හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට සුබ පැතීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) විහාරස්ථානයට පැමිණියහ.
තවත් බොහෝ දෙනෙක් ද නාහිමියනට සෙත් පැතීමට පැමිණි පිරිස් අතර වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතා දකින්න ලැබීමත් අපිට සතුටක් (නි)
ගොඩගේ, ඔබ කියන කතාව හරි තමයි. ඔබට ජය! (නි)
රනිල් මහත්තයා රටට වාසනාවක්! (නි)
ගොඩගේ, මිනිහෙක්ගේ උස මහත නෙමෙයි, රටට කළ සේවයයි උසස්. (නි)
සුබ උපන් දිනයක් පොඩි හාමුදුරුවනේ! රනිල් , මෛත්‍රී කියන්නේ හැබෑවටම මහත්වරු. වෙනස පේනවා නේද? (නි)
අපිට අපේ නායකයා ගැන සතුටුයි , දැන් වෙන්න ඕනේ රට හදන එකෙයි රනිල් මහතා එ්ක කරනවා නම්..අපිට කාගෙවත් උස මහත ඕන නෑ අපි එතුමාට කවදත් අාදරෙයි (බ)
අපේ ජනාධීපති තුමා දැකීමත් අපට සතුටක් තෙරුවන් සරණ වේවා සැමට (ම)
ඔහොම සතුටින් සමගියෙන් ඉන්නවා නම් අපිත් කොච්චර කැමතිද? (නි)
කේෂාන්, මම ලියා ඇති අදහස තේරුම් නොගැනීම ගැන මට කණගාටුයි. (නි)
දේශපාලන වශවෙන් ඔබ සැමගේ එකමුතුව රටේ දියුණුවට ඉතා වැදගත් (නි)
ආචාර්ය ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට මමත් සුබ ප්‍රාර්ථනා කරනවා! (නි)
සුබ උපන් දිනයක් වේවා පොඩි හාමුදුරුවනේ! (නි)
රනිල් මහත්තයෝ, ඔබේ ඔය උතුම් ගුණය සැමදා පවතීවා! (නි)
පොඩි හාමුදුරුවන්ට අපෙන් සුබ පැතුම්! (නි)
සුබ උපන් දිනයක් පොඩි හාමුදුරුවනේ! (නි)
මහින්ද ආර්. කිතුල්ගොඩ කියන්නේ ඇත්ත (නි)
සත්‍යයා, ඔබගේ අදහස සම්පුර්ණ සත්‍යයයි. (නි)
සුබ උපන්දියක් අපේ පොඩි හැමදුරුවනේ. (ර)
මදැයි අපිත් අවුරුදු ගානක් පෙරුම් පුරලා ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ ඉහළට යැවුවා. දුෂණය වංචාව සොයනවා කියන්නෙත් නිකම්ම සිහිනයක් පමණයි. (නි)
මේ එකමුතුකම හැමදාම පවතීවා! (නි)
රනිල් මහත්තයා ගැන අපිට ඇත්තේ ලොකු ගෞරවයක් (ම)
අපෙනුත් උණුසුම් සුබ පැතුම්! (නි)
දෙදෙනාම සතුටින් සිටින බව පේනවා .මහින්ද මහත්තයා කියලත් තිබුනනේ රනිල් එක්ක දේශපාලනේ කරන්න ලේසියි කියලා. (ර)
අපිත් සුබ පතනවා හදවතින්ම! (නි)
කොච්චර හොඳද මහින්ද මහත්තයෝ? (නි)
මහින්ද මහත්තයා අපි වෙනුවෙන් බඩු මිල අඩුකරන්න කියලා රනිල් මහත්තයාගෙන් ඉල්ලීමක් කළොත් ලොකු පිනක්. (නි)
රනිල් මහත්තයා ගැන අපිට ඇත්තේ ලොකු ගෞරවයක් (නි)
දෙන්නගෙම ලොකු වෙනසක් නැහැ. අයිය මලෝ වගේ. රනිල් ආපු නිසා රාජපක්ෂලා ට බය නැතුව එළියට බහින්න පුළුවන්. (බ)
දෙන්නම හොඳ මහත්වරු. හැබැයි, දෙන්නාගේම වටේ ඉන්න සමහර අය ගැන තමයි අපිට ප්‍රශ්නය තිබෙන්නේ (නි)
බැරිවෙලාවත් ජනවාරි 8 වෙනිදා විපක්ෂය පරාජය වුණා නම් බලන්න තිබුනා. (නි)
සත්‍යා කියන්නේ සත්‍ය නෙමෙයි. රාජපක්ෂලාට එළියට බහින්න කාටවත් බයවෙන්න ඕනෑ නැහැ. ඒ මනුස්සයා නිසා තමයි හැමෝම එළියට බැහැලා තියෙන්නේ බය නැතුව (නි)
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සුබ උපන් දිනයක්! (නි)
දේශපාලනයේදී සදාකාලික මිතුරන් සහ සදාකාලික සතුරන්ද නැතිබව සමහර දෙශාපාලුවන්ට දැනුන දාට තමා සැබෑ යහපාලනයේ අරුත දැනෙන්නේ...මෙවන් අවස්ථා ඊට හොඳ උදාහරණ වේවී...(බ)
පේනවා නේද. රනිල් මහතාට වඩා මහින්ද මහතා හැම වෙලේම පහතින් කියල කාට වුනත්.....? මේ ,මේ. තරහ ගන්න එපා කවුරුත්, මම කිවුවේ දෙන්නගේ උස හිටගත්තම (බ)
ඔය හැම කෙනෙක්ම අද නිදහසේ එළියට බැහැලා යන්නේ මහින්දට පින්සිද්ධ වෙන්න, සමහරුන්ට මුල අමතක වුණාට. (නි)
දැන්නම් රට තුළ යහපාලනයක සුළඟ හමාගෙන එන පාටයි. වෙනස රටට දැනීගෙන එන පාටයි. අපේ පැතුම, රටේ පැතුම, අනාගත පරපුරේ පැතුම එයයි. එය එසේ වීමට, එසේ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
අදහස් පළකරන සමහර අයට තවමත් මහින්ද භීතිකාව තිබෙනවා. හේතුව මහින්ද අධිරාජ්‍යවාදීන් නොසළකා කටයුතු කිරීමයි. දේශපාලන ඉතිහාසයට අනුව මේ දෙදෙනා අතරින් වඩා හොඳ දේශපාලඥයා කවුද කියා ජනතාව දන්නවා. (නි)
ගරුතර පොඩි හාමුදුරුවනේ, තෙරුවන් දෙව් රැකවරණ සෙනේ... නොහැරම හැම මොහොතකම ගෙනේ... පැහැසර පුන්සඳ ලෙසට දිනේ! අපේ ගරු පොඩි හාමුදුරුවන් වහන්සේට සුබම සුබ උපන් දිනයක්! නිරෝගීව ලෝක ශාසනික සේවය කිරීමට තෙරුවන් සරණ දෙව් රැකවරණ ලැබේවා! (නි)
සත්‍යා, කිව්වට තරහ ගන්න එපා. රනිල් මහත්තයා විතරක් නෙමෙයි ඔයාලත් එළියට බැහැලා නිදහසේ ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිසයි. ඒක අමතක කරන්න එපා. (නි)
පොඩි හාමුදුරුවනේ, ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්. අපේ දෙන්නා නම් හිනහවෙලා ඉන්නවා. අනේ වාසනාවන්! (නි)
මේ ආදර්ශය රටට, ලොවට මොනතරම් අගනේද? (නි)
දැන් රටේ මිනිස්සු බුද්ධිමත් මහත්තයෝ (නි)
මහින්ද මහතාගේ රගපෑම් ඉවරයි (බ)
හොඳ වැඩ තවත් කරගෙන යාමට ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා (බ)
මේක රනිල්ගේවත් මහින්දගේවත් උපන් දිනේ නොවෙයි පොඩි හාමුදුරුවන්ගේ උපන් දිනේ කොමෙන්ට්ස් දාන අයට එ්ක අමතකයි සුබ උපන් දිනක් ඔබ වහන්සේට (බ)