ශ්‍රී ලංකාවට ආවේණික පණුවන් කිහිප දෙනකු හා බෙහෙත් පැලෑටි කිහිපයක් සමග කඩුවෙල අධිවේගී පිවිසුමේදී චෙකොස්ලෝවැකියා ජාතික යුවළක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාතර සිට පැමිණි බව කියන ඔවුන් ළඟ රසායන ද්‍රව්‍යද තිබූ බවත් ඔවුන් ගමන් කළ වෑන් රිය ද සමග ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වනජීවී නිලධරයෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුදෙනා රෝහිතට බනිනවා. නමුත් ඇත්ත ප්‍රශ්නය රෝහිතලා තව ගොඩක් මේ රටේ සිටීමයි. (බ)
මේවා නම් විකාර. පොලිසිය අයට වෙන වැඩ අතටම නැද්ද? බෙහෙත් පැලෑටි මොනවද? ඔය පණුවන් අපිට කන්නද?(රේ)
අපේ දේවල් රැක ගැනීම අපේ වගකීමක්, ලංකාවට ආවේනික ජාන සම්පතට තියන තර්ජනය නොසලකා අරින්න හොද නැහැ. මේව රැකගැනීම, අපි කාගේත් වගකීමක්. මේවා ගැන නොදැන කමෙන්ට් දාන අය දැනුවත් වුනොත් හොදයි (බ)
අනේ මොන විකාරද? කිලෝ ගණන් මත්කුඩු ප්‍රවාහන කරන රටක අල්ලන්න පණුවෝ. පොලිසියට ජරාව දෙන්න මේ දෙන්නා අකමැති වෙන්නැති (බ)
අනේ හපොයි රුහිතෙට හිතෙන රෝහිත වගේ ලින් මැඩියන්ගේ දැනුමේ තරම. (ර)
රෝහිත, චුට්ටක් කල්පනා කරලා බලන්න. භූමියෙන් නොමිලේ ලැබෙන දෙයින් අපේ රටම රෝගී වෙලා නේද? ඉස්සර ජලය නොමිලේ දැන් ජලය මිලදී ගන්න ඕනෑ.. ඔය අතරේ අපගේ බිබිලේ දොඩම් වලට මොකද උනේ ? දොස්තර සේනක බිබිලේ වැනි අය අද රටේ නැති උනත් ඒ තැන ගන්න කෙනෙකු නැති උනත් ඒ අසලට පැමිණිය හැකි උදවිය තවම රටේ ඉන්නවා. අපේ රටට ආවේණික බෙහෙත් පැළෑටි කෘමීන් පනුවන් වැනි දෑ රැගෙන ගොස් කරන්නේ මොනවාදැයි අපි නොදනිමු. එහෙත් ඉන් ඇති වන අනිසි ප්‍රතිඵල විඳිමු. ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන යන්නට සිදුවන අනාගතය එතරම් දුර නොවේ යයි මට සිතේ. (ර)
රෝහිත, මෙය ඔබේ වැරැද්දක් නොව ඔබ ලැබූ අධ්‍යාපනයේ වැරැද්දක්. ජේව විද්‍යාත්මක වටිනාකම් යන වචනයේ අර්ථය සොයා ඉගෙන ගන්න. (ර)
ඔය කමෙන්ට් දාල තියෙන රෝහිත වගේ බුද්ධිමත් ජනතාව නිසා තමා අපේම පැලෑටි වලින් බෙහෙත් හදලා සුද්දෝ අපිටම විකුණන්නෙ. (ර)
දැන් ගස්ලබු ගස් වල ගෙඩි හැදෙන්නේ නැහැ. කොස් දෙල් ගෙඩි පුස් ජාතියක් හැදිලා වැටෙනවා. මේවා ඉස්සර තිබුනේ නැහැ. පිටරටින් ආපු දේවල් වෙන්න ඉඩ තියනවා.මේ පනුවොත් පිටරටින් ගෙනාපු වීනෂාකාරී වර්ගයක් වෙන්න බැරිද? (බ)
රෝහිත මේවයේ වටිනා කම නොදන්නා හින්ද තමයි අපේ රට එකතැන පල් වෙන්නේ ඔබ දන්නවද ජාන විකුරතිය පිලිබදව ? අපේ රටට ආවේනික දේවල් වෙන රටකට ලබන්නේ එහි ලොකු වටිනා කමක් තියෙන හින්ද විශේෂයෙන් වල්ල පට්ටා, විවිධ සතුන්, සාක, දිලිර වෙනත් රටවල් මේවා බාවිතා කරමින් බෙහෙත් විවිද පර්යේෂන කරනවා. කණගාටුවට කරුණක් වෙන්නේ තවමත් නුගත් පිරිසක් රටතුල සිටීමයි. (ර)
හැමෝටම ඕන ඕන විදිහට අපේ රටේ ජෛව සම්පත රටින් එලියට ගෙනියන්න බැහැ. ඒවගේම තමයි වෙන රටවලිනුත් අපේ රටට ගෙනෙන්න බැහැ. වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත, ජාතික උරුම වන භූමි පනත වගේ නීති පනවලා තියෙන්නේ ඒ වෙනුවෙන්. ඒ නිසා මේවා විකාර වැඩ වගේ හිතන්න එපා. (බ)
රෝහිතට අනන්‍යයතාවක් නැතුව ඇති. එ්ක හින්ද තමයි පනුවෝ කන්නද බෙහත් පැළෑටි මොකටද කියල අහන්නේ. පුළුවන්නේ සල්ලි දීල බෙහත් ගන්න පිට රටවල් වලින් (බ)
රෝහිත: දන්නේ නැති දේවල් වලට කොමෙන්ට් දාන්නේ නැතුව ඒ ගැන ටිකක් දැනුවත් වුනානම් හුඟක් හොඳයි. (බ)
මේ පණුවන් ගන්න ඇත්තේ මොකටද?(හේ)
මෝඩ කතා කියන්න එපා රෝහිත. පණුව නෙමෙයි මොනදේ උනත් රටට ආවේනික දේවල් නීති විරෝදිව වෙන රටකට ගෙනියන්න හදනවනම් එක ලොකු වරදක්. අපේ රටේ මිනිස්සු හොද වැඩි නිසයි භයක් සැකක නැතුව ඕවා කරන්න පෙළඹිලා තියෙන්නේ. බලන්න ඉහත රුපය දිහා එයාලා කොහොමද පොලිසියේ ඉන්නේ කියලා. (ර)
රෝහිත නොදන්නා දේ ට කට දන්නා එපා .මෙහෙම නීති තිබෙනබව දැනගන්න. (ර)
රෝහිතගේ මොලේ දිග පලල මේකෙන් තෙරෙනවා නොදන්න දේ නොලියා ඉන්න. (ර)
රෝහිත ඔබ අකුරු ලියන්න නම් දන්නා බව මේ මොනවා හරි ලියපු නිසා තේරෙනවා. කියවන්න පුළුවන් බව මේක කියවලා ඉන් පසු ලියපු නිසා තේරෙනවා. එහෙත් ඉන් එහාට දෙයක් නොදන්නාකම ඔයාගේ අවුලක් මිස පොලිසියේ හෝ රටේ නීතියේ වරදක් නොවේ. යමක් නොතේරෙනවානම් ටිකක් අනිත් උදවිය ලියනකම් සිට කියවලා බලලා තේරුම් ගන්න. නොදන්නාකම තේරුම් ගෙන ඉගෙනගන්න බලන්න. නැත්නම් මිනිස්සු කියාවි මෝඩයෙක් කියලා. (ර)
ඔවුන් ලග රසායන තිබුනා කියන්නේ ඒවා මොනාහරි දෙයක් ඇති. (ර)
රෝහිත මේවානම් වැඩ නෙමෙයි ඔය නිකම්ම නිකන් පණුවෙක් කියලා හිතුවොතින්. මේ මිනිසුන්ට පිස්සු නැහැ මෙචර දුරක් වෙන රටක ඉදන් ඇවිත් පණුවෙක් අරන් යන්න. ඔය කරන්න හදන පරික්ෂනෙකට වෙන්න පුළුවන්. මේ අපේ රටේ සම්පත් කොල්ල කන්නේ . නිකන් පනුවෝ බෙහෙත් පැළෑටි කියල ගණන් නොගෙන ඉන්න එපා. (ර)
පනුවන් මොකටද ගෙනියන්නේ ගෙනියන්නකෝ අපේ දෙසපලුවෝ ටික අපි ගෝනි වල දාල එලියට එන්න බැරිවිදිහට කටවල් බැඳලා කියන තැනකට ගෙනත් දෙන්නම් රටින් එලියට ගෙනියනවා නම්. දගලුවොත් ගහන්න දෙකේ දෙකේ පොලුත් දෙන්නම්. අනේ ගෙනියනවද. පණුවන්ගෙන් අපේ පොලොව සාර වෙනවා නමුත් මෙයාලගෙන් වෙන්න මෙයාල මැරෙන්නම ඕනේ. (ර)
අනේ රෝහිත ඔයා ඉන්න තිබ්බේ ලංකාවේ නෙමේ සෝමාලියාවේ. (ර)
මේවා නීති විරෝධී ජාවාරම්. (ර)
එහෙම කියන්න එපා මේවා දැන් රටේ දැවෙන ප්‍රශ්න. (ර)
මේව රට ඇතුලෙ ප්‍රවාහනයට තහනම් නෑ නේද.....? (ර)
අපේ රටට කරන වින්නැහිය තේරෙන්නෑ. එකනේ රාජකාරිය කරන අයට දොස් කියන්නේ. (ර)
රෝහිත ඔබට මේවා ගැන වැඩි තේරුමක් නැති කෙනෙක් වියහැක. කෙසේ වෙතත් මෙය ජාන හොරකම් කිරීමකි , එසේ නැතිනම් ඒක දේශික සත්ව විශ්ෂ හොරකම් කිරීමකි. එය දඩුවන් ලැබිය හැකි වරදක් . අපේ සම්පත් අපි රැක ගතයුතුය. (ර)
රෝහිත ගැන අහිතක් නැත. නොදැනුවත්කම ගැන දුක හිතෙනවා. (ර)
පොලෝසියේ මහත්තුරුන්ට කසිප්පු පුරවපු වැන් යනවා පෙන්නේ නෑ....පනුවෝ කුප්පියක් අල්ලාගෙන. (ර)
ඔය පනුවන් ගෙනියන්නේ කන්න නෙමෙය් දැන් ඔය පනුවන් යොදාගෙන අමාරු තුවාල හොඳ කරන ක්‍රමයක් ලංකාවේ විජය කුමාරනතුංග රොහලේ දැනටමත් සාර්ථකව කරනවා එකට පනුවන් බොකරන මැස්සන් ගේන්නෙ පිටරටින් ,ඔය පැලත් ඔෞෂධ හදන පැල වෙන්න ඔන අපෙ හෙළ වෙදකමින් ඔෞෂධ හදල අපිටම එවනවා අපි පිටරට කට අයාගෙන ඉන්න කම් අපිට ඉතින් පඩි මදිනෙ. අපෙන්ම පික්පොකට් ගහලා අපිටම ගෙවනවා. (ර)
රෝහිත මේවයේ ජාන වැදගත්කන්ම දන්නේ නැතිව මොකුත් ලියන්න එපා. (ර)
රෝහිත, උගන්නල නැද්ද ස්කොලේ යන කාලේ ලංකාවේ සිටින පනුවන් පස සාරවත් කරනවා කියලා , ඔයාලා වගේ අය තමයි රට පෙරලන්න හදන්නේ. (ර)
පොලිසිය ජරාවක් කන්න හදන්නේ. ලංකාව තුල මෙහෙම දෙයක් ඕන කෙනෙකුට තියා ගන්න පුළුවන්. මොකක්ද මේකේ චෝදනාව? විදේශ රටවලින් එන අය පරිස්සම් වන්න. ඕනෙම දෙකට අල්ලගන්න පුළුවන්. සාක්කි පරීක්ෂා කරන අකාරය පේනවනේ. (බ)
පනුවෝ පනුවෝ කියා බෙරිහන් දුන්නට මොවුන් රැගෙන ගොස් තිබෙන්නේ සමනල කීටයින් පණු අවස්ථාවේ සිටින සමනල කීටයින්. (බ)
රෝහිත කරලා තිබෙන්නේ අනික් අයව ටෙස්ට් කරලා බලල. නැතුව ටෙස්ට් කොරල නොවෙයි. මෙහෙම කියලවත් රෝහිතව බේරා ගමු. නැතිනම් බල්ලන්ට අසුන පොල් මුඩ්ඩට වෙච්චදේ වෙන්නේ. (බ)
දැන් නම් මම හිතන්නේ රෝහිතට හොඳ දැනුමක් ලැබිල ඇති අපේ උගත් පාඨක මහත්ම මහත්මීන්ගෙන්, දැන් ප්‍රධාන මාතෘකාව පනුවන් නෙවෙයි, රෝහිත..(බ)
අයියෝ රෝහිත නන්නත්තාරයි....... නැත්තටම නැතිවුනා.....(බ)
මම දන්නා කාලෙක වැඩියෙන්ම ඉල්ලන් කෑවේ රෝහිත කියලයි මටනම් හිතෙන්නේ (බ)
රෝහිත ඔබ හරි. (ර)
බෙනෙට් ගේ කතාව හරියටම හරි. දැන් මේ රෝහිතට බැනපු උදවිය අපේ රටේ ඉන්න පනුවෝ ගැන පර්යේෂණ පවත්තල උන්ගෙන් වැඩ අරගෙන පුදුම විදියට රටට සේවයක් කරල තියෙන්නේ, ඒ ගැන මට හරි සතුටුයි. අපේ රටට අාවේනික පනුවන්ගේ නමවත් දන්නවද දන්නේ නැ, ඔච්චර කියවන කට්ටිය. (බ)
තැලෙන යකඩ දැක්කහම හැමෝම තලනවා නේද රෝහිත ඔහේ වැඩිය බලන්න නැතුව ලියපු නිසා හැමෝම එයාව මරාගෙනේ කන්න එපා වැරදීම් වෙනවා තමා. (බ)