ශ්‍රීලංකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ සුමනා සපරමාදු මෙනෙවිය (91) අභාවප්‍රාප්ත වූවාය.
කොළඹ විශාකා විද්‍යාලයෙන් සිලෝන් යුනිවර්සිටි කොලීජියට පිවිසි ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම කණ්ඩායමට අයත්වූවාය.ඇයට පළමු පන්තියේ සාමාර්ථයක් හිමිය.
ගත්කතුවරියක, විශේෂාංග ලේඛිකාවක ලෙස නමක් දිනා සිටි ඇය පේරාදෙණිය සරසවියේ කථිකාචාර්යවරියකද වූවාය.
ඉංග්‍රීසි,සිංහල දෙබසින්ම පුවත්පත් කලාවේ දස්කම් දැක්වූ ඇය තරුණි,මිහිර,අතුරු මිතුරු ඇතුළු පුවත්පත් ගණනාවක ප්‍රධාන කර්තෘවරිය වූවාය.
සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රිය සංග්‍රහයේ සංස්කරණය කළ ඇය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේද උගෙන ගත්තාය. ඇය සරදු යන අනවර්ථ නාමයෙන් ලේක්හවුස් ආයතනයේ ඉංග්‍රීසි , සිංහල පුවත්පත් වලට ලිපි ලියුවාය.
පුවත්පත් කලාවට පිවිසි දහස් ගණනකට අතදුන් ඇය තනිකඩව සිටිමින් මුළු ජීවිතයම පුවත්පත් කලාවට කැපකළාය.
සුමනා සපරමාදු මෙනවියගේ අවසන් කටයුතු කොහුවල සුසාන භූමියේදී සෙනසුරාදා (16) ඉතා චාම් ලෙස සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමිය විශාකා විද්‍යාලය වෙනුවෙන් කල සේවය අතිමහත්ය. ආදී ශිෂ්‍ය සංගමය රැස්වීම් සහ උත්සව වලදී නැවත ඔබේ සිනහ මුහුණ දකින්නට නොලැබේවි .සුමනා සපරමාදු මැතිනියට නිවන් සුව පතමි . r (කෞ)
විවාහ වෙන වයස පහු කල අවිවාහක කාන්තාවන්ට තවදුරටත් මෙනෙවිය යයි ආමන්ත්‍රණය කිරීම නොගැලපේ. මහත්මියයි ඇමතීම සුදුසු ගෞරවයයි. (කෞ)
අද අපිට බොහොම කණගාටු දවසක් (නි)
ඔබතුමියට නිවන් සැප ලැබේවා! (නි)
මේ වගේ උගත්, වැදගත් සහ බුද්ධිමත් අය තව දුරටත් ඉතිරිවී ඇත්නම් ඒ ඉතා ටික දෙනෙක් වියයුතුයි. ඔබතුමියට නිවන් සුව අත්වේවා! (නි)
ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
මම ඉතාම ආදරය කරන කෙනෙක්. එයාගේ ලිපි කියවන්න මම හරිම අාසයි. සුමනා මෙනෙවියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)
ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)