇති රණතුංග මහතා දුම්රිය වර්ජනය හේතුවෙන් ඇති වූ තදබදය නිසා ගම්පහ ප්‍රදේශයේදී මගියෙකු දුම්රියෙන් වැටී මිය ගිය බවද සිහිපත් කළේය.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දී ඇත්තේ මැතිවරණවලදී අවාසි සහගත තත්ත්වයක් ඇතිවුවත් ජනතාව පීඩාවට පත් කරන වර්ජකයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගතයුතු බවයි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතාද ජනතාව පීඩාවට පත් කරන වර්ජකයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගතයුතු බව පෙන්වාදී ඇත.

ඉල්ලීම් දෙන බව පවසා තිබියදී දුම්රියසේවකයන් මෙසේ වර්ජනය කිරීම සහ ගහන අපරාධයක් බවද ඔහු ප්‍රකාශ කර ඇත.



අදහස් (14)

පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති

රංබොඩ Sunday, 14 July 2024 11:58 PM

වෘත්තිය සමිති පාතාලය සහ අවි අමෝරාගත් පාතාලයත් කෙසේ හෝ මැඩලිය යුතුමයි. නැත්නම් රටට ඉදිරි පියවරක් නැත.

:       1       6

Perera Monday, 15 July 2024 12:31 AM

පාතාලයොත් එක්ක එකට ඉන්නේ මැති ඇමැතිලාමනේ...

:       0       7

sunanda Monday, 15 July 2024 12:38 AM

ඔය දුම්රිය වර්ජනය පිටුපස හිටියේ ආණ්ඩුවට කඩේයන වෘත්තීය සමිතියක්.නොදෝමකින් විතරක් සිංහයෝ වගේ ඇවිල්ලා අන්තිමට බලුවෙලා,

:       6       18

විජිත් Monday, 15 July 2024 01:39 AM

පාතාලය මර්දනය කරනු !!! මේ කියන්නේ කවුද ? ශ්‍රී ලංකාවේ සිටින පාතාලයින්ගේ මුලස්ථානය වන දියවන්නාවේ ඌරු කොටුවේ අරක්ගෙන සිටින ප්‍රභලම පාතාලයින් රැලයි.මිනීමැරුම් , කප්පම් ගැනීම් , තර්ජනය කිරීම් , ස්ත්‍රී දුෂණ , මහාපරිමාණ හොරකම් ...ආදි නසරානි වැඩ පිලිබඳ නම් දැරූ 225 පමන වන පාතාලයින් සහ උන්ගේ නාකි ගෝඩ් ෆාදර් අරක්ගෙන සිටින මේ දියවන්නාවේ ඌරු කොටුව මේ පාතාලයින් සමගම විනාශ කරන්න දෙවියනේ.

:       3       23

C.K.Lankaputhra Monday, 15 July 2024 05:07 AM

මේ කට්ටියට පිස්සුද මන්දා. පාතාලය සංවර්ධනය කරන කට්ටිය පාර්මේන්තුව ඇතුලෙම ඉඳද්දි , පොලිස් ඇමැතියි පොලිස්පතියි යුක්තිය ඉෂ්ට කරද්දියි, මේ මොන මගුලද්ද කතා කරන්නෙ.

:       3       14

චතුරි Monday, 15 July 2024 05:40 AM

කන්ජිපානි විරුද්ධ කට්ටියගේ නම් ටික ඉල්ලුවා. ඡන්දෙට ඉස්සෙල්ලා අපාගත කරන්න මුන්ට මුල මතක නැහැලු අපි අද මේවගෙ ඉන්නෙ උන් හින්දා.

:       2       6

පුරන්සිංහ Monday, 15 July 2024 07:31 AM

දැන් ඇමැතිවරු බයවෙලා පාතාලයට ඔක්කෝටම වැඩිය...

:       3       12

Ramam Monday, 15 July 2024 08:03 AM

පාතාලය විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න බලෙන් ඉඩම් අල්ලන් ඉන්න අලි සබ්‍රී රහීම් වගේ මන්ත්‍රීලා ගැනත් පියවරක් ගන්න. ඒවා පෙනෙන්නේ නෑ නේද.

:       3       16

gammanpila Monday, 15 July 2024 08:36 AM

පාතාලය මැඩලන්න නම් ෆොන්සේකා මහතාට එය බාරදෙන්න . ඔහු මාස දෙකකදී වැඩේ ඉවර කරාවි .

:       10       18

priyantha Monday, 15 July 2024 09:59 AM

සරත් ෆොන්සේකා තමයි හොඳ...

:       0       5

පිටිගල මිලානෝ Monday, 15 July 2024 10:19 AM

පාතාලයෝ ඉවර කරන්න කියලා පාතාලයෝම ඉල්ලනවා… බොරු ටෝක්ස්…!

:       0       1

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 10:44 AM

මේවා ඔක්කොම වැල් බයිලා, පාතාලය හා පාතාලයන් යනු දේශපාලකයන්ගේ ගජ මිතුරුන්ය. ඒක රටේ ප්‍රසිද්ධ රහසකි. මත්ද්‍රව්‍යය, නීති විරෝධී මත්පැන් හා ගනිකා ව්‍යාපාරය වගේම කුලියට මිනි මැරිමේ හා පැහැරගෙන යාම වැනි සියලු නීති විරෝධී වැඩ වලට මේ දේශපාලකයන්ගේ ආශිර්වාදය අනුග්‍රහය මෙන්ම උපදෙස්ද ලැබෙනවා ඇත. ඒවගේම දේශපාලකයන්ගේ උවමනා එපාකම් හා අඩුපාඩුද ඉටු වෙන්නේ මේ පාතාලයන් හරහාය. ඒ නිසා ලංකාවේ දේශපාලනය හා පාතාල යනු ගහට පොත්ත මෙනි. එහෙව් දේශපාලකයන් පාතාලය මර්දනය කරන්න යයි ඉල්ලා සිටිනවා යයි කීම විහිළුවකි.

:       1       2

Raman Monday, 15 July 2024 10:53 AM

@gammanpila. දැන් අවුරුදු කීපයකට කලින් ෆොන්සේකා කැලණිය පැත්තේ අයිස් මංජු වගේ නමක් තියෙන කෙනෙක් සහ තවත් කෙනෙක් ගැන අහිංසක ළමයි කිව්වා. ඡන්දෙට උදව් කරන අය කිව්වා. ඒ කාලේ පොලිසිය කිව්වා ඔවුන්ව අත්අඩංගුවේ ඉන්නකොට ෆොන්සේකා (යහපාලන ආණ්ඩුවේ ඇමැති කෙනෙක්) ඔවුන්ව නිදහස් කරගන්න බලපෑම් කරනවා කියලා. ඒ නිසා ඔය හීන ලෝකෙන් එළියට එන්න...!

:       2       1

රෝයි ෆෙඩ්රික්ස් Monday, 15 July 2024 11:17 AM

පිස්සු නම් කරන්න එපා. එතකොට අර ඇලෝසියස්ගෙන් ගෙයක් තෑගි ලැබුණු මනුස්සයා, අර උසාවියේදී කිසිම දෙයක් මතක නැති වුණු, සුර්යා වන් කරුණාවට නායකයා ඡන්ද වැඩ කරන්නේ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site