
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කලපු තිරයට අයත් කරඹ ප්‍රදේශයේ ඕඩය (තරව) ව්‍යාපාරිකයකු කඩොලාන ශාඛ කපා බොරළු දමා ගොඩකරන බව පරිසරවේදිහු චෝදනා කරති.
පුත්තලම කලපු තිරයට අයත් මෙම ඕඩය කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ වන ස්ථානය වන කරඹ සිමාවේ පිහිටා තිබේ.
අදාල ව්‍යාපාරිකයා කලපුවේ ඕඩයට අයත් අක්කර 2 කට ආසන්න භුමියක කඩොලාන නීති විරෝධීව කපා දමා එය ගිනි දමා වනසා ඇති අතර ඒ සමගම තවත් කොටසක් බොරළු දමා පුරවා ඇති ආකාරය දැක ගත හැකිය.
මේ පිළිබදව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දන්නසුරිය මහතාගෙන් කල විමසිමේදි මෙසේ පැවැසීය. අදාල ඉඩම සම්බන්ද අදාල තැනැත්තා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැදවු බවත් අදාල භුමියට ඔප්පුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බැලිමට පුත්තලම දිස්ත්‍රික් මිනුම්දොරු කාර්යාලයට දැන්වුවා. එහි නිසි තොරතුරු ලැබෙන තෙක් සංවර්ධන කටයුතු කිරීම සම්පුර්ණයෙන් නවතා දැමුවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුරු කැල්ලක් තිබෙනවා කොහොමද ගොඩකර ගන්නේ ආයුබෝවන්? මෙන්න පහත බිම් ගොඩකරන්න එපා කියන අයගෙන්ම ලැබෙන උපදෙස. එළිවෙන්න කලින් පස්ලෝඩ් කීපයක් දාල ගොඩකර ගන්නවා. පසුවදා මෙතන ගොඩකරන්න තහනම් බව දන්නේ නැද්ද කාගේ අව්සරෙන්ද ගොදකලේ? මම දන්නේ නෑ සර් ඊයේ රෑ කවුදෝ පස් ගෙනල්ල දාලා. සර්ට් පුලුවන්නම් පස්ටික අදලා දමන්න. අපි නොදන්න පළාත් සබා ගොයියෝ.
මේක ගොඩකරනවා පළාත් සභා කාරයින් දන්නේ නැද්ද? හොඳ කුට්ටියක් ලැබුණු නිසා අහක බලාගෙන සිටියා. ලොකු කොටස සභාපතිට...!
අරගල කරන්නට ඕන මේ විනාශයට!
ඕක ඉතින් අහන්න දෙයක්ද? ඔක්සිජන් කන්නද කියලා අහපු පුත්තලම් බූරු පැටියගේ කවුරුහරි වෙන්න ඇති...