අද අලුයම පහට පමණ කරුවලගස්වැව 11 කණුව අසලදී සිදු වු අනතුරින් පිරිමියෙකු, කාන්තාවක සහ දැරියක මියගොස් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග කියයි.
අද අලුයම පහට පමණ කරුවලගස්වැව 11 කණුව අසලදී සිදු වු අනතුරින් පිරිමියෙකු, කාන්තාවක සහ දැරියක මියගොස් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ජීවිත තුනක්. මියගිය අයට නිවන් සුව පතමු (නි)
මෙවැනි බර වාහන වල කහ සහ රතු පාට ප්‍රති දීප්ත පටියක් තිබුනනම් ඇත සිටම පැහැදිලිව පේනවා (අ)
පාර අයිනේ මෙවැනි බර වාහන නවතා තබන විට අඩු වශයෙන් ලයිට් වත් තිබිය යුතුයි. මෙම ලොරියේ කොටසක් පාරට වැඩියෙන් තිබෙන්නේ. වැන් රියදුරු ගේ වරද උනත් මෙම අනතුර වලක්වා ගන්න තිබුන ලොරියක් තිබෙන බව ඈතට පෙනුන නම්. (නදී)
අපරාදේ ජීවිත තුනක්. අනිවාර්යයෙන්ම රුයදුරුට නින්ද යන්න ඇති.(නදී)
වැඩියෙන්ම වාහන අනතුරු කරන්නේ සිංහල අයයි,ඒගොල්ලන්ට වතුර නැතුව වාහන එලවන්න බැහැ,නාන්නට වැවකට බැස්සත් බහින්නේ හොඳටම වතුර දාගෙන,ඉතින් අනතුරුගෙන කුමන කතාද?(අ
අපිත් වාහන පදවන මිනිස්සු.තමන්ගේ නොසැළකිල්ල.මේ වාහන දෙකම අවශ්‍ය පරිදි විදුලි ලාම්පු පාවිච්චි කරලා නැහැ.හැමදාම වගේ මැරුණු උදවියට නිවන් පතා ජිවත් වෙන මිනිස්සුන්ට ශාප කිරීම වැරදියි.සැළකිලිමත් නොවීම තමා ප්‍රධාන හේතුව. (නි)
ඉතාම පැහැදිලියි සිමෙන්ති ලොරිය ප්‍රදාන මාර්ගයේ නවතා තිබෙන්නේ මාර්ගය අවහිර වන අයුරෙනි. ලොරියේ දකුණුපස මාර්ග සීමාව තුල.හදිසි දුබලතාවයකදී හැර මෙවන් ස්ථානයක වාහනයක් නැවැත්වීම නීති විරෝධීයි. එසේ නවත්වන්නේ නම් ඒ සදහා වූ අනතුරු හැගවීමේ ලාම්පු දල්වා තැබිය යුත්යි. එයත් ක්‍රියා විරහිත නම්, රියට ම්ටර 50 ට පසුපසින් වෙනත් ආරක්ෂා කාරී පිළිවෙතක් අනුගමනය කල යුතුයි. අපේ රටේ මාර්ග පද්දති දියුණු වුනත් ඊට සමගාමී ලෙස රියදුරන් දැනුවත් කොට නොතිබීම මෙවන් අනතුරු වලට ආවැඩීමක්. බොහෝ රියදුරන් අනතුරු හැගවීමේ ලාම්පු දල්වන්නේ සිවු මංසලක ඉදිරියට යනබව හැගවීමටයි. රියදුරු පුහුණු පාසල්වලත් මේ කිසිම දෙයක් මනාව උගන්වනේ නැහැ. මුදල් අය කර ඉන් කොටසක් පරීක්ෂකට දුන්නහම යන්තම් උගත් රියදුරත්,පරීක්සකත්, විදුහලත් බොහොම සතුටින් විසිර යනවා, නමුත් පරීක්සකවත්,විදුහලත් හිතන්නේ නැහැ තමන් මේ මහමගට මුදාහරිනේ තවත් මගමරුවෙක් බව. බලපත්‍ර ගත තැනැත්තා දන්නෙත් නැහැ ඔහු මගමරුවෙක් වග.අනේ අපි කොයිඉබටද ?(නදී)
කාගෙවත් වැරද්දක් නෙමෙයි වෙන්න ඇති. මහන්සියට ඇහැ පොඩ්ඩක් පියවෙන්න ඇති. කාගේ අතිනුත් අතපසු වීම් සිදුවෙනවා. සුළු අතපසුවීමක් වුනත් වෙලාවකට මහ විනාශයකට හේතුවක් වෙනවා. අපි පාරේ යනකොට පරිස්සමෙන් යමු. මිය ගිය අයට නිවන් සුව පතමි. රෝහල් ගත කලා අයට ඉක්මන් සුවය පතමි. (නදී)
මාරයි, අනතුරක් මුලින් වාර්ථා වුනොත් එදාට අනතුරු පුවත් වැඩියි. අපචාරයක් වුනත් ඒත් එහෙමයි. හිතාගන්න බැරි බලවේගයකින් තමයි ඔක්කොම වෙන්නේ.(නදී)
ඒ නවතා තබන ස්ථානයක් නොවෙයි.තහනම් තැනක්.පිටුපසින් හැපුණු අයගෙත් වැරැද්ද.දෙන්නෙක් වැරදි කරලා. කෙනෙක් ලොරි රියැදුරා.අනෙක් කෙනා අනෙක් වාහනය පැදවූ කෙනා.ජීවිත තුනක් වුනාට ඒ අය වෙනුවෙන් ජීවත් වුණ අය...?තනි කහ ඉරක් ළඟ නවතා තැබුවාට පොලිසියෙන් කිසිම සමාවක් දෙන්න එපා. (නි)
පුදුම අනතුරක්. ලංකාවේ තවමත් ආසන පටි පැළදීම කරන්නේ කීදෙනාද? මේ රියදුරුට නින්ද යන්ට ඇති.(නදී)
තිලකා,අදහස් දමන්න පෙර හරියට නිතිය දැනගන්න. මෙතන පාරේ අයිනේ කහ පාට ඉරක් නම් තිබෙන්නේ වාහන නැවැත්වීම තහනම්. ලංකාවේ ගොඩක් අය ඔය නීතිය දන්නේ නැහැ. (නි)
පිටබෙද්දර ජය --- අපි අපහු පාරේ වලවල් ටිකක් හදමුද නින්ද යන්නේ නැති වෙන්න?(අ)
අන්න ඔතන තමයි වැරදුනේ. අපි කවදත් වැරැද්ද පිළිගන්න මිනිස්සු නොවේ. මොකද ලොරිය නවතපු කෙනා ඇමති ආරක්ෂයක්ද දන්නේ නැහැ. දඩුවම් නැතේ (නදී)
අනේ ! මම දන්න අයිය කෙනෙක් මේක පදවලා තියෙන්නේ. හරිම කණගාටුයි !(නදී)
ලොරි රියදුරු අපරික්ෂාකාරී විදියට නවත්තල තියෙන එක අනිවාර්යෙන්ම වැරදියි . හැබැයි වෑන් රථයට මෙච්චර හානි වෙන්නනම් 70 ට යන්න තියෙන පාරේ සීයටවත් ගිහින් තියෙන්න ඕනේ .(නදී)
මමත් හිතන්නේ රියදුරාට නින්ද ගිහින් ., පව් අහිංසක ජිවිත තුනක් ..!!! නිවන් සුව ''ලැබේවා'' රෝහල් ගත කල අයට ඉක්මන් සුවය ''ලැබේවා''(නදී)
වැන් එකේ රියදුරා අධිවේගෙන් එන්න ඇත්තේ.පාරේ ඉඩ තිබියදිත් නතර කළ වාහනේ වැදිලා තියෙන්නේ.සාමාන්‍ය වේගයකින් ආවා නම් මෙචර හානියක් වෙන්නේ නැහැ වෑන් එකට.කොහොම වුණත් අපරාදේ අහිංසක ජීවිත තුනක් වන්දි ගෙව්වා. (නි)
චමල්ක පාරේ වේගය ගැන නම් මට වැටහීමක් නැහැ. මා දන්නා පරිදි A හා B මාර්ගවල නගර සීමා කී.මී 56 (මී 35) හා ඉන් පිටස්තර කි.මී 72 (මී 45) මේ වනවිට නීති ගත කරලා තිබෙනවා.(මා වැරදිනම් කරුණාකර නිවැරදි කරන්න).ඒ කෙසේ වෙතත් වාහනයක් මුහුණට මුහුණ වදිනවාට වඩා බරපතල හානියක් මෙවන් එක මුල්ලක් පමණක් වැදීමෙන් සිදුවෙනවා. අනෙක රියදුරුට නින්ද ගියානම් වාහනය පාරේ පිටතට පැනිය යුතුයි. නමුත් මෙහි පැහැදිලිවම එවැන්නක් සිදුවී නැහැ. වැන් රථයේ විදුලි ලාම්පු ගැනනම් සැකයක් ඇතිවෙනවා.(නදී)
ඉතින් ජිවක,ඔයාගේ මහත් දැනුමෙන් පැහැදිලි කරන්නකෝ බලන්න නොදන්නා අයට දැන ගන්න.ඒක නේද දන්නා කෙනාගේ යුතුකම. (නි)
අනේ මන්දා මෙහෙම ගියොත්.(නදී)
මෙවැනි ප්‍රධාන මාර්ගවල තෝරාගත් ස්ථානවල වාහන දෙකක්, තුනක් පදික වේදිකාවෙන් ඔබ්බට නවතා තැබියහැකි ස්ථාන පිහිටා තැබිය යුතුය.(නදී)
මට නම් ලොරි රියදුරාගේ වැරද්දක් පේන්නේ නැහැ. පාර හොඳට ඉඩ තියෙද්දී තමයි වෑන් එක ගිහින් ලොරියේ හැප්පිලා තියෙන්නේ.(නදී)
අනිවාර්යයෙන්ම රියදුරුට නින්ද යන්න ඇති(නදී)
අනේ පව්..ගෙනා ආයුෂ ඉවරයි..මෙවන් මරණ කනගාටුදායකයි..මියගිය අයට නිවන් සුවය . අසනීප උන අයට ඉක්මන් සුවය.(නදී)
මෙම දින දෙක තුනේදී සිද්ධ වුණ අනතුරුවලින් පෙනීගියේ නවතා තිබෙන වාහන නිසි ආකාරයට මාර්ගයෙන් ඉවත නවත්වා නොතිබීමයි.මාර්ග වල නිසි ආකාරයට වාහන නවත්වා නොතැබීමට රථවාහන පොලිසිය නිසි ක්‍රියා මාර්ගයක් ගතහොත් තවත් රටට වටිනා ජිවිත අහිමි වීම වළක්වා ගත ගැනීමට හැකිවේවි (නි)
වෙහෙස මහන්සිය නිසා රියදුරාගේ ඇස් දෙක ඔහුට නොදැනීම තත්පර කියිහිපක් පියවීම නිසා මෙම අනතුරු සිදුවිය හැකිය.ඕනෑම කෙනෙකුට මෙය සිදුවිය හැකිය.තමන් රිය ධාවනය කිරීමේදී හොඳ මානසික තත්වයකින් සිටිය යුතුයි. (නි)
මම නිතරම පුත්තලම පාරේ අනුරපුරට යනවා. ඔය විදියට ලොරි පාරේ නවතතලා තියෙනවා. පොලිසිය අල්ලන්නේ හයි ස්පීඩ් විතර යි . ඔය ලොරි කාරයෝ පුක පාරේ තියලා තම යි නවත්තන්නේ. මමත කීප පාරක් බේරිලා තියෙනවා. පොලිසිය වහාම මේ ගැන බලන්න ඕනේ. අහිංසක ජීවිත තුනක් ඉවරයි.(නදී)
බර වාහන වල වාහනයේ උස සහ පළල පෙන්වීමට ප්‍රතිදීප්ත පටි අනිවාර්යයි.එහෙත් ලංකාවේ මේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.ලංකාවේ විදි ලාම්පු ඇත්තේ සීමිත ප්‍රදේශයක නිසා වහාම මේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න.ලොරියේ කැන්වස් රෙද්ද මගින් එහි පළල පෙන්වන ප්‍රතිදීප්ත පටිය වැසීම නිසා වැන් රථයේ රියදුරාට නවතා ඇති වාහනයේ පළල පිළිබදව ඉක්මනින් වටහා ගන්න බැහැ.වෑන් රථයේ වේගය මත කාලය තීරණය වෙන්නේ. (නි)
ජිවිතයෙන් සමුගත් සියලු දෙනාට නිවන් සුව පතමි. වරද කොතන උවත් සියල්ල සිදුවී හමාරයි . (නදී)
ලංකාවේ පාරවල් හදනවා වගේම මාර්ග සහ නීති පිළිබදව රියදුරන් දැනුවත් කළ යුතුයි. පෙර මේවා ඇතුළත් පොතක් තිබුනා. වේග සිමා ගැන දැනුවත් කිරීම මදි. සංඥා ප්‍රමාණවත් නැහැ. පාරවල් පළල මදි කපර්ට් කළාට. දුර යන වාහන වලට නවත්වන්න / ගිමන් හරින්න / රියදුරාට නිදාගන්න තැන් පාරට යාබදව හදන්න. එතකොට ලොරි පාරේ නවතාලන්න අවශ්‍ය නැහැ. (නි)
මියගිය අයට නිවන් සුව අත් වේවා! තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය අත් වේවා. (නි)
අද කාලේ රාත්‍රියේ සිට එළිවෙනකම් රිය ධාවනය කරන්නන්ගෙන් බහුතරය බේබද්දන්ය, (නදී)
ටන්න්ය්සෝන් කියන කතා මම සම්පූර්නයෙන්න අනුමත කරනවා. අපේ ලංකාවේ අඩුම තරමේ වාහනයක් නවත්වා ඇති බවට සංඥාවක් සහිත පුවරුවක් තබන්නේ නැහැ. එංගලන්තය ඇතුලු යුරෝපීය රටවවල් එවැනි සංඥාවක් සහිත පුවරුවක් වාහනයේ අනිවාරයෙන්ම රැගෙන යා යුතුයි. නීති පෙන්විය යුතුයි.(නදී)
1980 දී පමණ මම කොළඹ (පුංචි බොරැල්ලේ )එකල තිබූ ප්‍රධානතම රියදුරු පාසලකින් පුහුණු වුණා. පරීක්ෂණයට යනවිට බොහොම උසස් නිලයක් දරන තමාගේම වාහනයක් සහ රියදුරෙක් සිටින පොහොසත් මැදිවයසේ අයෙක් මාත් සමගම පරීක්ෂණයට සහභාගී වුණා. මට එතකොට 18 ලැබුවා විතරක් වුණාට හොඳින් එලවන්න ඉගෙනගෙන තිබුනා. පරීක්ෂණයේදී බොරැල්ල කනත්ත ළඟදී 3 ගියරයේ වාහනය අදින්නේ නැතිකොට එයා 4 ට දැම්මා. වාහනය පාර මැද නතර වුණා. මිනිහට කේන්ති ගිහින් ඉංග්‍රීසියෙන් කිව්වා යු ආ ඈන් ඉඩීයට් ගෙට් අවුට්. ඊළඟට මම. මාත් බයෙන් වුණත් නියමිත විදියට පැදෙවුවා.ඊට පසුව, බලපත්‍ර දෙන්න ගියාම මගෙන් රු. 25 ක පගාවකුත් අර මහත්තයගෙන් රු 200 ක පගාවකුත් අරගෙන බලපත්‍ර දුන්නා. මීට වඩා ලස්සන කතන්දරයක් මට අවු. 21 වුණාම බර වාහන බලපත්‍ර ගැනීමේදීත් සිදු වුණා.මේ තමා ලංකාවේ රියදුරු බලපත්‍ර දෙන හැටි. (නි)
ලොරිය නැවතී තිබෙන්නේ කහ පාට දික් ඉරක් තිබෙන තැනක. මේ ප්‍රදේශයක වාහන නැවතීම තහනම්. (නි)
මෙම ලොරිය කහ ඉරෙන් පිටපැත්තේ (පදිකයින්ට වෙන්වුණ කොටසේ ) නතර කරලා තිබෙන්නෙ. මෙම වෑන්එක පදවපු කෙනාගේ වරදින් මෙය වෙලා තියෙන්නේ. ඔහුට ඇස් පෙනිලා නැතුව ඇති.නැත්නම් වෑන් එක කළුවරේ ගිහිල්ලා.නැත්නම් නින්ද ගිහිල්ලා. මමත් වසර 30ක පළපුරුදු රියදුරෙක්.එම අත්දැකීමෙන් මම කියන්නේ. මියගිය අයට නිවන් සුව පතමි.තුවාලකරුවන්ට ඉක්මන් සුවය පතමි. (නි)
ඔයාල හොඳට බැලුවොත් පෙනේවි තනි කහ ඉර කපලා ලොරිය නවත්වලා කියලා. (නි)
නීතියේ දුබලතා, පොලිසියේ දුබලතා, රියදුරන්ගේ නොදැනුවත්කම, ඕවා මේවා එකතුවෙලා මිනිසුන් අකාලයේ මිය ඇදෙනවා. කාට කියන්නද ? (නි)
ටෙනිසන්ගේ අදහස මම අනුමත කරනවා. හැබැයි ලංකාවේ පාරවල් වල අයින් වල නම් ඉඩක් නැහැ වාහන නතර කරලා තියන්න,මෙතන ටිකක් හරි හොදයි.මේක වෙන්න ඇත්තේ ලයිට් දාන්නේ නැතුව රෑ නතර කරලා තියන්න ඇති ලොරි රියදුරා. කොහොම වුණත් අවාසනාවන්ත මරණයක්. රෝහල්ගත කර ඇති උදවියට ඉක්මන් සුවය පතනවා (නි)
එපා රිය පදවන්න කාලය ඉලක්ක කර ගෙන . නිදි මත දැනේ නම් එපා රිය පදවන්න රිය පදවන ඔබත් වහනය තුල සිටින අයත් බාහිර පුද්ගලයනුත් දෙපොලත් ඔබට මග හැරිය නොහැකි වගකීම් බව නිරතුරුව මතක තියාගන්න. (ස)
රිය පැදවීම කියන්නේ සෙල්ලමක් නෙවෙයි. හරිම අවදානමෙන් කළයුතු දෙයක්. එක තත්පරයක වෙන වරදකින් මහා අනතුරක් වියහැකියි (නි)
වෙලාව තමයි (නි)
මෙතන ලොරි රියදුරාගේ කොහෙත්ම වරදක් නැහැ. වැන් එකේ රියදුරාට නින්ද ගිහින් (නි)
පාරේ බ්රේක් පාරක්වත් නැහැ. ඒකෙන් තේරෙන්නේ රියදුරාට නින්ද ගිහිල්ලා. එහෙම නම් ලොරියේ ලයිට් දා තිබුණත් වැඩක් නැහැ. (නි)
අපේ නීති පද්ධතිය තව දුරටත් දියුණු කළ යුතුයි. මියගිය අයට නිවන් සුව පතමි. අනිත් අයට ඉක්මන් සුවය පතමි. ඉතාම කණගාටුදයක් සිද්ධියක්. (නි)
මෙවැනි දේවල් හැමදාම අපි දකිනවා. පොලිසිය පරීක්ෂණත් පවත්වනවා.එහෙත් කිසිවෙක් මේවා වැළැක්වීමට සුළුවෙන් හෝ ප්‍රතිපාදන ක්‍රියාවට නංවන්නේ නැහැ. මියගිය සියලු දෙනාට මෙවන් අකල් මරණයක් උප උපන් ජාති ජාතිවත් නොම වේවා ...! (නි)
දර්මසෙන , මේ ලොරිය නවතා තියෙන්නේ හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන තීරුවේ නැත්නම් ඉමර්ජන්සි ලයින් එකේ. නවතා තිබෙන වාහනයක ගැහුවොත් මොන රටේ නීතියට ගත්තත් ගහපු කෙනා වැරදිකාරයා වෙනවා. මෙතන වෙලා තියෙන්නේ වැන් රියදුරාට නින්ද ගිහින්. ඉස්සර නම් අපේ පාරවල් වල වළගොඩැලි තිබුනා. නිදාගෙන එනකොට වළක වැටුන ගමන් ඇහැරෙනවා.අද කාපට් කරපු පාරවල් වල යද්දී එක හුස්මට එළවන්න පුළුවන්. මොනවා වුණත් දුක හිතෙනවා නැති වුණ ජීවිත ගැන (නි)
ටෙනිසන් කියන ආකාරයට හැසඩ් ලයිට් එක දමාගෙන හතරමං හන්දියක ඉදිරියට යන රියදුරන් අනන්තවත් ඉන්නවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. හිතන්න තමන් එහෙම යනකොට තමන්ගේ වම් පැත්තෙන් එන කෙනා හිතාඉන්නේ වාහනය වමට හරවන්න යනවා කියලයි.එයාට පෙනෙන්නේ අර වාහනයේ වම් පැත්තේ සිග්නල් ලයිට් එක විතරයි. එතකොට අනතුරු සිදු වෙන්නේ නැද්ද? (නි)
අපේ රටේ අය පාරක වාහනයක් හරියට නවත්වන්න දන්නේ නැහැ. හැමවෙලේම පාරට ඉතුරුවෙන විදියට රෝද තියලා නවත්වනවා. (නි)
ෆොටෝ එකෙන් දැකලා තීන්දු දෙන හැටියෙන්ම කියන්න පුළුවන් මේ ගොල්ලන්ගේ දැනුම ! (නි)