වයඹ ඡන්ද පත්‍රිකා තොගයක් ඡන්දය ගණන් කිරීමෙන් පසුව පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහලෙන් අවස්ථා දෙකකදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අවසන් කරන බව පුත්තලම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.
රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේ ඡන්දය සම්බන්ධයෙන් කිසිම දූෂණයක් සිදු වී නැති බවයි.
ඒ අනුව ඡන්ද පත්‍රිකා පුත්තලම සහකාර මැතිවරණ නිලධරයාට භාර දෙන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
අවස්ථා දෙකකදී පුතත්ලම ඇන්ඩෘ විද්‍යාලයයේ තිබී ඡන්ද පත්‍රිකා 6386ක් හමු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද ප්‍රවනතාවයක් සම්පත් නහස්ති නොකර ඉක්මනින් විසදා දමන්න. (අ)
අපේ රටේ එන්න අයට නම් මොනවා හරි කියලා දේශප්‍රේමී වුණාට ලෝකයම එහෙම රවට්ටන්න බැහැ.ලෝකයම බලාගෙන ඉන්නවා අපි මොනවද කරන්නේ කියලා.අපේ රට තව තවත් ආගාධයට යාම වළක්වන්න බැහැ. (නි)
මේ චන්ද පත්‍රිකා ටික විතරක් ගණන් කරලා කොහොමද කියන්නේ මේවා කලින් ගණන් කරපුව කියල. (දිල්)
උපාලි.ඔයා දන්නෙ නැති වුණාට අද වෙනකොට මුළු ලෝකයම දන්නවා ලංකාවේ ඡන්ද කෙරුවාව ගැන.ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕනෑ නම් අන්තර්ජාලයට පිවිසෙන්න. (නි)
ලංකාවේ චන්ද ගැන අපි කතා කරලා වැඩක් නැහැ (දී)
වැඩක් තියෙනවාද ඔය ගණන් කල එක (දී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක් මේ අනේ කාලේ වනේ වාසේ (දිල්)
අපි නම් දැන් විශ්වාසය තබාගෙන සිටින්නේ මැතිවරණ,අධිකරණ ගැන නොවෙයි.අපි විශ්වාස කරන්නේ සොබා දහම ගැනයි.සොබා දහමින් නිසි දඩුවම්,නිසි වෙලාවේදී ලබා දෙනු ඇති. (නි)
පුදුමාකාර වැඩ තමයි දැන් සිද්ධ වෙන්නේ. (නි)
සිරිවර්ධන, කිසිදු දුෂණයක් වුණේ නැහැ තමයි. (නි)
ඡන්දය ගණන් කරන්නෙත් රහස් පොලීසීයේ මහත්වරු දුෂණ වංචා වුනා කියල හොයන්න දෙන්නෙත් රහස් පොලීසීයේ මහත්තුරුන්ට.එතින් කොහොමද සාදාරණයක් සිද්ද වෙන්නේ.(දිල්)
මටනම් තියෙන දුක දිනපු අය ගැනවත්, පැරදුන අය ගැනවත් නෙමේ.මොළය නැති අය කරන වැඩ නිසා හැමදාම හෑල්ලු වන මගේ රට ගැන. (නි)
අයියෝ! ඒකත් ඉවරයි. (නි)
කවුද කියන්නේ ලංකාවේ දුෂණ වෙනවා කියලා? (නි)
ඕකනේ අපි කියන්නේ. දැන් අර දණගස්වපු මන්ත්‍රීතුමා මොකද දන්නෙ නැහැ කරන්නේ? (නි)
බලන් කඩතුරා හැර දෑසේ.........! (නි)
ආශ්චර්යයට වැඩි දුරක් නැහැ වගේ (නි)
දිස්ත්‍රික් ලේකම්ට බැන්න සිද්ධියත් ඉවරවෙයි ද (දිල්)
නඩු ඉවර කරන ඉක්මන පුදුමයි .(දිල්)
ටිකිරි බණ්ඩා මහත්තයා ඉන්නේ ලංකාවේද? රහස් පොලිසියෙන් ලංකාවේ නම් ඡන්ද ගණන් කරන්නේ නැහැ. මේ කුණු ගොඩට දාන්න අමතක් වූ කඩදාසි ගොඩක් නිසා මහා කලබගෑනියක් ඇති වුණේ, ඔය වගේ බොරු විශ්වාස තිබුණු පුද්ගලයෝ නිසා වෙන්න ඕනෑ. හැබැයි, ඒ කුණුගොඩ ඉවත් කරන්න අමතක කළ ඡන්ද නිලධාරීන්ට නම් උපරිම දඬුවමක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (නි)
හරිම සාධාරණයි. අපිට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබෙන විශ්වාසය වැඩි උනා. අපි ඔබ සැමට දිර්ඝායු ලැබේවා.(දිල්)
ඒකනේ අපි කලින්ම කිවුවේ (නි)
බොරුවට මිනිස්සු කලබල වෙලා දගලනවා.හොද වැඩේ බොරුවට කෑගහපු අයට . පනින්න පෙර සිතා බලමු නේද? (නි)
හැමදාම හෑල්ලු වන මගේ රට ගැන තමයි දුක දසුනි. (නි)
නියරත් වැටත් ගොයම් කෑ නම් කාට කියම් මේ ආරෝව....? (නි)
මට නම් පැහැදිලි මදි වගෙයි (නි)
ආයේ මොන කතාද ආයුබෝවන්? කිසිදු දුෂණයක් වුණේ නැහැ තමයි. (නි)
මේක ලංකාවනේ. (නි)
ඒකත් ඉවරයි එහෙනම්? (නි)
පුංචි ටිකිරි හරි හරි දේවල් ගැනනේ විශ්වාස කරන්නේ? සොබාදහම දඩුවම් කරනකල් බලාගෙන හිටියොත් පුංචි ටිකිරිට හැමදාමත් ඉතින් ලේ පුච්ච පුච්ච ඉදලා අඩු වයසින් චුත වෙන්නයි වෙන්නේ. ඊටත් වැඩිය සොබාදහම දඩුවම් කරන්නේ හොද නරක බලලා නෙමෙයිනේ. ඒ වෙලාවට සමහරවිට පුංචි ටිකිරිටත් අපිටත් ඔක්කොටම එයත් සමග යන්න වේවි. (නි)
මේකේ අදහස් දාන අයට ඕනෑ වුණ තීන්දුව ලැබුනේ නැතුවට හිතට අමාරු බව පෙනෙනවා. මේවා ගණින ලද ඡන්ද කියලා පැහැදිලි නම් අතපසුවීමක් කියලා පැහැදිලි නම් කට්ටියට ඕනෑ විදියට තීන්දුවක් දෙන්න බැහැනේ.. (නි)
මහජන ඡන්දයෙන් දිනන්න බැරි වුණ කට්ටිය දිනන්න බලාගෙන හිටියා මදැයි.. (නි)
මේක ගණන් කළාද නැද්ද කියලා හොයන එක හරිම පහසුයි. මේ ඡන්ද ටිකයි, ගණන් කරලා රැගෙන ගිය ඡන්දයි එකතු කරලා ගණන් කරනවා. එතකොට පෙර දුන් ප්‍රතිපලයට සමාන නම් හරිනේ. දැන් කරන්න තිබෙන්නේ ඕක තමයි. (නි)
වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලැබිය යුතුයි (දිල්)
අපේ ඔය කට්ටියම තමයි වරක් "සැකකරුට දැන් මතක නැහැ" කියලත් අධිකරණයට වාර්තා කළේ. (නි)
ගණන් කළ ඡන්ද ගෙනයාමට අමතක වී ඇතැයි කියා වාර්තා කළේ නැද්ද? පුදුමයි! (නි)
මෙහෙම අය ඉන්න රටකට කොහෙද ඉර හද පායන්නේ? (නි)
හරි දුෂණය වෙලා නෑ කියමුකෝ .. එතකොට වගකීම් පැහැර හැරීමක් වෙලාත් නැද්ද ? ඔය වගේ කතා අපිට කියන එකනේ ප්‍රශ්නේ ..(දිල්)
නඩු ඉවර කරන ඉක්මන ගැන පුදුම වෙන්න දෙයක් නම් මට පේන්නේ නෑ. මැතිවරණ නඩු වැඩිය කල් යනවත් මම නම් දැකලා නෑ... මටත් පේන්නේ පරාජය වීම දරාගන්න බැරි අයගෙ හිතට මනාප විදියට නඩු තීන්දු නොලැබීමේ දුක තමයි උඩ තියෙන ප්‍රතිචාරවලින් පේන්න තියෙන්නේ...(දිල්)
එහෙනම් ඉතින් හරියටම හරි ....ඔය ඇත්තො කරපු හැම පරික්ෂණයම හරියට හරි නේ ,,අර කටුගේ සිද්දිය වගේ (දිල්)