ජනරාල් ලකී අල්ගම ජා-ඇළ දී 1999දී ඝාතනය කළැයි කියන කොටි සැකකරුවකු දඩුවම් නොකර පුණුරුත්තාපනය කිරීමට යැවීමට එරෙහිව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අෂාඩ් නවාවි මහතා කොළඹ මහාධිකරණයේ කරුණු දක්වා සිටියේය.
සැකකරුගේ නීතීඥයා කළ ඉල්ලීමට අනුව ඔහු එසේ කරුණු දැක්වීය.
ආර් ඒ අජිත් නොහොත් හිච්චිමල්ලී නම් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ඔහුට දඩුවම් නොකර පුණුරුත්තාපනයට යවන ලෙසයි.
ඔහු සමග තවත් සැකකරුවෝ හතර දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා 110කට චෝදනා පත්‍ර ලබා සිටිති.
ආර් රවීන්ද්‍රන්, ත්‍යාගරාජා ශ්‍රීධරන්, ජේ අජිත් කුමාරසිරි සෙසු සැකකරුවෝ වෙති.
එම ඉල්ලීම සළකා බැලීමට කුමුදුනී වික්‍රමසිංහ විනිසුරුවරිය සැත්තැම්බර් 13 වැනිදා තෙක් නඩුව කල් තැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකී, එයත් මනුෂ්‍යයෙක්. සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයට හිමි මරණ දඩුවම නැත්නම් ජීවිතාන්තය දක්වා හිර දඩුවම. එහෙම වුනොත් එල්ලුම් ගහට නියම වෙචච හැමෝම කියාවි අපිව පුනරුත්තාපනය කර නිදහස් කරන්න කියලා. (නි)
කොටි අපරාධකරුවන්ගේ අලුත්ම සෙල්ලම මේක. මිනී මරලා කාන්තාවෝ දූෂණය කරලා හැමෝම කිව්වොත් අනේ අපිවත් පුනරුත්ථාපනය කරන්න කියලා මොකද කරන්නේ?(නි)
අනේ කොහොම හරි ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න. මිනිස්සු විනෝදෙටත් මිනිස් දඩයමේ යනවා. ඇයි ඉතින් පුනරුත්ථාපනය වෙන්න පුළුවන්නේ. (නි)
650ක් මිනිස්සු මරපු කට්ටිය හොදට පුනරුත්ථාපනය වෙලා ඉන්න එකේ ඇයි මෙයාව පුනරුත්ථාපනය කරන්න බැරි? (නි)
පුණරුත්ථාපනය නෙවෙයි බෙල්ල කපන්න ඕනේ. (ස)
සිද්ධාන්තයේ හැටියට සෑම සිරකරුවෙකුමත් පුනරුත්තාපනය වෙන අයෙක්. හිරේදී දැතේ කර්මාන්තයක් ඉගෙනගෙන, හොඳ නරක තේරුම් ගෙන යහපත් පුරවැසියෙක් වෙනවා කියන එකනේ සිද්ධාන්ත පොතේ තියෙන්නේ. මෙයාටත් ඒ අනුව දඬුවමක් විඳලා ඇයි බැරි පුනරුත්තාපනය වෙන්න?(අ)
එතකොට මිනීමරුවෝ ඔක්කම පුනුරුත්තාපනය කරන්නද හදන්නේ.(නදී)
ඔය සමහරු යසට දඬුවම් නොලබාම පුනරුත්තාපනය වෙලා ඉන්නේ (නි)
මේ අය නිසා විපතට පත්වුන අය අතරින් එක්කෙනෙක් සීදුව පෙට්‍රල් ෂෙඩ් එක ලග ලොතරයි විකුනමින් ජීවත් වෙන්න පවුල නඩත්තු කරන්න දගලන විදිහ දැක්කම බැහැ කිව් එක මොනතරම් සාධාරණද?(නදී)
ලකී අල්ගම කියන්නේ හිටපු හමුදා නිලදාරියෙක් තමා. ඒත් මම නම් අහලා තියන විදියට 88,89 දී ඔහුට එල්ල වුන චෝදනා වලට දඩුවම් ලැබුනේ නැහැ. (නි)
ලකී අල්ගමට බොහෝ චෝදනා එල්ල වී තිබුණා (නි)
මේ දෙමල තරුණයා වීරයෙක්. (නි)
දන්නා අය දන්නවා කවුද කියල. (අ)
ශීල, මේ මිනිහා දෙමල නෙමේ සිංහල. සමහර මිනිස්සුන්ට හිට්ලරුත් වීරයෙක්. ඒ වගේ මිනිස්සු ගොඩක් ඉන්නේ මානසික රෝහල් වල. ඔයත් ගිහින් මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න. දොස්තර කෙනෙක් චැනල් කරන්න සල්ලි නැත්නම් කියන්න අපි බලු කපුටු දාන දෙන්න සල්ලි ඉතුරුකරලා තියෙනවා. ඒකෙන් ටිකක් දෙන්න පුළුවන් (නි)
සංජිව මෙහෙමයි... සිංහල උනත් දෙමල උනත් වීරයෙක් කියල කිවේ ද්‍රෝහී කමට නෙවේ.(අ)
88 දී හමුදාවට පරාල ඇන තොග වශයෙන් ගැහැව්වේ මෙතුමා.(නදී)