IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොඩිකාලෙ ඉඳන්ම මට ඇහුණෙ සංගීතය

20160325-ent-61

ඇයගේ මියුරු ගී හඬ අසෙන හැම සවන් නිතැතින්ම ඒ වෙත ඇදී එනවා. සිය පියාණන් වූ පේ‍්‍රමදාස මුදුන්කොටුව මහතාටත් කුමාරි බෝතොට මහත්මියටත් ලද දායදයක් බඳු සංගීත ක්ෂේත්‍රයේ උරුමයන් සහජයෙන් උපන් ගායන හැකියාවත් සමග සංගීත ක්ෂේත්‍රයට පැමිණි ඇය සමිතා එරන්දතී මුදුන්කොටුව නම් සොඳුරු ගායන ශිල්පිනියයි.

01. පොඩි කාලෙ ඉඳන්ම මම හැදුනෙ කලා පරිසරයක තාත්තගේ සංගීත ආභාසයෙන් තමයි සංගීතයට නැඹුරු වුණේ. මගෙ අම්මයි තාත්තයි දෙන්නම සංගීත ශිල්පීන් යුවළක්. ඒ නිසා පොඩිකාලෙ ඉඳන්ම මට ඇහුණෙ සංගීතය. ඉන්දියාව හා අනුබද්ධිත ලංකාවෙ ප‍්‍රථම කලායතනය වන එරන්දතී ලලිත කලායතනයත් මගෙ තාත්තගෙ. ඒ නම තමයි මටත් දාලා තියෙන්නේ. මම අවුරුදු 11දී තමයි සංගීත උපාධිය කරන්න පටන් ගත්තෙ. අවුරුදු 16දී ලංකාවෙ ලාබාලතම සංගීත විශාරදවරියක් වුණා. ඒක මගේ ජීවිතේ ලැබුනු ඉහළම සතුටක්.

 

02. 1988 දී තමයි මගෙ ප‍්‍රථම ටෙලිනාට්‍ය ගායනය සිදු කළේ. ඒ වෙද්දි මම ඉගෙනගත්තෙ 9 වසරෙ. ගංගා සහ නිෂ්ශංක ටෙලිනාට්‍යයේ "සිනා පිපෙනා මේ වසන්තය" ගීතය තමයි ගායනා කළේ. ඒ සඳහා මට ආරාධනා කළේ රෝහණ වීරසිංහ අයියා සහ ලක්ෂ්මන් විජේසේකර අයියා. ඒ වෙද්දි එයාලා මගෙ තාත්තව දැනගෙන හිටියෙ. ඒ මාර්ගයෙන් තමයි මම ඒ ගීතය ගායනා කරන්නෙ. පාසල් නිමවෙලා පාසල් නිල ඇඳුමින්තමයි මම ගීතය පටිගත කරන්න අම්මත් එක්ක ගියේ. නුගේගොඩ ස්ටුඩියෝ එකකට. ඒ දවස මට අද වගේ මතකයි. හරිම සතුටක් හිතට දැනුණා.

 

03. මම O/L කරන කාලෙ 1989 දි මගෙ ප‍්‍රථම ටෙලිනාට්‍ය රංගනයට දායක වුණා. ඒ "ඉර පායා” ටෙලි නාට්‍යයෙ. ඒක සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළේ ලාදුරු රෝගීන් පිළිබඳව. ඒ කාලෙ මම පාසල් යන නිසා පාසලෙන් අවසර ලබාගන්නත් වුණා. පාසලේ වැඩ මම හොඳින් කරපු නිසා අපේ විදුහල්පතිනිය පද්මිනි ෆොන්සේකා මහත්මිය මට කිසිම ප‍්‍රශ්නයක් නැතිව අවසරය ලබා දුන්නා. ඒ සඳහා මාව සම්බන්ධ කරගත්තෙත් රෝහණ වීරසිංහ අයියා සහ ලක්ෂ්මන් විජේසේකර අයියා. "ඉර පායා"ගීතයෙන් තමයි පේ‍්‍රක්ෂකයො මාව දැනගත්තෙ. එය මා ලැබූ විශාල ජයග‍්‍රහණයක්. ඒ වසරෙදිමයි මම සාමාන්‍ය පෙළත් කළේ. එයත් මම හොඳින්ම සමත් වුණා. ඒ වර්ෂය මට සුවිශේෂ අවුරුද්දක්. ගොඩක්ම සතුටු වුණා.

 

04. 1989 වර්ෂයේම ABU ගෝල්ඩන් කයිට් වර්ල්ඞ් සෝන්ග් ෆේස්ටිවල් එකට සහභාගි වුණා. ඒ සඳහා ලංකාවෙ තරග වට 03ක් තිබුණා. මගෙත් එක්ක ගොඩක් කට්ටිය එයට සහභාගි වුණා. ඒ තරග වට තුනෙන්ම මම ප‍්‍රථම ස්ථානය ලබා ගත්තා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් තමයි ඒ තරගය පැවැත්වුවෙ. ABU ගෝල්ඩන් කයිට් වර්ල්ඞ් ෆෙස්ටිවල් එක පැවැත්වුණේ මැලේසියාවෙ. රටවල් 177ක් එයට පැමිණියා. එය තමයි මගෙ පළමු විදේශ සංචාරය. ඒ වගේම පිටරටක වේදිකාවකට නැගපු පළමු අවස්ථාව. ඉතින් ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ. හරිම සතුටක් තමයි දැනුණෙ. කියන්න බැරි තරම්.

 

05. මම A/L උසස් ලෙස සමත් වීම මගේ ජීවිතේ ලබපු ඉහළම සතුටක් වුණා. කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙ තමයි මම ඉගෙනගත්තෙ. මට A/L වලට ලැබුණු ලකුණු මට්ටම අනුව සෞන්දර්ය්‍ය අධ්‍යන ආයතනයටත්, කැළණි විශ්වවිද්‍යාලයටත් දෙකටම ඇතුළත් වෙන්න සුදුසුකම් තිබුණා. නමුත් මම තෝරාගත්තේ සෞන්දර්ය අධ්‍යන ආයතනය. ඒ සඳහා ඇතුළත් වුණ දවසෙ මට ලොකු සතුටක් දැනුණා. ඒක වචනවලින් විස්තර කරන්න බැරි තරම්.

 

06. 1996 ජුනි 20 මගෙ ජීවිතේ ලබපු ඉහළම සතුටක්. ඒ මගේ දුව ලැබුණු දවස. ඒ දවසෙ මුළු ලෝකෙම ජයගත්තා වගේ දැනුණෙ. මොකද ඒ මගෙ දුවගෙ මූණ දැකපු දවස. අම්මා කෙනෙක් වුණ ප‍්‍රථම අවස්ථාව. ඒ දවසෙ වචනවලින් නිම කරන්න බැරි තරමේ සතුටක් දැනුණෙ. ඒ වගේම තමයි මගෙ පුතා ලැබුණු දවස. ඒ 2002 නොවැම්බර් ඒ දවසෙත් මට කියන්න බැරි තරම් සතුටක් හිතට දැනුණෙ. 1996 සහ 2002 වර්ෂ දෙක මගෙ ජීවිතේ සුවිශේෂී වසර 02ක්.

 

07. මමත්, දුවත්, පුතත් අපි තුන්දෙනාගෙ ලෝකෙ ගොඩක් සතුටින් ජීවත්වෙන එක තමයි මම ලබපු අවසාන සතුට. කොයිතරම් ප‍්‍රශ්න ආවත් මම වගේම මගෙ ළමයි දෙන්නත් කොයි වෙලාවකවත් සැලූණෙ නෑ. ඉදිරියටම ගියා. අපි තුන්දෙනා හරිම සතුටින් ජීවත් වෙනවා. ඒක තමයි මගෙ ජීවිතේ දැන් ලබන ඉහළම සතුට.

 

ධනු විජේරත්න / ඡායාරූප - සඳුන් ගමගේ

 

 

20160325-ent-60
20160325-ent-62
 



අදහස් (0)

පොඩිකාලෙ ඉඳන්ම මට ඇහුණෙ සංගීතය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site