‘කියන්න තියෙන දේ මුහුණටම කියන්න.අහන්න තියෙන දේ මුහුණටම අහන්න’ තේමාව යටතේ පැවැත්වෙන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මුහුණට මුහුණ අභියෝගය කොළඹ විහාර මහා දේවී උද්‍යාන එළිමහන් රංග පීඨය අසල දී අද (14) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
මෙහි දී තමාගෙන් ඕනෑම අයකු නගන ප‍්‍රශ්නයකට, වෝදනාවකට පිළිතුරු දීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සූදානමින් සිටී.
එම ස්ථානයට පැමිණ හෝ 072 7527527 දුරකථන අංකය ඔස්සේ කෙටි පණිවුඩ, වයිබර් සහ වට්ස් ඇප් ඔස්සේ හෙට පස්වරු 5.00 සිට ප‍්‍රශ්න යොමු කළ හැකි අතර ස්කයි ඔස්සේ ද ප‍්‍රශ්න යොමු කළ හැකි බව ඇමැතිවරයා කියයි.
පාඨලී චම්පික රණවක මහතාගේ නිල ෆේස් බුක් අඩවියෙන්, ට්විටර් ජාලයෙන් සහ ගූගල් ප්ලස්, යූ ටියුබ් හෝ ලින්ක්ඩ් ඉන් සමාජ ජාලා වලින් මෙය සජීවීව නැරඹීමේ සහ ප‍්‍රශ්න ඇසීමේ හැකියාව තිබෙන බව ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපෙ මනාපේ සූරාගන්න නූල් සූත්තරයක් (අ)
ඔබතුමා රටට ශක්තියක්. අනාගතය දකින කෙලින් මිනිසෙක්. මෛත්‍රී ජනපතිතුමා ඔබ ගැන තබා ඇති විශ්වාසය අපිටත් තිබෙනවා.(ම)
මහත්මා දේසපලනයට මගේ සුබපැතුම් . ජය නියත යහපාලනයක් . එකට එක (ම)
මෙයාගේ මුනට කියන්න තියෙන්නේ ඉතින් අර මර්වින් පාර්ලිමේන්තුවේදී කිව්වා කතාව තමා. අනේ උඹ වගේ ..(බ)
මාරිට පිස්සු. කොන්ද කෙලින් තියන හින්දද ගෑණු 100 දුෂණය කරලා පාටි දාන අයට නීතියක් නැත්තේ දන්නා කුනුහරුපක් කියන්ඩ ඕනේ පව්ලේ අය හරක් වගේ වියදම් කරන එක නායකත්වයද? හොර ඡන්ද වලින් දිනලා නටනවා. අපිව හුරගෙන කාපු එවුන්ට තම වැඩිපුර අමාරු. ලිංගික දුෂණයට කැමති අය එ්කටම තමා ආශා (බ)
රනිල්ට එරෙහිව එජාපය තුල කැරැල්ලක් ගසා ජාතිවාදය අවුස්සා රනිල් පලවාහැර "සජිත් ජනපති පාඨලි අගමැති" සිහිනය සැබෑකර ගන්නට ඔබ කරන සැලසුම මල් පල ගන්නට සිතා සිටින්නේ කිනම් වසරේද ? හේමා ප්‍රේමදාස මැතිනිය එයට එකග කරගත්තේ කෙසේද ? (බ)
අවුල තියෙන්නේ මුණ දැක්කම කියන්න නෙමෙයි හිතෙන්නේ මුනට දෙකක් දමල අනින්නනේ..ඒ හින්ද එන්න බැහැ අප්පා..මම එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලන්නේ මේ යහපාලන පෙරමුණෙන් ගොඩ බැහැපු චම්පික රාජිත අර්ජුන වගේ අනාතයෝ ටිකට හිගමන් දෙන්න එපා කියල.සතෙකුට වුණත් කළගුණ මතක තියෙනවා....මෙයාල සත්තුන්ට වඩා ගොඩක් අන්ත ජාතියක්..ඔයාලගේ ඡන්දෙන් මෙයාල පාර්ලිමේන්තු යවල අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව අහු වුනු වෙලේ හොද දෙකේ දෙකේ පොල්ලකින් තලලා දාන්න ..මලකුනවත් අතගාන්න එපා..ඒ තරමට විසයි.
ඔයාට මුනටම කින්න දෙයක් තවත් නැහැ. ඔය වගේ දෙපිටකාට්ටු අවස්ථාවාදී, ප්‍රතිපත්තියක් නැති, බලයට ගිජු වැඩකට නැති දෙශපලුවොන්ට වැඩි ආයුසක් නැහැ. (අ)
ඔබට විරුද්ධව එක්නැලිගොඩ ලිව්ව ලිපිය සහ එක්නැලිගොඩ අතුරුදහන් වීම අතර සම්බන්දයක් තියෙනවද? කෙලින්ම ඇහුවොත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට ඔබතුමාත් සම්බන්දද? උත්තරයක් බලාපොරොත්තු වෙමි. (නදී)
ජනප්‍රිය වෙන්නයි මනාප අහුලන්නයි දෙන ලොකු සටන දැක්කම දුකත් හිතෙනවා . (ම)
මෙතුමා දිනන්න ඕනි. (ම)
ඔන්න අැහුව ජිහාද් අල් කයිදා දැන් හොදයිද? (බ)
මෙන්න මගේ මුල්ම ප්‍රශ්නය. ඔබතුමාගේ පරණ සමයේ අර ඔබ තුමා ගෙන්නු බාල ගල් අගුරු නැව් සහ එහි මුදල් වියදම් වූ ආකාරය අපට කියන්න.ඒ ප්‍රශ්නය නේද ඔබතුමාගේ ඔය පක්ෂ දික්කසාදයට හේතුව? එම තීරණය ඔබේ පෞද්ගලික වාසි තකා නේද?බුද්ධිමත් කියන ඔබතුමා ඇයි මේ විදිහට ජනතාව මුලා කරන්නේ? ජනතාවගේ පැත්තෙන් හිතනකොට ඔබත් දැන් අර බොරු නඩයේ කොටස් කාරයෙක් විතරයි! (බ)
මොහු බිය නැතිව ජනතා ප්‍රශ්නවලට මුහුණදීම අගය කරන්න.... හිටපු ජනපති කිසිදිනක විවෘත විවාදයකට නොපැමිණියේ ඇයි? (ම)
නියමයි! (නදී)
මෙයාල කියන කියන පදේට නටන්න ගියොත් අපේ රටේ ජනතාවට මොනවා වේද ?(නදී)
කියන්න ගොඩක් දේවල් තියෙනවා. කිව්වොත් තරහ වෙයි (නදී)
මෙයාගේ මුහුණ බලන්නවත් අකමැතියි (අ)
ගහට ගිය මිනිහට වගේ තමයි මෙයාට හැම දේටම දෙන්න උත්තර තියෙනවා . (අ)
මේ අය යූ ඒන් පී එකෙන් ජන්දෙ ඉල්ලලා ශ්‍රී ලංකා ඒකත් ඒක්ක ඒකතුවෙලා රජයක් පිහිටුවන්න උත්සාහ කරනවද? එහි ඉඟිය ඊයේ ලැබුණනේ ද අද පත්තර වල තියන්නේ ඒ්කද? අපිට සැකයි (අ)
පිටරට ඉන්න කොට තමා අපේ රටේ මේ දිනවල දේශයේ පාලුවෝ කරන නාඩගම් හොදින්ම පෙනෙන්නේ. කව්රු මොනවා කීවත් රටේ නායකයා තුල අහිංසක කමට වඩා පෞරුෂත්වයෙන් හෙබි පුද්ගලයෙක් විය යුතුය. නායකත්වය යනු හැමෝටම කොන්ද නැමිය යුතු නොවේ. අනිකුත් රටවල නායකයන් සමගින් රට වෙනුවෙන් අභීතව තීරණ ගැනීමේ ශක්තිය තිබිය යුතුය. මේ දිනවල කා කුලල් කාගන්න මේ නායකයන් කියාගන්න එක්කෙනෙකුටවත් කොන්දක් තියේද. ශ්‍රීලංකා වැසියනි, උගසේ තියෙන බඩු බෙරගන්නවත්, පඩි වැඩි කිරීම් නිසාවත් නොව හෙට උපදින ඔබේ දරුවන්ට රටක් හදන්නට හැකි නායකෙයෙක් වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය දෙන්න. (අ)
මේ මැතිවරණයේ තියුණුම මනාප තරඟය තිබෙන්නේ කොළොඹ දිස්ත්‍රික්කයේ එ.ජා.ප. අපේක්ෂකයින් අතරය. එ.ජා.ප. ය තුළම පරිනත වූ පරම්පරාගත එ.ජා.ප. අපේක්ෂකයින් බහුතරය අතරම තරඟය උණුසුම්ය. මොවුන් මන්ත්‍රී ධුරයක් දැරීමට සාකල්‍යයෙන්ම අවැසි සුදුසුකම් ගොන්නක්ම සපිරූ අයමය. එබැවින් එ.ජා.ප. ඡන්ද දායකයාගේ යුතුකම හා වගකීම වියයුත්තේ නායකතුමා ඇතුළු එකී පිරිසට පමණක් සිය මනාපය පළ කර පක්ෂය වෙනුවෙන් ඔවුන් ඉටුකරනු ලබන මහාමෙහෙවර ඉහලට ඔසවා තබමින් ඔවුන් හට උපහාර දැක්වීමය. එසේ කිරීමෙන් අවස්ථාවාදී සිංහ හම පොරවාගත් දේශපාලන කොටළුවන් අතුගෑවී යාම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. (නදී)
ඔබ චායාරූප විකෘති කර පෙන්වූ මාධ්‍ය සංදර්ශනය අහුවුණා අතටම.ඔය පට්ටපල් බොරු චෝදනා සහ මඩ ප්‍රචාර වලින් දැන්නම් ජනතාව රවටන්න බැහැ. (නි)
මේ අයට දෙන උත්තරය අපි 17 දාට පෙන්වන්නම්. (නි)
අහන්නම් ගොඩක්දේවල් තියනව ? මට අහන්න හිතෙන්නේ නෑ (අ)
මාරි විලියම්ස්, අපේ දරුවන්ට නායකයෙක් දෙන්න මුස්ලිම් ජාතිකයෝ සුදානම්. ඔයා ඔහේ ඉඳන් කැගැහුවට වැඩක් නැහැ. (අ)
බොරු කියන්න එපා විජෙසුන්දර, බල අඟුරු ගෙන්නුවේ වන්නිආරච්චි අවට පස්සේ.. පාඨලී ගල්අඟුරු ගෙනල්ල කොමිස් ගහන්න ඉඩදුන්නැති හින්ද තමා එයාව අයින් කළේ. ඉන් පස්සේ තම හිතේ හැටියට ගල් අඟුරු ගෙන්නුවේ (අ)
මොනව අහන්නද ? මේ වගේ පට මාරු කරන දෙශපාලකයන ගෙන් (අ)