එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැතිවරණ කාර්යාල කිහිපයක ප‍්‍රදර්ශනය කර තිබූ ඒ මහතාගේ රුව රැගත් ප‍්‍රචාරක පුවරු කිහිපයක් කිසියම් පිරිසක් විසින් බ්‍රහස්පතින්දා (30) රාත‍්‍රියේ කඩා බිඳ විනාශ කර ගොස් ඇතැයි වාර්තා වේ.
හෝමාගම, කඩුවෙල සහ කොහිලවත්ත ප‍්‍රදේශයන්හි පිහිටි මැතිවරණ කාර්යාලවල තිබූ පුවරු මෙසේ විනාශ කර ගොස් ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
මේ පිළිබඳව හෝමාගම, වැල්ලම්පිටිය හා නවගමුව පොලිස් ස්ථානයන්ට පැමිණිලි කර ඇති බව ද එම ඒකකය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාඨලීගේ ප්‍රචාරක පුවරු කඩලා
සත්‍යයා Saturday, 01 August 2015 12:11 AM
මම නම් හිතුවේ නැහැ මේතරම් ඡන්ද සටන බලවත් කියලා. එනපොට නම් හොඳ නැහැ වගෙයි. (නි)
නිමල් Saturday, 01 August 2015 01:12 AM
ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)
විජේපාල Saturday, 01 August 2015 01:12 AM
මට නම් මේ පුවත අහලා දැනුනේ සතුටක් (නි)
විජයබාහු Friday, 31 July 2015 11:53 AM
අනේ! ඔබතුමාගේ පුවරු කඩන්න මිනිසුන්ට වෙන වැඩ නැත්නම් හොඳයි. (නි)
විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 11:13 AM
දැන් අලියාගේ වල්ගේට බර වැඩි ඇති. ඇයි කී දෙනෙක් කියල උහුලන්නද. තව ටික දවසකින් කියයි වල්ග කොටා කියලා (නදී)
සිරි Saturday, 01 August 2015 02:35 AM
කොළඹ එජාප ය අතර මනාප සටන උග්‍රයි. කලින් වතාවල වගේ මෙදා පාර මෙයාට මහරගම, කඩුවෙල, කැස්බෑව සහ හෝමාගමින් මනාප වලට උණුසුම් තරඟයක් සිකුරුයි. (නි)
සරත් Friday, 31 July 2015 01:29 PM
මේවා කරන්නේ ඒ ගොල්ලෝම සැලසුම් කර ප්‍රචාරය ගන්න (නදී)
වසන්ත Saturday, 01 August 2015 03:22 AM
කිසිම දුෂිතයෙක් හෝ දුෂිතයින් රකින පුද්ගලයින්ට අපේ ඡන්දය නොදිය යුතුයි. වැදගත් මහත්මයින්ට පමණක් මනාපයක් දෙමු. (නදී)
බටන්ගල Saturday, 01 August 2015 03:38 AM
රටට කාලීනව අවශ්‍යතාවය වෙනුවෙන් වන දේශපාලනයක් සඳහා චම්පිකට ඇති නිරන්තර ජනතා සහයෝගය මෙවැනි ක්‍රියා වලින් මොට කරන්න බැහැ.(නදී)
ගැමුණු Friday, 31 July 2015 02:42 PM
රණවක මහතාට කඩුවෙල, මහරගම, හෝමාගම ප්‍රදේශවල විශාල ජන සහයෝගයක් තිබෙනවා. මෙදා මනාප වලින් වාර්තාවක් පිහිටුවාවි. (නි)
ජුලම්පිටියේ Saturday, 01 August 2015 05:51 AM
පාටලී කඩුවෙල, මහරගම, හෝමාගම, අවිස්සාවේල්ල ආසන වල ජයග්‍රහණයේ නියමුවායි. (නදී)
තරූ Friday, 31 July 2015 06:10 PM
කවුද දන්නෙ නැහැ මෙහෙම කළේ? (නි)
කපිල Friday, 31 July 2015 10:04 PM
හැමතැනම මැතිවරණ උණුසුම! (නි)