පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සුමිත් චන්දන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹට මාරැ කර ඇත.
ඔහු භාරයේ තිබූ ලිපි ලේඛණ සීල් තබා තිබේ.
නව සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස සමන්ත ජයසිංහ මහතා කොළඹින් එහි යවා ඇත
පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේ කාමරයක තිබූ ඡන්ද පත්‍රිකා මලු දෙකක් සොයා ගැනීමෙන් පසු රහස් පොලිසිය සහ මැතිවරණ කොමාසරිස් මහින්ද දේශප්‍රිය මහතා ද වෙන වෙනම පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදෑ
ඡන්දයට නාම යෝජනා දීපූ දවසේ ඉඳලා ප්‍රතිඵල කියනකං සිද්ධ වෙන සාධාරණ ඡන්දයක් පවත්වන්න මැතිවරණ දෙපාර්තුමේන්තුව කරපු කැප කිරීම අත් දැකපු අයයි ඡන්දයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන්ගේ හෘද සාක්ෂියයි (ඡන්දය අසාධාරණයි කියලා කෑගසන අපේක්ෂකයන්ගේ පවා) ඇත්ත මොකක් ද කියලා දන්නවා. සහකාර කොමසාරිස්වරයාගේ නිර්දෝෂීත්වය හෙළි වෙනවාමයි. (ස)
ඡන්දයට නාම යෝජනා දීපූ දවසේ ඉඳලා ප්‍රතිඵල කියනකං සිද්ධ වෙන සාධාරණ ඡන්දයක් පවත්වන්න මැතිවරණ දෙපාර්තුමේන්තුව කරපු කැප කිරීම අත් දැකපු අයයි ඡන්දයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන්ගේ හෘද සාක්ෂියයි (ඡන්දය අසාධාරණයි කියලා කෑගසන අපේක්ෂකයන්ගේ පවා) ඇත්ත මොකක් ද කියලා දන්නවා. සහකාර කොමසාරිස්වරයාගේ නිර්දෝෂීත්වය හෙළි වෙනවාමයි.(නදී)
බස්නාහිර පළාත් සබා ඡන්ද රාජකාරි වලටද දන්නේ නැහැ (නි)
මැතිවරණයක් සාධාරනව පවත්වාගැනීමට රජයේ නිලධාරීන් බාධක මැද දරණ වෙහෙස අගය කල යුතුයි. මෙම සිදුවීම උලුප්පා කෑගසන අය සත්‍ය වටහා ගනීවීයි ප්‍රාර්ථනා කරමු (දී)
ඉබ්බා දියේ දානකොට ඈන්නෑවේ කිවුවලු.පුත්තලමින් කොළඹට මාරුවක් ලැබුනා කියන්නේ කොයිතරම් වාසනාවක්ද? (නි)
විභාග කොමසාරිස් තුමාට මෙම පදවිය දෙන්න තියෙන්නේ. පසුගිය කාලවල ප්‍රශ්න පත්‍ර වල රහස්‍යභාවය ඉතා හොඳින් රැකපු කෙනෙක් එතුමා. (ස)
එතුමා මැතිවරණය වෙනුවෙන් කළ උදාර සේවයට උපහාරයක් පිණිස කොළඹට මාරුකර යවා තිබෙනවා. කොච්චර හොඳද නේද? අර ඉතා සුළු අතපසුවීමකින් අමතක වූ ඡන්ද පත්‍රිකා මලු ගැන ඒ හැටි හිතන්න දෙයක් නැහැ. මීට වැඩිය කොච්චර නම් ලොකු "අමතකවීම්" ලෝකෙන් උතුම් රටේ වෙලා තියනවද? (නි)
කවදත් ජලය ගලන්නේ පහත්ම තැනින්. .එම නියමය මෙතනටත් සාධාරණ වේ .අවසානයේ දී සුළු නිලධාරියෙක් ගෙදර යාවි.. (ස).
පිටිගල - ස්තාන මාරුවක් දෙන්නේ,, ඒ පරීක්ෂණය හරියට කරන්න ඕන නිසා. එයා එතන තියල පරීක්ෂණ කරන්න ගියොත් එයාගේ බලපෑම් එනවා අනිත් අයට. පැනගෙන ප්‍රතිචාර දැම්මාට ඕවා තේරෙන්නේ නැහැ.(නදී)
මේකද දඩුවම? වගකීම පැහැරහැරිම නිසා පළමුවෙන්න්ම වැඩ තහනම් කළ යුතුය (නි)
අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසුවා වගේ (නි)
ගණන් කරන ලද චන්ද පත්‍රිකා හමුවෙලා තියෙන්නේ ඒවා සමග සේසදුම් ප්‍රකාශ {ටල්ල්ය් ශීට්} තිබිල තියනවා මෙතන ගණන් කරන ලද චන්ද පත්‍රිකා බාරදීමේ නොසේලකිල්ලක් සිදුවෙලද ? පරීක්ෂණ වලින් බල ගන්න පුළුවන්: (දී)
පිටිගල, චෝදනා ලැබිය හැකි බවට අනුමාන කෙරෙන නිලධාරියෙකු මාරුකරනවා කියන්නේ දඬුවමක් නෙමෙයි. එනමුත්, පරීක්ෂණයකින් පසු වරදකරු වන කෙනෙක් දඬුවමේ කොටසක් ලෙස මාරුකර යැවිය හැකියි. සහකාර කොමසාරිස්ට චෝදනා එල්ලවෙලත් නැහැ. නමුත් මැතිවරණ කොමසාරිස් කෙලින් පුද්ගලයෙක් (නි)
මේ සකළ රෝගවලම ආසන්න හේතුව දුර්දාන්ත දේශපාලනයයි. මින් ඔබ්බට හිතන්න දේශපාලකයින්වත් ඔවුන්ට ඡන්දෙ දෙන ජනතාවටවත් නොහැකිවීම රටේ ත් ජාතියේත් අවාසනාවක්. හොරකමට, දුෂණයට, වංචාවට තිතක් තියන්න "මතට තිත" තියන්න කතා කරන අයට බැරි මොකද කියලා හොයලා බැලුවොත් ගොඩක් දේවල් ඒකෙන් හෙළිවේවි. (නි)
කොළඹ නම් හොදයි (නි)
ඡන්දය තියෙන තැන් හොය හොයා මාරු කරනවා. මේක වෙන්න ඇති අලුත්ම ජිල්මාට් එක.(නදී)
මෙම නිලධාරියා මාරු කිරීම ප්‍රශ්නයට උත්තරයක් නොවෙයි. පරීක්ෂණ ඉවර වෙන තුරු නිලධාරියාගේ සේවය අත් හිටවිය යුතුයි. මෙයා වරදක් කරලා නැත්නම් යලිත් සේවයට ගත හැකියි. වෙන රට වල කරන්නේ ඒකයි. (නදී)
මේ ඔක්කොමලා කොමසාරිස් වරු වගේ...අලුත් අලුත් අත්දැකීම් ලබාගත්ත නිලධාරීන් ඊළඟ ඡන්දෙට යොදවන්න ඕනේ. නැතිව කොහොමද ඡන්දෙ තියන්නේ?(නදී)
රජයේ නිලදාරීන්ට දෙන සුපුරුදු දඩුවම දීලා දැන් ප්‍රශ්නය විසදයි.(නදී)
කට්ටිය සැහෙන උත්සහයක් දරනවා මේ ගෝනි දෙකෙන් ගොඩ එන්න ..ගණනය කිරීමෙන් පස්සේ ඉවත් කිරීමේදී වුනු නොසැලකිලිමත් කමක් කියල හොදටම පැහැදිලිව පෙනෙද්දී පුත්තලම් බුරුවො ටික මේකෙන් මුළු ඡන්ද ප්‍රථිඵලයම වෙනස් කරන්න හදන්නේ. මේ රටේ ඉන්න ඔක්කොම පුත්තලම් බුරුවො නොවන බව අමතක වෙලා. අපේ අසත්‍ය වගේ මොන්ටිසෝරි බබාල මේකෙන් හෙලු වහගන්න හැදුවට හරියන්නේ නැහැ. පසු බාගය ඔක්කොම එළියේ. උසාවි නියෝගයෙන් කරන පරීක්ෂණයෙන් පස්සේ ගෝනි දෙකේ අග මුල හොයාගත්තම බලමුකෝ කට්ටිය කියන දේවල්.(නදී)
මනෝ, දිනූ,කුමාර ඉදිරිපත් කරලා තියන අදහස් සමග එකග වෙන්න ප්‍රල්‍රවන්.(නදී)
මෙතන ඡන්ද ප්‍රතිපලයට කිසිදු බලපෑමක් සිද්ධ වෙලා නෑ.ගණන් කරපු ඡන්ද ගෝනිවල තිබිල තියෙන්නේ. ඡන්දය ගණන් කරනවා කියන්නේ සාමූහික වැඩක්. මේ ක්‍රියාවලියට සමිබන්ධ වන විශාල පිරිසක් ඉන්නවා. සුලු සේවකයින් අතින් වූ අතපසු වීමක් හෝ හිතාමතාම කාගේහරි වුවමණාවකට යමෙක් සිතා මතාම ගණන් කරපු ඡන්ද ගොණි ගෙනල්ලා තිබිබා වෙන්නත් පුලුවන්. කොමසාරිස් තුමා හරි මේ ඡන්ද ගණනය කරන ක්‍රමය ඉතා වෙහෙසකර, යල්පැනගගිය, කාලය හා මින්සුන්ගේ ශ්‍රමය අපතේ යවන,වරැද්දක් සිදුවීමේ අවධානය වැඩි එකක්. එබැවින් දියුණු රටවල තියන ඉලෙක්ට්‍රොනික් ගණනය කිරීමකට මාරුවෙන එක හොදයි. සහකාර මැතිවරන කොමසාරිස් නිර්දෝෂයි. මෙවර මැතිවරන නිලධාරින් සෘජුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු බවක් දැක්කා. කාට හරි ඔවුන්ගේ කොන්ද කඩන්න හරි නවන්න හරි කැමැත්තක් ඇති. මේ අසිරිමත් රටේ වර්ථමාන තත්වය එයයි. අනාගතයදි එහෙම නොවී සුභ අනාගතයක් ලගා වේවිද? (නදී)
මැතිවරණයක් කරද්දී ඒකෙ දැඩිම පීඩනය තියෙන්නේ නිලධාරීන්ට. ඒත් දේශපාලනඥයින්ගේ හිතුවක්කාරී සහ අතිශය නින්දිත සහගත නීති කැඩීම් සමග හැප්පෙන ගමන් හැමදේම ඉතාම නිත්‍යනුකූල සහ විධිමත්ව කරන්න නිලධාරීන්ට කරන්න සිදුවෙන කැපකිරීම් කාගෙවත් ඇස්වලට දැනෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ගෑණු දරුවො පැත්තකට දාලා දින ගණන් නිදිමරාගෙන රටේ සල්ලි වියදම් කරලා මේ තෝරන සෙට් එක හරියට තෝරන්න නිලධාරීන්ගෙන් සිදු වෙන්නේ මිල කරන්න බැරි මෙහෙයක්. එච්චර කරලත් තෝරන අයගේ ගුණ අගුණ සතියක් දෙකක් යන්න කළින් තේරුම් යනවා. මේකෙ නිලධාරීන්ගේ නිවැරදි බවක් තියෙනවාමයි. මොකද සිස්ටම් එක ඒ තරම් වැරදියි. (නි)
මැතිවරණ ක්‍රියාවලිය හරියටම දන්නවා නම් සහකාර මැතිවරණ කොමසාරිස් නිර්දෝෂී බව වැටහේවි. මැතිවරණය පැවැත්වුණු කාල සීමාව තුල සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් එතුමා කළ කැපවීම විශිෂ්ටයි. (නි)
අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ ලංකාවෙත් රජයේ නිලධාරියෙක් වැරද්දක් කලොත් කරන්නේ ස්ථාන මාරුවක් දෙන එක. මේකත් ලංකාවේ අලුත් වැඩක්.(නදී)
රාජකාරිය දේව කාරියටත් වඩා ලොකුයි කියලයි කියන්නේ..එය පැහැර හැරිය අයට දඩුවම් දිය යුතුමයි.(නදී)
අනේ බොරුවට මිනිස්සු රවට්ටන්න කරන වැඩ. ඡන්දෙ ආයේ තිබ්බොත් තමයි හරි.(නදී)
ගණන් කරපු ජන්ද පත්‍රිකා වලින් ප්‍රතිඵල වලට බලපෑමක් වෙන්නේ නෑ.ඒක තේරුම් ගන්න බැරි අය බොරුවට කතා කලාට වැඩක් නෑ. මම නම් හිතන්නේ සහකාර මැතිවරණ කොමසාරිස් නිර්දෝෂීයි.
මැතිවරණකදි මැතිවරණ දෙපාර්තමේන්තුව කරන කැප කිරීම දන්නේ ඒවා කරන මිනිස්සු ගණන් කරපු ජන්ද පත්‍රීකා ටිකක් අල්ලගෙන කෑ ගහන්නේ පැරදිලා ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි බිත්තිවල එල්ලිලා හිටපු කට්ටිය. (අ)
සහකාර මැතිතිවරණ කොමසාරිස් නිවරදියි. මැතිවරණ දෙපාර්තමේන්තුව දෙන උපදෙස් අනුව සහකාර කොමසාරිස් කටයුතු කල යුතුවෙනවා . එම නිසා එසේ කටයුතු කල සහකාර කොමසාරිස් නිවරදියි.(නදී);
නියමයි ඊලගට තියෙන්නේ බස්නාහිර පළාත් සභා ඡන්දයනේ.(නදී)