පුත්තලමේ කුඩා ප්‍රමාණයේ වැවි සහ ජලාශ රැසක ජලය සිඳී යමින් පවතින අතර බීමට ජලය ලබා ගන්නා ළිං වල ජලය ද සිඳීයමින් තිබෙන බව ජනතාව පවසති.
පසුගිය වසරේ ද පුත්තලම දිස්ත්‍රික්කය පුරා පැවැත් නියං තත්ත්වය හේතුවෙන් ජනතාව ලක්ෂ තුනකට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබූ අතර පොල් ඇතුළු බෝග වගාවන්ට ද නියඟයෙන් තර්ජනය එල්ලවී විශාල ලෙස හානි සිදුව තිබුණි. පුත්තලම, ආණමඩුව, නවගත්තේගම, මුන්දලම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුවට නියඟය උග්‍රවී ඇත. වැව් ඇමුණු රැසක් සිඳිගොස් ඇත. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානි කර්නල් එස්.කේ. රණවීර මහතා කීය.
මෙම නියං තත්ත්වයට සම්බන්ධ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කර දැනට පානීය ජලය අවශ්‍ය ප්‍රදේශවල ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශයට දන්වා යවා තිබෙනවා.'
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට අලි ඇතුන් වතුර හොයාගෙන එනකොට තමයි අනික් ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන්මම ඒ ගැන කල්පනා කලොත් හොඳයි මහත්වරුනි. (නි)
අර එක සැරයක් වන්නි පළාතේ නියඟයකට කළා වගේ මන්ත්‍රීතුමාට කියලා කපුවෙක් ගෙන්නලා වලාකුලු වලට වෙඩිතිබ්බා නම් වැස්ස ලබාගන්න පුළුවන්. (නි)
මම නම් හිතා හිටියේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් හොඳ සේවයක් වෙනවා කියලයි. එම ඇමතිතුමා ඇතුළු නිලදාරීන් ගියවරත් අපිට හොඳ සේවයක් කළා. ස්තුතියි. (නි)
බොන්න ජලය හිග ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම මහත් පිනක්. අපේ බලධාරීන්ගේ ඇස් ඇරේවා. (නි)
ගුරුවරු දණ ගස්සපු අයත් ඔය පළාතෙනේ ඉන්නේ. ඉතින් වහිවීයෑ? (නි)
මේ පළාත් වලට ජන්දය ඉල්ලගෙන එන අයට මේ ප්‍රශ්න මොනවත් පෙනෙන්නේ නැහැ.බලයට කුලල් කාගන්න එක විතරයි කරන්නේ. සමහරු නම් වතුර වෙනුවට මත් වතුර මුලු පළාතටම බෙදනවා.මෙතරම් මුදලක් වියදම් කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිතරම්.ඒ මුදල් මේ මිනිස්සුන්ට වතුර බිදක් දෙන්න වියදම් කරනවා නම් මොනතරම් අගේද?? (නි)
මට මගේ පුංචි සන්දිය මතක් වුණා, වැවේ මාළු අල්ලපු හැටි ...! (නි)
මම මේ ආපදා කළමනාකරණ එකේ ගරු ඇමතුතිමාට දැන ගන්නත් එක්කයි කියන්නේ අපිට පහසුකම් මොනවත්ම නැහැ. ඒවා කියන්න ගිහයම අපි නිකම් නරක මිනිස්සු වෙනවා. පැත්තකට කොන් කරලා දාලා මානසිකව වට්ටවනවා විවිධ හිරිහැර කරදර ඇති කරලා. අන්තිමට මිනිස්සුන්ට රස්සාව දාලා යන්න හිතෙන තරමට මේක සම්පූර්ණයෙන්ම එපා කරවනවා. (අ) .
කොච්චර නියගය තිබුනත් සේප්තම්බර් 21 දින පුත්තලමට මනාප වෙහි වහින හෙටි බලන්න! (අ)
අපිත් තවම වැඩ කරන්නේ අපදා කළමනාකරණ එකේ නම් තමයි. මෙකේ කියලා තියන තොරතුරු ඇත්ත. උඩින් ඔපයට පෙන්නුවට අපදා වලට ලක් වෙච්ච අයට එතරම් ලොකු උපකාරයක් ආපදා කළමනාකණ එනෙන් වෙන බවක් මට නම් පේන්න නැහැ. බොරුවට පඩි කකා, පුටු රත් කර කර නිකම් ඉඳගෙන අනුන්ගේ පෞද්ගලික ජීවිතයේ සැඟවුනු කුණු ගොඩවල් මතු කර කර එහි කුණු රසය ඉතා ගිජු අන්දමින් රස විඳිමින් ජීවත් වන අතලොස්ස අතර සැබවින්ම වීරවරයෙය් මතු කර ගැනීමේ ගැටළු පවතියි. (අ0
ආපදා කළමනාකරණ එකේ ඉන්නේ මෙලෝ වැඩක් නොකරන මෙලෝ රහක් නැති මහ අමුතු ජාතියක අපතයින් ටිකක්. අනුන්ට ලබාදීමට දෙන සල්ලි ටිකත් හූරං කාලා මහ ලොකුවට කයිවාරු ගහන්න නම් ආපදා එකේ අය ලොක්කෝ තමයි. කොච්චර වැඩ කළත් එක්කෝ වාහනය හොඳලා නැහැ කියයි. නැතිනම් ආදායම් බලපත්‍රය අළුත් කර ගත්තේ නැහැ කියලා බොරුවට කෑ ගහනවා. රටට ලෝකයාට පෙනෙන්න ඔන්න මමත් ලොකු වැඩක් කලා කියලා ලියලා එන්න. (අ)
කාලෝචිත ප්‍රශ්නයකට පෙර විසදුම් සෙවීම ගැන කෘතහඥ තාවය . මෙම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න හදුනාගැනීමට හැකි දිස්ත්‍රික් ලේකම් වරයකු හා අපද කලමනාකර නිලධාරියකු සිටීම ජනතාවගේ භාගයක්. රජය සමග මැදිහත් වී ජනතාවගේ අවශ්‍යතාවයන් සොයාබලන ඔබට ජනතාවගේ පැසසුම් ලැබේවි. (අ)
මේ ප්‍රශ්නය සර්ව බලධාරි දෙවියන්ට සැල කරන්ඩ. (ස)