ඉඩම් හා අඩු නිවාස හිමිකම් පවරා දීමට සිටිය දී පණ්ඩිතකමක් කළ නිසා අවුරුදු දෙකකට කළින් ජනපතිවරණයක් පැවැත්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඹුරුපිටිය බොරළුකැටියේ දී කීවේය.
එම මැතිවරණයෙන් ඔහු පරාජයට පත් විය.
ඔහු මෙවර කුරුණෑගලින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරයි.
‘මම කළ ඒ පණ්ඩිත වැඩෙන් මිනිසුන්ට එකක් දැනගන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයේ වැඩ කොහොමදැයි ඔවුනට පෙවුණා. ඔවුන් බෙදන ඉඩම් ඔප්පුවේ කවරේ රනිල්ගේ පින්තූරේ. ඇතුළේ මහින්ද රාජපක්ෂගේ පින්තූරේ. ඒ කාලෙ බෙදා දීමට ලෑස්ති කළ මේ ඉඩම් ඔප්පු අපේ නිලධාරයන් බෙදා දී නෑ. දැන් ඒවා බෙදන්නේ රනිල්ලා. හැබැයි කාටවත් මගේ අත්සන වෙනස් කරන්න බෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළඟදී නාමල් කියලා තිබුනා "අපේ තාත්තා සොරකම් කළේ ජනතාවගේ හදවත්" කියලා. දැන් තාත්තා කියනවා එයා කරපු "පණ්ඩිතකමක්" හින්දා පරාද වුණා කියලා. තාත්තලා පුතාලා මොනවා කියනවාද මන්දා? හදවත් දිනනවා වෙනුවට සොරකම් කරනවා. මෝඩ වැඩ වෙනුවට පණ්ඩිතකම් කියලා කියනවා. (නි)
ඕවා පාරම්පරික බුදල් නෙවෙයිනේ ... (ර)
ඔන්න කියපු එකම ඇත්ත .(ම)
රටක් පාලනයට ගැලපෙන්නේ වෙලාවට හරි තීරණය ගන්න පුළුවන් කෙනෙක් නේද? (ම)
පණ්ඩිත වුණාට කමක් නැහැ, අනෙක් ගුණාංග පෙන්වන්න එපා (නි)
වෙලාවට ගත්ත තීරණ නිසා අද නොබෙදුණු රටක් ඉතිරිවෙලා තියෙනවා. (ර)
අනේ මහත්තයෝ, තව ඔයාගේ නම කැතකරගන්න එපා.පාඩුවේ ඉන්නකෝ. හම්බකළ ඒවා මදිද? (නි)
මේ මොනවාද මේ කියන්නේ. (ර)
දැන් මොනවා කිව්වත් පරාජය නියතයි. (ර)
යහපාල දැන් වචන දෙකෙන් පිළිතුරු දෙන්නේ මහින්ද අනාගෙන තියෙන නිසා. මහින්දගේ පවුලේ සංවර්ධනය නැවතිලා. එකයි එන්න දඟලන්නේ. (ස)
මට හිතෙන්නේ ජනවාරි 8 වෙනිදා වුණූ කම්පනයෙන් මෙයා තවමත් යථාතත්වයට පත්වෙලා නැහැ කියලයි ......(ම)
ඔබ තුමා රට බේරා ගත් නායකයනේ. වෙනත් දේවල් අපට වැදගත් නැත .(ම)
මහින්ද මහත්තයා දැන් පරාජිත හිටපු ජනාධිපති. ඒ නිසා එයා දැන් විශ්‍රාම අරගෙන අලුත් නායකත්වයකට ඉඩ දීල වැදගත් විදිහට දේසපලනයෙන් සමුගන්න ඕන. මොකද දැන් වයසත් අවුරුදු 70වක් වෙනවනේ. මොකද මේ තරම් පෙරේත බලේ ගන්න. (ස)
දැන්ද තේරුනේ බබාට ? (ස)
ඔබතුමාගේ වැරදි ගැන වැටහීමක් ලබා තිබීමත් ඒ තුලින් පාඩම් ඉගෙන ගැනීමත් ඔබේ අවංක්වතයත් අගය කරනවා. (ස)
වයසට යනකොට හොදට කල්පනා කරලා තීරණ ගන්න අමාරුයි. (බ)
මොන කෙනා බෙදුවත් මේවා ජනතා සතු දේවල් කිසිම කෙනෙක් තමන්ගේ පඩියෙන් වත්කමෙන් අරගෙන දෙන්නේ නැහැ ඔබ තුමන්ල යැපෙන්නේ අපේ බදු මුදල් වලින් පිනට කාල පිනට බෙදන අය (බ)
ආනන්ද මහත්මය එහෙම නොවෙන්න පුළුවන් යුද්ද කාලේ කොල්ලුපිටියේ පක්ෂය හැසිරුණු විදිය ඉතාම නරක ය (බ)
තන්හාය ජායති සෝකෝ (අ)
ලජ්ජා නැතිව ආයෙත් පණ්ඩිත කමක් කරන්න ඇවිත් ලබන මාසේ නියමට ඇනගන්නවා නියතයි...ඔබ පරිප්පු ඉල්ලන් තෙම්පරාදුකරාලා කන්නයි යන්නේ. (අ)
මහින්ද මහත්තයෝ.... ඔයාගේ පණ්ඩිතකම නිසාම නේද අපිට යුරෝපා කොටි තහනමත් නැති වෙන්න ගියේ.... රට අදුරට ගියේ..... (හේ)
කළ වැරදි තේරෙනකොට කොහොමත් පරක්කු වැඩියි (නි)
පේමදාස උන්නැහෙ මලයාලි කට්ටඬියන්ව ආනයනය කරල කන්න බොන්න ඉඳුම් හිටුම් ආදීය දී,දෙන ලද ලනු කා, ඇන ගත්ත. ලනු දෙන සාස්තර කාරය හරහා, අපේ රට බේරපු මහින්ද උතුමන්, මැතිවරනෙ අවුරුදු දෙකකට කලින් තබා ඇන ගත්ත. (අ)
දැන් තේරෙනවා ඇති ටික ටික (නි)
ඔය පන්ඩිත වැඩෙන් වෙච්ච එකම දේ තමයි, ‘’සින්හාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ඒ ලෝකයමයි’’යන ගී පද වැල 100% හරිය කියා අප කාටත් අවබෝධ වීම! (අ)
ඔය පැත්තේ ඉන්න අය ගැන අපි දන්නවා. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ (නි)
මහින්ද කියන්නේ හොඳ කෙනෙක් තමා. නමුත් කිසියම් හදිසි කරදරයකින් කෙනෙක් අපිව බේරාගෙන එයාම අපේ දේවල් විනාශ කරලා දානවා නම් අපි මොකද කරන්නේ. එයා තව දුරටත් අපේ ගෙදර තියා ගන්නවද? බල තණ්හාව හැම තණ්හාවටම වඩා ලොකුයි. (අ)
පණ්ඩිතකමක් කළාට පණ්ඩිතයෙක් නොවන නිසානේ රටේ ආදායමට වඩා ණය වාරිකය වැඩි වුණේ? (නි)
ඔබ තුමා රට බේරා ගත් බව ඇත්ත එත් ඔබ තුමාට බැරි වුණා රටේ හොර දේශපාලකයන් හදුනාගන්න .දැන හෝ නොදැන තනතුරු දුන්නෙත් ඒ වගේ අයට (අ)
ජනතා මතය බලහත් කාරයෙන් වෙනස් කිරීමට මොවුන් උත්සහ ගනිමින් සිටී. (බ)
ඔව් ඔව් වෙලාවට තීරණය අරගෙන ලස්සනට පලි ගත්තා සිංහල අයගෙන් සිංහල නායකයන්ගෙන් (නදී)
දැන් පරාජය නලලේ කොටා ඇත. (නදී)
අවුරුදු 10ක්ම නිලධාරියන් ඇද ඇද හිටපු එකයි වැඩේ. ආයි එන්න හිතන් ඉන්නෙ ඇවිත් දඩුවම් කරන්න වෙන්න ඇති මේං කියල.(නදී)
කලින් විසුරුවා හැරියා පෙරේතකමට. දැන් ආයේ ඇවිත් ලැජ්ජා වෙනවා (නදී)
අපේ දන්නා බාසාවෙන් නම් ඕකට කියන්නෙ පණ්ඩිතකම නොවේ මහත්තයෝ.... (ර)
මෙතුමට අයිති ඉඩම් මේ එක එකා බෙදන්නේ.(අ)
ඕවා මහින්දගෙත් නෙමෙයි රනිල්ගෙත් නෙමෙයි. බලයෙ ඉන්න කෙනා බෙදනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඕවා රටේ සම්පත්. ඒවා හරියාකාරව කවුරුහරි දුප්පතුන්ට බෙදලා දෙන්නයි ඕනෑ. (නි)