උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ සහ නියෝජ්‍ය නිවසා හා සමෘද්ධි අමාත්‍ය අමීර් අලි මහත්වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිගටම කටයුතු කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට මීට පෙර ගත් තීරණය ඉවත් කරගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධිකරණයට කළ දැනුම්දීමෙන් පසුව එම තීන්දුව දුන්නේය.
ශ්‍රී ලංකා ලිබරල් පක්ෂයේ සභාපති සමස්ත ලංකා මහාචාර්ය රජිව් විජේසිංහ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අමීර් අලි පාර්ලිමේන්තුවට පත්වූයේ සන්ධානයේ ජනතා ලැයිස්තුවෙනි. ඉකුත් ජනපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දිම නිසා සන්ධානයේ මහලේකම් දෙසැම්බර් 26 වැනිදා ඔවුන් දෙදෙනාට ලිපි යවමින් කියා සිටියේ පක්ෂයෙන් නෙරපා හළ බවයි. ඔවුහු පෙත්සමක් ගොනු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න ඕනෑ වුණාම කබරයා-තලගොයා කරන දේශපාලන න්‍යායක්නේ මේ රටේ තියෙන්නේ (නි)
සමහරුන්ට වෙලා තියෙන්නේ, "මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" කියපු කතාවමයි. (නි)
විලි ලැජ්ජයි මොකට ඉන්නවද අප්පා ඔය මහා ලේකම් කමේ (අ)
අපි කලබල නොවී බලා ඉදිමු මොකද වෙන්නේ කියලා. (ර)