රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී" නමැත්තා අද (10) ඇප  කොන්දේසි 11කට යටත්ව ගාල්ල මහාධිකරණ විනිසුරු මොහාන් සෙනෙවිරත්න මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

විනිසුරුවරයා මොහුට පසුගිය අටවන දින ඇප නියම කළද සැකකරු ඇප කොන්දේසි සම්පුර්ණ නොකිරීම නිසා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කැරිණි.

සැකකරු රුපියල්  පහළොස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කළ අතර නැවත නඩුව ලබන 29 වැනි දින විභාග කිරීමට නියමිතය.

ඇප ලබා උසාවියෙන් පිටව ආ සැකකරු ගාලු කොටුව දොරටුව අසල පිහිටි පැරැණි ජැටිය අසලින් බෝට්ටුවක නැගී පිටව ගියේය.

පසුගිය වසරේ මාර්තු 23 මනෝජ් මෙන්ඩිස් ඝාතනය කළැයි සැකපිට ඔහුට එරෙහිව මේ නඩුව පවරා ඇත.