කැබිනට් ඇමතිවරුන් පත් කරීමේදී පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයකුට හෝ කැබිනට් ඇමති ධූරයක් ලබා දීමට අගමැතිවරයාට සිත් පහළ වේවායි ප්‍රාර්ථනා කරන ලද අධිෂ්ඨාන පුජාවක් අද (7) සවස හලාවත - කාක්කපල්ලිය මංසන්ධියේදී පැවැත්වුණි.
එළිවිටිය ශ්‍රී සුදර්ශනාරාමාධිපති කුලියාපිටියේ අමිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අධිෂ්ඨාන පහන් පුජාව සිදුකළ අතර තෙල් පහන් සහ ඉටි පහන් අතින් ගත් පිරිස අධිෂ්ඨ පාඨ කියමින් පුත්තලම දිස්ත්‍රික්කයට කැබිනට් ඇමති ධූරයක් නොලැබීමෙන් ජනතාවට විශාල අසාධාරණයක් සිදු වන බව කීහ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පත් කළ බවත් නමුත් තම ගැටළු සම්බන්ධයෙන් කථා කිරීමට කැබිනට් ඇමතිවරයෙකු නොමැති වීම කනස්සල්ලට කරුණක් බවත් ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු අධිෂ්ධානය සඵල වෙයිද කියලා (නි)
කියලා වැඩක් නැහැ මේවා ගැන නම්. (නි)
දේශපාලකයින්ගේ ගණන අඩුවේවා! අපේ නම් පැතුම එයයි (නි)
වත්මන් රජයට පුත්තලමට සුදුස්සෝ සිටීද කියා අපි බලමු (නි)
සියළු පැතුම් සඵලවේවා! (නි)
ඔබගේ බලාපොරොත්තු ඉෂ්ටවේවා! (නි)
අපි බලමුකෝ ලැබෙයිද කියලා (නි)
ඇමතිකමක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුගේ පෙළඹවීමක්ද? (නි)
ගණන වැඩි කරගෙන බර අපිටම තමා (නි)
අපි කල්පනා කරන්නේ මේ ඉන්න අය ටිකක් අඩු කරගන්න විදියක්. මෙයාලා තව බලාපොරොතු වෙනවා.අම්මපා! කවදා හදන්නද මේ රට? (නි)
අපි බලමුකෝ... (නි)
එයාලා අඩුවෙන තරමට හොඳයි (නි)
පුත්තලම දිස්ත්‍රික්කය මීගමුව, කොච්චිකඩේ සිට අනුරාධපුර පාරේ සාලිය වැව දක්වා සහ කල්පිටිය වනාතවිල්ලුව ආනමඩුව ඇතුළු ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබෙන සිංහල, මුස්ලිම්, දෙමළ වැසියන් ජීවත්වන ගොවි සහ ධීවරයින් සිටින ප්‍රදේශයක්. එමෙන්ම කල්පිටිය දියුණු කරමින් තිබෙන සංචාරක කලාපයක්. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක පමණ පාලන ප්‍රදේශයක්. ජනතා ගැටළු අති විශාලයි. කැබිනට ඇමතිධුරයක් වෙන්කිරීම සාධාරණයි. (නි)
හැබෑටම ඔය ඉල්ලන විදිහට, දිස්ත්‍රික්කයට එක්කෙනා ගානෙ දැම්මා නම් හරි (නි)
ජනතා ගැටළු අති විශාල නම් හොඳටම ගැලපෙන්නේ රාජපක්ෂ කෙනෙක්ම තමයි.(ම)
එක අතකට සාධාරණයි පඳුරකට පයින් ගැහුවහම දුසිම් ගානක් විසිවෙන්න ඇමතිලා ඉන්න රටේ මොකද දිස්ත්‍රික්කයකට අඩුම ගානේ එක්කෙනෙක්වත් එන්න මේවා බෙදන්න බැරි. (ම)
දේශපාලක වන්දනාවෙන් තොර රටක් කවදා උදාවේවිද මන්දා (ම)