එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැතිවරණ කාර්යාල කිහිපයක ප‍්‍රදර්ශනය කර තිබූ ඒ මහතාගේ රුව රැගත් ප‍්‍රචාරක පුවරු කිහිපයක් කිසියම් පිරිසක් විසින් බ්‍රහස්පතින්දා (30) රාත‍්‍රියේ කඩා බිඳ විනාශ කර ගොස් ඇතැයි වාර්තා වේ.
හෝමාගම, කඩුවෙල සහ කොහිලවත්ත ප‍්‍රදේශයන්හි පිහිටි මැතිවරණ කාර්යාලවල තිබූ පුවරු මෙසේ විනාශ කර ගොස් ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
මේ පිළිබඳව හෝමාගම, වැල්ලම්පිටිය හා නවගමුව පොලිස් ස්ථානයන්ට පැමිණිලි කර ඇති බව ද එම ඒකකය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතුවේ නැහැ මේතරම් ඡන්ද සටන බලවත් කියලා. එනපොට නම් හොඳ නැහැ වගෙයි. (නි)
ඕවා ඔහොම තමයි මහත්තයෝ (නි)
මට නම් මේ පුවත අහලා දැනුනේ සතුටක් (නි)
අනේ! ඔබතුමාගේ පුවරු කඩන්න මිනිසුන්ට වෙන වැඩ නැත්නම් හොඳයි. (නි)
දැන් අලියාගේ වල්ගේට බර වැඩි ඇති. ඇයි කී දෙනෙක් කියල උහුලන්නද. තව ටික දවසකින් කියයි වල්ග කොටා කියලා (නදී)
කොළඹ එජාප ය අතර මනාප සටන උග්‍රයි. කලින් වතාවල වගේ මෙදා පාර මෙයාට මහරගම, කඩුවෙල, කැස්බෑව සහ හෝමාගමින් මනාප වලට උණුසුම් තරඟයක් සිකුරුයි. (නි)
මේවා කරන්නේ ඒ ගොල්ලෝම සැලසුම් කර ප්‍රචාරය ගන්න (නදී)
කිසිම දුෂිතයෙක් හෝ දුෂිතයින් රකින පුද්ගලයින්ට අපේ ඡන්දය නොදිය යුතුයි. වැදගත් මහත්මයින්ට පමණක් මනාපයක් දෙමු. (නදී)
රටට කාලීනව අවශ්‍යතාවය වෙනුවෙන් වන දේශපාලනයක් සඳහා චම්පිකට ඇති නිරන්තර ජනතා සහයෝගය මෙවැනි ක්‍රියා වලින් මොට කරන්න බැහැ.(නදී)
රණවක මහතාට කඩුවෙල, මහරගම, හෝමාගම ප්‍රදේශවල විශාල ජන සහයෝගයක් තිබෙනවා. මෙදා මනාප වලින් වාර්තාවක් පිහිටුවාවි. (නි)
පාටලී කඩුවෙල, මහරගම, හෝමාගම, අවිස්සාවේල්ල ආසන වල ජයග්‍රහණයේ නියමුවායි. (නදී)
කවුද දන්නෙ නැහැ මෙහෙම කළේ? (නි)
හැමතැනම මැතිවරණ උණුසුම! (නි)