ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 18 වැනි වරට සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (16) පෙරවරුවේ ආරම්භ විය.
ලබන 25 වැනිදා දක්වා ප‍්‍රදර්ශනය සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත‍්‍රී 9.00 දක්වා විවෘත වෙයි. සෙනසුරාදා (17) දා පමණක් රාත‍්‍රී 12.00 දක්වා විවෘතව තැබෙන බව සංවිධායකයෝ පවසති.
දේශීය පොත් ප‍්‍රකාශකයින්ගේ අලෙවි කුටි 410ක් පමණ හා විදේශීය පොත් ප‍්‍රකාශක අලෙවි කුටි 60ක් ද ඇතුළත් බව ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් උපාලි වනිගසූරිය මහතා කියයි.
සංගීත වැඩසටහන්, නර්තනාංග, විද්වත් සංවාද, අලූත් පොත් දොරට වැඞීම්, ෙක්‍ෂ්ත‍්‍රයේ විද්වතුන් සහභාගී වන සාහිත්‍ය සංකථන මණ්ඩප ආදී විවිධ අංග පොත් ප‍්‍රදර්ශන භූමියට පැමිණෙන පාඨකයින්ගේ රසාස්වාදය වෙනුවෙන් සංවිධානය කර ඇති බව ද ඔහු කියයි.
ලේඛන කටයුතුවලදී සිංහල භාෂාව භාවිතා කළ යුතු ආකාරය ගැන මාධ්‍යවේදීන්, ලේඛකයින්, පිටපත් රචකයින් ආදී පාර්ශව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන භාෂා සංගායනාවක් 20,21,22 දිනවල පැවැත්වෙන බව ද හෙතෙම සඳහන් කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොත් දැක්ම ඇරැඹෙයි : බස් කතිකාවතකුත් එයි