රුපියල් දෙකෝටියක කප්පමක් ගැනීම සඳහා බම්බලපිටිය කොතලාවල මාවතේ දී ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සකීබ් සුලෙයිමාන් පැහැරගත් බව කියන කණ්ඩායම සොයා පොලිස් කණ්ඩායම් අටක් යොදවනු ලැබ සිටිති.
දැනට තිදෙනකුගෙන් කටඋත්තර ලියාගත් පොලිසිය පවසනුයේ එවැනි එක් ව්‍යාපාරිකයකු මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් ණයවී සිටින බවයි.
පිළිබඳ නිවැරිදි තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය පතයි.
මොහු පිළිබඳ තොරතුරු ඇතොත් 071 859 17 27 අංකයට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට, 071 859 17 35 එහි ස්ථානාධිපතිට හෝ 071 859 15 80 අංකයට බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලයි.
තම පුතා සිටින තැන සොයාගැනීමට නිවැරදි තොරතුරක් දෙන කෙනකුට රුපියල් ලක්ෂ 50ක මුදල් තෑග්ගක් දෙන බව ව්‍යාපාරිකයාගේ පියා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි සියල්ලටම ඉහළින් තැබුවේ විවෘත ආර්ථිකයයි. මිනිසුන් මෙතරම් පහළින් තැබුවේත් විවෘත ආර්ථිකයයි. (නි)
මේ අය මෙලෙස කෝටිපතියන් වී ඇත්තේ කෙසේදැයි සිතුනි (නි)
කතාවක් තියෙනවානේ දුප්පත් රටක පොහොසතෙක් වීමත්, පොහොසත් රටක දුප්පතෙක් වීමත් ලැජ්ජාවට කාරණයක් කියලා. (නි)
නුවන්, අනුන්ගේ දේවල් අපිට වැඩක් නැහැ. දේශපාලුවන්ගේ අතකොලු නොවී, තමගේ දියුණුව සහ අනාගතය ගැන සිතා වෙහෙස මහන්සිවී වැඩකරන හැමෝටම කෝටිපතියන් විය හැක. (නි)
පවු දෙයියනේ! ඔහුට කිසිදු කරදරයක් නොවේවා! (නි)
නුවන් මහත්මාණෙනි, අප්‍රතිහත ධෛර්යය, කැපවීම, නොපසුබට උත්සාහය, මේ නොයෙකුත් කැපවීම් මතින් ආ ගමනක් වෙන්න පුළුවන්. අප අදහන ආගම අනුව ඔහුට විපතක් නොවේවා යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. ඔහුට නිදුකින් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරමු. ඔහු පැමිණි පසු ඔබගේ ගැටලුවට පිළිතුරු ලබාදෙයි. ඔහුට නිදහස ලැබේවා!! (නි)
දෙවියනි, මොහු ආරක්ෂා කළමැනවි! (නි)
නුවන්, ඔවුන් නිකන් පොහොසත් වූයේ නැත. ඔවුන්, කඩිසර අවංක ව්‍යාපාරිකයෝ වෙති. ඔවුන් ව්‍යාපාර වරදින්නේ නැත්තේ ය,. (ර)
ඒ දෙමාපියන්ට මොනතරම් නම් ගින්දරක් ඇද්ද? (නි)
අනේ! ඔහු ඉක්මණින් හමුවේවා! (නි)
නුවන්, මහන්සි වුනොත් දියුණු වෙන්න පුළුවන්. (ර)
කවුරු වුනත් මේ වැඩේ කරපු අය වැඩිකල් හැංගි හැංගි ඉන්න බෑ.අහු වෙනවා.(හේ)
එතරම් මුදලක් ලබා දෙනවද?(හේ)
කාගේ හෝ දරුවෙක්. තරුණ ව්‍යාපාරිකයෙක්. විපතක් නොවී නිදහස් වෙන්න ලැබේවා! (නි)