හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසට මන්ත්‍රීන් 13 දෙනකු පැමිණ ඇතැයිද මේ මොහොතේ රාජපක්ෂ මහතා සහ ඔවුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද දේශපාලන ආරංචි කියයි.
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ටී.බී.ඒකනායක, කුමාර වෙල්ගම, අරුන්දික ප්‍රනාන්දු, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, සේනක විදානගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, මහින්දානන්ද අලුත්ගමගේ සහ සාලින්ද දිසානායක යන මන්ත්‍රීවරු එහි ගොස් සිටිතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුරි, 2008 ඔයාලගේ රටේ ජනාධිපතිවරණයේදී ස්ත්‍රී පුරුෂ භාවයත් කලු සුදු බවත් තීරණාත්මක සාධක වන බව බිල් ක්ලින්ටන්ම ප්‍රසිද්ධියේ කිව්වා මතකද? ඒ පුරුද්දටද කොහෙද ඔයත් මගේ අදහස් ගැන සිතනු වෙනුවට මගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන වද වෙනවා. කොහොමත් පසුගාමී ඇමරිකාවට ප්‍රාථමික සාධක වලින් ඔබ්බට ගිය වැදගත් දේ විෂය වෙනවා අඩු ඇති. (නදී)
අනේ චතුරි, ඇමරිකාව දියුණුය කියලා ඔයාලා කියන්නේ එහි ආර්ථිකය කලක් තිස්සේ කඩා වැටෙන නිසාද? එතරම් 'දියුණු නැති' චීනය ජපානය වැනි රටවලින් ණය ගෙන ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වෙච්චි හින්දද? නිවාස නැතිව වාහනය ගෙදර කරගත් දරු පවුල් සහ බෙහෙත් ගන්න සල්ලි නැතිව මැරෙන මිනිස්සු ඉන්නා රටක් වීම නිසාද? ලාබාල මව්වරු සහ බිඳුණු පවුල් වැඩි වෙමින් තියෙන නිසාද?එහෙමත් නැතිනම් තුවක්කු ගෙන පාසල් සුපර් මාර්කට් යනාදියට කඩා පැන තමන්වත් නොදන්නා හේතුවක් නිසා නන්නාඳුනන දරුවන් සහ මිනිසුන් මරණ පිස්සන් ඉන්න රටක් වීම නිසාද?එහෙමත් නැතිනම් කල්ලෙක් වීමම මහ මග ඇවිද යද්දී පොලිසියෙන් වෙඩි කා මියැදීමට ප්‍රමාණවත් හේතුවක් වෙන තරමේ අසහාය නිදහසක් එරට කල්ලන්ට තියෙන නිසාද? එහෙමත් නැත්නම් එරටේ මුල් පදිංචිකරුවන්ගෙන් රට උදුරාගෙන ඔවුන්ට හරිහැටි නොසලකමින් බොරුවට ඔවුන්ට ස්තුතිකිරීමේ නිවාඩු දිනක් දාගෙන එදිනට කාබී ප්‍රීති වෙන නිසාද? තම රටේ පුරවැසියන්ගේ පෞද්ගලික නිදහසට නිගරු කරමින් ඔවුන්ගේ දුරකථන සංවාද වලට කන්දෙන ඔවුන්ගේ ඊමේල් කියවන රටක් වීම නිසාද? නැතිනම් ලෝකයේ වෙනත් රටවල වැසියන් යාහු ගුගල් වැනි ජාල ඊමේල් සහ ස්කයිප් සංවාද හරහා හුවමාරු කරගන්නා තොරතුරු ලජ්ජා නැතිව හොර රහසේ එක්රැස් කර ගන්නා නිසාද? මහ රෑ පාන්දර අනුන්ගේ රටක අනුන්ගේ ගෙදරකට තම හමුදා භටයන් හොර රහසේ රිංගා එනිවසේ නිරායුධ මිනිසුන් දඩයම් කරනු තම රටේ සිට සජීවීව නරඹා විනෝද වීමට තරම් උසස් මානසිකත්වයක් එරටේ නායක කාරකාදීන්ට තිබෙන නිසාද? එහෙමත් නැතිනම් ත්‍රස්තවාදීන් ඇල්ලිමටය කියා බලහත්කාරයෙන් අනුන්නේ රටවලට රිංගා කිරිකැටියන් කතුන් ඇතුළු සාමාන්‍ය ජනතාව තොග පිටින් මරණ නිසාද? ඔත්තු සේවා මගින් සහ අන්තර්ජාලය මගින් තමන්ට හිලෑ නැති ආණ්ඩු තිබෙන රටවලට අරාබි වසන්තය බඳු විපත් පමුණුවන නිසාද? නීතියක් රීතියක් සදාචාරයක් නොතකන ලෝක මට්ටමේ චන්ඩියෙකු වීම නිසාද? ඒ ඔක්කොම කරන ගමන් අපිට මානව හිමිකම් ගැන වැදී බණ දෙසමින් අපේ රණවිරුවන් දන්ගෙඩියට දැක්කීමට කැස කවන නිසාද? ඔයා ඇමරිකාව කියන දියුණු රටේ ඉන්නා නිසා කරුණාකර මට කියලා දෙන්නකෝ එහෙ තියෙනවාය කියන එහෙත් අපට නොපෙනෙන ඔය දියුණු බව මොකක්ද කියලා. (බ)
අනේ චතුරිගේ ටිකිරි මොළේ. ඇමරිකාව බඩජාරිකමට ලෝකයේ ස්වභාවික සම්පතුත් අනුන්ගේ රටවල සියල් සම්පතුත් සූරා කාලත් සපුරාගත නොහැකි අන්දමේ අධි පරිභෝජන රටාවක ගිලෙමින් තමනුත් සියදිවි නසා ගනිමින් ලෝකයත් විනාශ කරන ගමනක යෙදෙද්දී ඔයාට පෙනෙන්නේ බඩජාරිකම අඩු රටක් වීම නිසා ඇමරිකාව දියුණුවෙන බවයි. (බ)
චතුරි, ඔයා ඇමෙරිකාවේ ඉන්නා නිසා නොදන්නවාද මන්දා... හිටපු ජනපතිතුමා සිරිසේන තුමන්ගේ දෝතට බාර දුන්නේ කොටින්ගෙන් මුදා ගත් නිරවුල් රටක්. නිකම්ම නෙමෙයි අඛණ්ඩව අවුරුදු ගණනනාවක් තිස්සේ පවත්වාගෙන ආපු එමෙන්ම දකුණු ආසියාවේ ඉහලම ආර්ථික වර්ධන වේගය සේ සැලකෙන ආර්ථික වර්ධන වේගයක් ද සහිතවයි. එවක රජය යටතේ රටේ ණය බර ද රටේ අදායමට සාපේක්ෂව පහත වැටෙමින් පැවතුනි. ඉදිරි ආර්ථික දියුණුවට අදාළ බොහෝ සංවර්ධන ව්‍යපෘති ද නිම කෙරුණි. එහෙත් දැන් මේ යහපාලනෙට තිබුණු ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීමට තබා සේවක පඩිනඩි ගෙවා ගැනීමටවත් බැහැ. කොටස් වෙළෙඳපොල කඩාගෙන වැටෙනවා. මහා බැංකු වංචා ගැන කියලා ඔයාගේ සිත රිදවන්නේ මොටද? ..නේද? (බ)
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු හූ කාලා! අන්ද මන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටෙයි සිතු කෙන්ද බලාපල්ලා! මං කිව්වේ ඇඟපතින් කෙන්දක් වුණු කෙනෙක් ගැන නම් නොවෙයි. ඉදිරියට දින යොදාගෙන තිබුණු අනිත් බලමණ්ඩල රැස්වීම් අවලංගු කළොත් කුරුණෑගලදී වෙච්ච දේ එ්වයේදීත් වේවි කියලා බයටලු නේද? (බ)
හොඳ ශක්තිමත් එකමුතු පොල් කෙඳි තියේනම් නැවක් වුණත් ඇදල ගන්න පුළුවන් කඹයක් හදන එකත් කජ්ජක්ද? පිදුරු ඕනේ අයට පිදුරු තියාගන්න කියලා අපි පොල් කෙඳි ටික එකතු කරගනිමුකෝ. (බ)
අනේ. සුමුදු පොතක්. බලාගෙන මේවා ලියන්න. පුළුවන් ඒ වගේම මේ රට ඒ ප්‍රශ්න වලට අපිට විසදුම් තියෙනවා. මේ රටේ පොඩි මිනිසෙක් හොරකම් කරලා අහුවුනොත් ඒකෙනාට නීතියෙන් අනුකම්පා කරනවා. නමුත් පක්ෂ. නායකයිට නැහැ රටේ දෙයක් හොරා කන්න බැහැ පොඩිදෙටත් අලියන් දින දම්වැල් වලින් බැදගෙන උසාවියට ගෙනියන්නේ. අපේ රටේ මේ නිතිය. තියෙන්නේ කාටද පුලුවන්නම් කියන්න. මමත් වැඩි පුර ඉන්නේ ලංකාවේ වැඩිය උවමනා නැහැ බැසිල් හිනා වෙනවා. ඔයාලගේ මෝඩකමට මහින්ද තව අවුරුදු දෙකක් හිටියනම් අද සුමුදුලට මන්දපෝෂණේ (බ)
සුමුදු කියන්නේ. ගනුකෙනෙක්ද. පිරිමි. කෙනෙක්ද . හිතන්න. ආමරුයි. (අ)
සුමුදු, චතුරිලට ඔය තේරෙන්නේ නැති බර වචන වලින් උත්තර දෙන්න යන්න එපා. ඔහොම අදහස් දැම්මාට මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ (නි)
චතුරි, රට රාජ්‍යවල ඉන්නා අපි තරම් වෙන කවුරුවත් ලෝකය ගැන දන්නේ නැහැ. තමන්නේ මව්රටේ ඉන්න ඔක්කොම නිකන්ම නිකන් ගෙම්බෝ කියලා හිතන එකත් ලොකුම මානසික ව්‍යාධියක් තමයි. මම නම් වාසනාවකට ඇමරිකාවේ ඉඳලා නැතත් ඊට අල්ලපු රටේ නම් කලක් තිස්සේ ඉඳලා තියෙනවා. ඒ රටටත් හිම කුණාටු, උණුසුම් වායු කුණාටු සහ විවිධ වසංගත රෝග යනාදී හැම වින්නැහියක්ම එන්නේ ඔයාලගේ රටින්ය කියලයි ඒ රටේ උදවිය නම් කියන්නේ. අපිටත් ඉතින් ඔයාලගේ රට මහා වසංගතයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඇරත් අද කාලේ කව්ද අනේ ඇමරිකාවේ තොරතුරු දැනගන්න පොත් බලන්නේ? ඒ ඔක්කොම ඉතින් අතුරු කතානේ. අපි මුලික ප්‍රශ්නෙට එමුකො. ඇමරිකාවේ තියනවා කියන මහා ලොකු දියුණුව මොකක්ද? කියන්නකෝ බලන්න අපිටත් දැනගන්න. (නි)
චතුරි, ඔයාගේ ලොකු රටේ තිබෙන මං ඉහත කියපු ප්‍රශ්න වලින් එකකට හරි උත්තරයක් තියෙනවා නම් කියන්නකෝ අපිටත් දැනගන්න. මම නම් අහලා තියෙන්නේ ඔයාලගේ රටේ ප්‍රශ්නවලට නැති උත්තර හොයන්න ඔයාලා කරන අසාර්ථක වෑයමේදී ඔයාලා අපේ රටවලටත් නැති ප්‍රශ්න හදලා දෙනවයි කියලයි. (නි)
අනුන්ගේ රටවලින් හොරකම් කිරීම සහ කොල්ලකෑම ඇමරිකාව විසින් තමන්ගේ සම්මත ආදායම් මාර්ගයක් කරගෙන තියෙද්දිත් අපේ රට තුළ කෙරෙනවයි කියන සාපේක්ෂව පුංචි හොරකම් ගැන චතුරි කොහොම ලැජ්ජා නැතුව කතාකරනවද මන්දා..! (නි)
චතුරි, ඔයා හරි. හොඳට මතක තියාගන්න චතුරි, මහින්දගේ කාලේ රටේ පෝෂණ ගුණයෙන් අනූන දේශීය සහල් වර්ග සුලබ වුණා. ත්‍රස්තවාදයේ නිමාවත් සමග එළවලු පළතුරු නිෂ්පාදනය වැඩිවුණා. ඉතින් ඇමරිකන් පිටියි ජාන විකෘති කළ එළවලු පලතුරුයි වසවිස පිරුණ සත්වයන්ගේ මාංශයි කන ඔයාලට තියෙන ව්‍යාධිවත් මන්දපෝෂණයවත් ලංකාවේ ඉන්නා අපට නැහැ. (නි)
කුණු කසළගොඩේ එකතුව ඇමෙරිකාවයි. එරටින් ලෝකයට පතුරන්නේ වසංගතයි.මේ ගොඩේ බහුතරය ඉන්නේ එම රෝග වාහකයිනුයි.අපේ මේ සිරිලකට මහින්ද මහත්මා අවශ්‍යයි. (නි)
'දියේ ගිලෙන්න යන මිනිසාට, පිදුරු ගහත්, ලොකු ගහක් ලු" මේක මගේ කියමනක් නෙමේ, මම එහෙම ලීවේ පිදුරු ගහ ගැන කියපුවම, සමහරක්ට මල පැනලා ඒකයි වෙන මුකුත් හින්දා නෙමේ. (බ)
කෙන්ද කෙන්ද එකතු උනාම ශක්තිවන්තයි (බ)
පිදුරු ගහේ තරම පෙනේවි මහින්ද සන්ධානයෙන් අයින් වුණාම (බ)
මේ කට්ටිය හිටපු ජනාධිපතිතුමා ලවාම හිස තෙල් ගාව ගන්න එක කෝකටත් හොඳයි. (බ)
සියල්ලට පෙර මව්බිම. ආරක්ෂාව පළමුවෙන් . මහින්ද වගේ ශකිමත් යෝධයෙක් රට බාරගන්න ඕන. දොන් ජුවන් වගේ පිදුරුගස් වලට රට ගැන කැක්කුමක් නැහැ.(බ)
දුමින්ද මහත්තයෝ, ඔය වගේ කෙන්ද කෙන්ද එකතු කරලා කවදාවත් කන්දක් වෙන්නත් බැහැ. ඒවගේම කෙන්ද, කන්ද කරලා බොරු ප්‍රෝඩා දමල හැමදාම බලයේ ඉන්නත් බැහැ. තිත්ත ඇත්ත ඒකයි.(ම)
හොරු රංචුවකට නායකත්වය නොදී රටට නායකත්වය දුන්නා නම් අදත් අපේ ජනපති මහින්ද. ඇත්තටම ඒ ගැන හරි කණගාටුයි.(ම)
ආයේ පරිස්සමින්. හොඳට ඉන්න ඕනි. හොරු තවම ඉන්නවා (බ)
පරම්පරා ගානකට හම්බකරගන්න දීපු මනුස්සය අමතක කරන්න හොඳ නැහැ කෙලෙහිගුණ සලකන්න ඕන (බ)
පරම්පරා ගානකට හම්බකරගන්න දීපු මනුස්සයා අමතක කරන්න හොඳ නැහැ කෙලෙහිගුණ සලකන්න ඕනා (නදී)
ලක්සිරි මහතානනි, කන්ද පහල සිට නොපෙනෙන බොහෝ දේ කන්ද උඩට නැග්ග කල පෙනේ (නදී)
හම්බකරගන්න දීපු මනුස්සයා අමතක කරන්න හොඳ නැහැ. (නදී)
දුමින්ද මහත්තයෝ, ඔය කියන කන්ද උඩට කාලෙකට ඉස්සරවෙලා නැග්ග අපිට මේකත් කන්දක්ද කියල හිතුනේ එදාමයි. ඒ මහා කන්ද පාමුල ඉඳගෙන කන්දෙනුත් පල්ලෙහට වලක් හාරන ඔබට කොහොමද ඉතින් කන්දට එහායින් තිබෙන ඒ සුන්දර ලෝකය පේන්නේ.(බ)
ලිස්ට් එකේ ඉන්නේ බාගයක් හොරුනේ? මෙයාලා එකතු වුණොත් ආපහු මහින්දට දෙවියන්ගෙම පිහිටයි (බ)
ලක්සිරි මහත්මය කවුරු ළඟට ආවත් කන්ද කන්දම තම. එ්ක සෙලවෙන්නේ නෑ. පිටිගල දැන් බයවෙන්න දෙයක් නෑ හොරු රැල යහපාලනයට එකතුවෙලා ඉන්නේ (බ)
සමන් එතකොට ලිස්ට් එකේ නැති අය? (බ)
බඩයි කටයි ලොකු අයව මින් ඉදිරියට රටේ නායකකමට එපා. පොඩි මිනිසාට අාසාව ,තන්හාව ,පෙරේතකම ගොඩක් අඩුයි. ඒකයි ඇමරිකාව වගේ රටවල් දියුණුවෙන්නේ. අද රටට සාමය උදා කරපු රණවිරුවෝ. අැගපතින් කොපමණ කුඩාද බඩ කට ලොකු ප්‍රබාකරන් මරලා රටට සාමය උදා කරලා. දුන්නා ඒ තැන රබ්බඩ අය්යට ලබා ගන්න. බැහැ අද සිරිසේන ජනපති රට බාර ගන්නකොට මහා බැංකුවේ මුදල් නැහැ ,ආයතන මුදල් නැතිව නායකයට බයේ නිකන් වැඩ කරලා කුඩු වලින් අඩුවක් නැතිව රට ඉහිරිලා ,හොර දුෂණ වලින්මිනිස්සු පිරිහිලා , දැන් කලින් හිටපු නායකයෝ කියනවා සිරිසේන ජනාධිපති කිසිවක් කරන්නේ නැහැලු. මොලයක් තියෙනවනම් මේ වගේ දේවල් කරයිද (බ)
චතුරි, ඔයාගේ අදහස් පැහැදිලි මදි. ඔයා මුල මැද අග ඔක්කොම කලවම් කරගෙනද කොහෙද? (නි)