උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ සහ නියෝජ්‍ය නිවසා හා සමෘද්ධි අමාත්‍ය අමීර් අලි මහත්වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිගටම කටයුතු කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට මීට පෙර ගත් තීරණය ඉවත් කරගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධිකරණයට කළ දැනුම්දීමෙන් පසුව එම තීන්දුව දුන්නේය.
ශ්‍රී ලංකා ලිබරල් පක්ෂයේ සභාපති සමස්ත ලංකා මහාචාර්ය රජිව් විජේසිංහ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අමීර් අලි පාර්ලිමේන්තුවට පත්වූයේ සන්ධානයේ ජනතා ලැයිස්තුවෙනි. ඉකුත් ජනපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දිම නිසා සන්ධානයේ මහලේකම් දෙසැම්බර් 26 වැනිදා ඔවුන් දෙදෙනාට ලිපි යවමින් කියා සිටියේ පක්ෂයෙන් නෙරපා හළ බවයි. ඔවුහු පෙත්සමක් ගොනු කළහ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පත්කළ මන්ත්‍රී දෙන්නා බේරෙති
දුමින්ද Thursday, 12 February 2015 02:51 AM
කන්න ඕනෑ වුණාම කබරයා-තලගොයා කරන දේශපාලන න්‍යායක්නේ මේ රටේ තියෙන්නේ (නි)
අජිත් කරුණාරත්න Thursday, 12 February 2015 02:56 AM
සමහරුන්ට වෙලා තියෙන්නේ, "මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" කියපු කතාවමයි. (නි)
මාටින් Wednesday, 11 February 2015 11:06 AM
විලි ලැජ්ජයි මොකට ඉන්නවද අප්පා ඔය මහා ලේකම් කමේ (අ)
නිහාල් Wednesday, 11 February 2015 02:59 PM
අපි කලබල නොවී බලා ඉදිමු මොකද වෙන්නේ කියලා. (ර)