පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයට  පොලිස් කණ්ඩායම් පහක් පහක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

තොරතුරු කිහිපයක් දැනටම සොයාගෙන ඇතැයි ද ඔහු කියයි.

කොන්ත්‍රාත්තුවක් මත මේ ඝාතනය සිදු වන්නට ඇතැයි ද  ඝාතකයා රටින් පළා යන්නට ඇතැයි පැවැති කතාව ගැන විමසු විට මාධ්‍ය ප්‍රකාශක පැවසුයේ එවැන්නක් ගැන නොදන්නා බවයි.