පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්තානයෙන් සොයා ගත් ඡන්ද පත්‍රිකා දැඩි ආරක්ෂාව මධ්‍යයයේ පුත්තලම පොලීසියට ගෙනවුත් තිබේ.
මෙම ඡන්ද පත්‍රිකා අද පුත්තලම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡන්ද පත්‍රිකා මලු දෙකක් පෙ රදින එම විදුහලෙන් සොයා ගැනීමෙන් පසුව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද එහි ගොස් පරීක්ෂණ ආරම්භ කළේය.පොලීසියේ විශේෂ කණ්ඩායමක්ද තවත් පරීක්ෂණ ඇරැඹිය.
පුත්තලම නගරයේ හා පොලීසිය අසල පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නා විදියට ඡන්ද පත්‍රිකා ගේන්නේ ඡන්ද පෙට්ටිවල.. ඒවා ගෙනියන්නෙත් සියලුම අපේක්ෂකයන්ගේ නියෝජිතයන් ඉදිරිපිට..කාටත් හොරෙන් ඡන්ද පත්‍රිකා ටිකක් ගෝනියකට දාන්න විදියක් නෑ..මේක ඡන්දෙන් පස්සේ ගෙනියන්න අමතක වීමක් විය හැකි. (ස)
සුනෙත් මහත්තයෝ..ඔය ඇත්ත කවුරුත් දන්නවා පුත්තලම් බුරුවො ඇරෙන්න .කට්ටිය හදන්නේ ඕක පිටින් දාලා මේ වෙච්ච නව නිග්‍රහ පරාජයේ හෙළුව යන්තම්වත් වහ ගන්න පුලුවන්ද බලන්න.. (ස)
බන්දුල මහත්තයෝ, ඔයාගේ අදහස් දැකලා මට නම් එපා වෙලා තියෙන්නේ. (නි)
වරුණ, මොකක්ද මේ ගැන ඔයාගේ තියෙන ගොන් අදහස. (ස)
මෙයින් පැහැදිලි වෙන දෙයක් තමයි ඡන්ද ප්‍රතිපල කියලා නිකුත් කරලා තියෙන ඒවායේ කොයි තරම් ඇත්තක් තියෙනවද කියල සැකයකට තුඩු දෙන බව. (ස)
මෙය නම් හොඳ දෙයක් නොවේ. ඡන්දදායකින් දුන් ඡන්දය හා ඔවුන්ගේ අයිතිවාසිකම කුණු බක්කියට දමා කල අවමානයක්. (ස)
වෙන රටක මේක වුනා නම් මැතිවරණ කොමසාරිස් ඉල්ලා අස්වෙනවා (නි)
ඔය පළාතේ ඡන්දයක් තිබුනද?..හ්ම් මට මතක නැහැ. (ස)
පෙන්ෂන් එක නැති වෙයි වගේ. (ස)
ඡන්ද පෙට්ටියක් දෙකක් හමු වූ පමණින් ප්‍රතිපලයට මේක බලපාන්නේ නැහැ.ඡන්දය සීයට සීයක් සාධාරණව පැවැත්වුවා. (ස)
මෙතන ඡන්දපොල භාර නිලධාරීන්ගෙ නොසැලකිල්ලක් හෝ හිතාමතා කල වැරැද්දක්. මීට වගකිව යුතු නිලධාරීන්ට දඩුවම් දිය යුතුයි. (ස)
රොෂාන්, එහෙම වෙන්නේ වෙන රටවල , අපේ රටේ "ආතතිය" හැදෙනවානේ ?. අනේ මුකුත් හිතා ගන්න බැහැ. පව් මෙයා. (ස)
ඔය තියෙන්නේ හොර වැඩ ඔහොම තමා මෙයාලා දිනන්නේ... (ස)
වරුණත්, දයා අලහකෝනුත් එක්ක මමත් එකඟයි. (අ)
සමීර මහත්තයෝ, ඉස්සර හෝල්ට් එකෙන් බැහැ ගන්න මේ බස් එකේ යන්න බැරි නම්.මේක පොදු වාහනයක්.සමීර බස් එකෙන් බැහැලා පාළු ගෙයක් හොයාගන්න හිතේ හැටියට වළං බිදින්න. (නි)
කවුද කෙනෙක් කියලා තිබුනා නේද පැන්ෂන් එකත් ගන්නේ නැතුව ඉල්ලා අස් වෙන බව, දැන් මොකද දන්නේ නෑ තත්වේ.. (ස)