ඇගේ හඬ මේ වනවිටත් ඔබ අසා ඇත. හඬ කැවීම් ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් ඇය ලබාදෙන්නීය. එමෙන්ම ගායිකාවක ලෙසද කටයුතු කරන්නීය. "පත්තිනි" සිනමා කෘතියේ පත්තිනියගේ චරිතයට හඬ දායකත්වය ලබාදුන් ඇය විශාරද ටනාකා තාරකීය.
පත්තිනි සිනමා නිර්මාණයට හඬ දායකත්වය ලබාදීම ගැන මුලින්ම කතා කරමු
මම හිතන්නෙ ලංකාවෙ මේ සිනමා කෘතිය ගොඩනැගෙන්නේ නිර්මාණය වුණ දේවතා කතාවක් ආශ්‍රය කරගෙන. තෝරා බේරා ගත්ත ශිල්පීන් පිරිසක් තමයි මෙම සිනමා නිර්මාණයට දායක වුණේ. සුනිල් සර් මාව %පත්තිනි^ චරිතයේ හඬ දායකත්වයට තෝරාගත්ත එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ආගම් භේදයකින් තොරව වඳින පුදන දෙවඟනක් තමයි පත්තිනි දේවියන් කියන්නේ. උසස් පෙළ විභාගයෙන් පසු බොහෝ නිර්මාණවලට හඬ කැවීම්වලින් දායක වෙලා හිටියා. මම හිතන්නේ ඒ අතරින් ලොකුම අවස්ථාව පත්තිනි දේවියට හඬ කවන්න ලැබීම කියලා. කිහිප දෙනෙක් තෝරා ගැනීමේ පරීක්ෂණවලට යොමු වෙලා හිටියා. %පත්තිනි^ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකයවරයා ලෙස කටයුතු කළ දේශප්‍රිය අයියාගේ ඇරයුමෙන් තමයි මම මෙයට යොමුවුණේ. මං ගැන විශ්වාසය තියලා මට අවස්ථාව දුන්නට සුනිල් සර්ටත්, දේශප්‍රිය අයියටත් ස්තුතිවන්ත වෙනවා.
ඔබට කලා කටයුතුවල නියැළෙන්න පවුල් පරිසරයම ලොකු උදව්වක් වෙන්න ඇති?
ඔව්. මගේ පවුලෙන් කලා කටයුතුවලට විශාල දායකත්වයක් ලබා දෙනවා. මගේ අම්මා සුමිත්‍රා ජයවර්ධන. ඇය ගුරුවරියක් ලෙසත්, ගුවන් විදුලි ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඒ වැඩ කටයුතුත් නවතා දමා මගේ කලා කටයුතුවලට දායක වෙනවා. තාත්තා සංගීත අධ්‍යක්ෂකවරයෙක්. කලාවට සම්බන්ධ දේවල් මට ලැබෙන්නෙ මගේ පවුලෙන්මයි. සීයත් නර්තන පරම්පාරාවක. සංගීතය හා නර්තනය නිවස තුළම තිබුණා. මම ඒ ආභාසයත් එක්ක තමයි මේ කලා කටයුතුවල නිරත වෙන්නේ. මට ගායනයටත් දායක වෙන්න එය විශාල පිටුවහලක් වුණා.
මේ දිනවල ගායිකාවක ලෙස සිදුවන කටයුතු ගැන සඳහන් කළොත්?
අලුත්ම ගී නිර්මාණයක් කළා. "මා මඟ බලා හිඳින්නේ දෑස දකින තුරාමයි" කියන ගීතය. මගේ පියා වන නිමල් චන්ද්‍රසිරි තමයි එහි පද රචනය සිදු කළේ. සංගීතවත් කළේ ප්‍රියන්ත නාමලගේ අයියා. එහි රූප රචනාව කරන්න මේ දිනවල සැලසුම් කරමින් යනවා. %ඇතුල් වීම තහනම්^ ගීතයටත් ප්‍රතිචාර ලැබෙනවා.
හඬ කැවීමෙන් දායකත්වය ලබාදෙන අනෙකුත් නිර්මාණ?
සිරස එෆ්.එම්.ඔස්සේ සතියේ දිනවල විකාශය වන "මං ආදරේ" ගුවන් විදුලි නාට්‍යයට දායක වෙනවා. ඒ වගේම "ප්‍රේම දඩයම" සිරස ටී.වී.හි විකාශය වන ටෙලි නාට්‍යයට හඬ කැවීමෙන් දායක වෙනවා. "මගේ සඳ ඔබයි" කියන ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන නාට්‍යයට දායක වෙනවා. එය ඉන්දියාවේ "සත්‍යා" කියන මෙගා නාට්‍යයක්. මම එහි "සත්‍යා" කියන ප්‍රධාන චරිතයට හඬ කැවීමෙන් දායක වෙනවා. හිරු නාළිකාටේ "රෙබින් හුඩ්" නමින් කුඩා ළමයින්ගේ චිත්‍රපටයක් කළා. එහි මැරයින්ගේ චරිතයට හඬ කැවීමෙන් දායක වුණා. අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයේ ජස්ටින්ගේ කුමාරිකාව වන "අග්නිශිකා" චරිතයටත් හඬ කැවීමෙන් දායක වෙනවා. වෙළෙඳ දැන්වීම්වලටත් හඬ කැවීමෙන් දායක වෙනවා.
ඉදිරි වැඩකටයුතු හා මතක් කළ යුතු අය?
සංගීත විශාරද විභාගය අවසන් කළ පසු සංගීත් නිපුන් විභාගය කරන්න බලාපොරොත්තු වෙනවා. %සුමිටෝන්^ ඩාන්සින් ඇන්ඩ් මියුසික් ඇකඩමියේ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. කුඩා දරුයන්ගේ සීඩි පටයක් කරන්න තාත්තාගෙ බලාපොරොත්තුවක් තියෙනවා. හඬ කැවීම් හා ගායන යන අංශ දෙකෙහිම මේ වනවිට මම වෘත්තීය මට්ටමෙන් නියැළෙනවා. මගේ දීර්ඝ කාලීන සැලැස්ම ගුරු වෘත්තියේ නියැළෙන්න. ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නත් පුංචිකාලේ ඉඳන්ම බලාපොරොත්තුවක් තිබුණා. මට මේ ක්ෂේත්‍රය තුළ ඉන්න මට උදව්කරන, උපදෙස් ලබාදෙන වැඩිහිටි ශිල්පීන්ට වගේම මට සහාය වන සියලු දෙනාම මගේ ගමනට ශක්තියක් වුණා. ඒ හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා.
රංගන මදුසංඛ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පත්තිනි චරිතයට හඬ දායකත්වය ලබාදෙන 'ටනාකා'