IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පඬු අබා රැකි ගමට නව සෑයක්

පණ්ඩුකාභය රජුගේ ළමා කාලය ගෙවුණු මිහින්තලේ ඵෙතිහාසික දොරමඬලාව ගම්මානයේ පිහිටි දොරමඬලාව රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ගර්භ විහාර මන්දිරය සහිත චෛත්‍ය රාජයාණන්ට කොත් පැළඳවීම හා විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යොත්සවය මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 10 වැනිදා සිදුකිරීමට නියමිතය.

ව්‍යාපාරික උදිත ප්‍රසංග ප්‍රනාන්දු මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකැරුණු මෙහි කොත නිරාවරණය එදින පෙරවරු 8.28 ට ප්‍රනාන්දු මහතා අතින් සිදුවන බව විහාරාධිපති පමුණුවේ සුමණජෝති හිමියෝ කියති.

ඒ වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන් පෙළ අනුව අප්‍රේල් 8 වැනිදා පෙරවරු 9ට ගෝනෑව මංසන්ධියේ සිට කොත් වහන්සේ රැගත් පෙරහර විහාරයට වැඩමවීම හා එදින රාත්‍රී 7ට ශ්‍රී විෂ්ණු පූජාව පැවැත්වෙන අතර අප්‍රේල් 9 වැනිදා පෙරවරු 6.21ට කොත් වහන්සේ පැළඳවීමත් එදිනම රාත්‍රී 8ට බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමත් සිදුකර සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වීමට නියමිතය.

අප්‍රේල් 10 වැනි දින කොත නිරාවරණයෙන් පසු පෙරවරු 8.31 ට ධාතූන් වහන්සේ සහිත කරඬුව තැන්පත් කිරීමෙන් පසු පෙරවරු 9 ට උත්සව සභාව ආරම්භ වේ. එදින පෙරවරු 10.30 ට බුද්ධ පුජාව හා දහවල් සංඝගත දක්ෂිණාව පැවැත්වේ. රාත්‍රී 7ට කප්රුක් පූජාව සහිත අටවිසි බුද්ධ පූජාව පවත්වා රාත්‍රී 8.30ට පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනයෙන් වැඩසටහන අවසන් කිරීමට නියමිතය.

DSC03176 DSC03177 DSC03178 DSC03179 DSC03180

DSC03181 DSC03182



අදහස් (0)

පඬු අබා රැකි ගමට නව සෑයක්

බණ්ඩාර Wednesday, 08 April 2015 06:38 AM

සාදු !සාදු ! අසීමිත සතුටක් දැනෙනවා. (ස)

:       0       0

පහන් Wednesday, 08 April 2015 07:28 AM

සාදු ! සාදු !සාදු !! (නදී)

:       0       0

සුමිත් Wednesday, 08 April 2015 07:44 AM

මේ මා ඉපදුනු, හැදුනු වැඩුනු ගමයි. මට හරිම සතුටුයි. ඔබ සැමට දීර්ඝායුෂ පතමි.(ම)

:       0       0

දුමින්ද Wednesday, 08 April 2015 09:12 AM

සොරකම් කල හෙළ කිරුල නැවත හෙළයට දිනා දුන් පඬු-අබා රජු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site