පුළුල් සන්ධානයකට අනුබල දෙමින් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරා මෙහෙයවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ වෙනසක් ඇති කර මහා සම්මතයෙන් තීන්දු ගන්නා බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සාමකාමී මැතිවරණයක් පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස්ට හා පොලිසියට ස්තූති කළ ඔහු පැවසූයේ කොට්ඨාසයකට මන්ත්‍රීවරයකු බැගින් තෝරාගන්නා මැතිවරණ ක්‍රමයකට ඇප කැප වන බවයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කොටි ත්‍රස්තවාදයට හිස එසවීම ඉඩ නොදෙන බවත් යුද අපරාධවලට ලක්වන තත්ත්වයක් ඇති නොකරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර එතෙර මෙතෙර සියලු දේශපාලන අභියෝගවලට මුහුණදී ගැටුම් ඇති නොවන පාලන ක්‍රමයක් ගෙන යන බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කාලය එළඹ ඇතැයිද ඔහු කීය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ අද (20) බත්තරමුල්ල එක්සත් යහපාලන ජාතික පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලනඥයාගේ මෙතෙක් ආ ගමනේදී ඔහු සාමාජිකත්වය දැරූ පක්ෂ කීයක් තිබෙනවාද කියන එක කාටත් අමතකයි වගේ. විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ ජවිපෙ සමග හිටියයි කියල ඔහුගේ සමකාලීනයෝ කියනවා. ඊට පස්සේ වික්ටර් අයිවන්ගේ රාවය පත්තරේට එකතුවෙලා පසු කලෙක සිංහල බෞද්ධ දේශ ප්‍රේමියෙක් හැටියට සිහල උරුමයට රිංගල එකේ නම ජාතික හෙළ උරුමය කියල වෙනස් කරගෙන බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් "මහින්ද චින්තනය" ලියන්න උදව් වෙලා සන්ධානගත වී කැබිනට් අමාත්‍යධුරයක් දරල යහපාලනයට එක්වෙලා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරලා ආයෙත් පර්ලිමේන්තුවට පත්වෙලා. දැන් ජාතික හෙළ උරුමය කොහෙද? (බ)
ප්‍රදීප් , දැන් කොහෙද හෙළ උරුමයක් තියෙන්නේ ? කියන්න බලන්න මෙයාල සිංහලය වෙනුවෙන් පහුගිය මැතිවරණයේ කතා කරපු එක වචනයෙක් ? මෙයාල පුදුම බයක් තියෙන්නේ සිංහලයන් වෙනුවෙන් කතා කරන්න (බ)
මහින්ද එක්ක නැගිටින්න හදපු උන් දැන් හතරගාතනේ වැටිලා දැන් මරගාතයෙන් කියවනවා. තව ටික දවසකින් මුන් කියන්න ගත්තොත් මහින්දට ගහපිය ඕක පන්නපියි ඕකා අපිට එපා කියලා ඒ ගැනත් පුදුමයක් නෑ. දිවේ දෙකේ මිනිස්සු (බ)
සාපේක්ෂ වශයෙන් ගත් කල හොඳයි කිව හැකිය. ඉදිරියේ කරන කියන දේ විමසිල්ලෙන් බලාසිටින්න. හොඳ වැඩේට හොඳ මෙන්ම නරක වැඩේට නරකයි කියන්න හැමදෙනාම හුරුවුණොත් තමයි මේ සංවාද ප්‍රතිඵලදායක වෙන්නේ. හරි තැනකට යන්න මං පෙන්වන්න පුළුවන් වෙන්නේ. කොටියා එනවා එනවා කියලා බොරුවට කෑගහන එකේ තේරුමක් නැත (නි)
අගමැතිතුමනි, මෙතුමාව නැවතත් විදුලිබල ඇමති කරන්න. ඔහුගේ දැනුම රටට යොදාගනිමු නිසි ආකාරයෙන්. (නි)
චම්පික ඇමතිතුමනි, ඔබගේ නායකත්වයක් එ.ජා.පයටත් ඕනෑ කියලා මට හිතෙනවා (නි)
තුන් කල් දැක්ම (ම)
අර කවුද ඒ දවස් වල ලංකාවට ගොඩබැහැපු සෙන්පතියෙක් කිව්වලු "මේ රටේ පස්දෙනෙක් එක පෙළට තිබ්බහම පස්දෙනා පස්විදිහක්. ඒ අනුව මේ පස් දෙනාගේ අදහසුත් පස්විදිහක් වියයුතුයි ....මේ රට අපිට අල්ලාගන්න පුළුවන්" කියලා.මේ අදහස් බලපුවහම මට තාමත් එහෙම තමයි කියලා හිතෙනවා (නි)
රට නංවන්න හදයිද, රට පටවන්න හදයිද දන්නේ නැහැ. (ම)
හොඳ මහත්තයෙක් වගේම හොඳ ඇමති කෙනෙක් (නදී)
කොරයි කියල තමයි අපිත් බලන් ඉන්නේ. (නදී)
සැමදාමක් නියම වෙලාවට නියම තීරණ ගන්න හොළ උරුමය රටක් වටී (නදී)
අපි නොදන්නා මොනරතැන්න (නදී)
ඔබ සියලු දෙනා ඉවසීමෙන් රට ගැන සිතා එකට වැඩ කලොත් යහපත් හෙටක් ගැන අපට බලාපොරොත්තු තැබිය හැක . ඇතිවෙන ප්‍රශ්න ඇතුලෙම විසදා ගතහොත් අප සතුටු වෙමු.(නදී)
හොඳට වැඩ කලොත් අවුරුදු 30 ක් රට කල හැකියි.(නදී)
එයා ගැන අපි හොඳට දන්නවා (නි)
මම නම් මේවා පිළිගන්නේ නැහැ (නි)
ඩොලර්ස් වලට රට පාවාදෙන එක්කෙනෙක් (අ)
බලයට කෑදර,ඩොලර්වලට යටවුනු නිවට කුමන්ත්‍රණ කල්ලියක්. (අ)
රට කොහොමත් නංවන එක කෙසේ වෙතත් රට නැටවි. මේ වගේ වචන දෙකේ මිනිස්සු ඔය පක්සේටම තමා හොඳ තමන්ගේ වාසියට දිව හරවන කෙනෙක් (අ)
බොහොම හොඳයි (නි)
පාර්ලිමන්තුවේ විපක්ෂයක් නොමැතිව ඉදිරියට ගෙන යන වැඩ පිළිවලක් තිබෙනවා නම් අපුරු (නදී)
සුසා,ප්‍රකාශ් ඔබලා දන්නේ හැමෝටම ඩොලර් කාක්කෝ විදේශික ඒජන්තයෝ කියන්න පමණයි. අර චීන ව්‍යාපෘති වලින් සියයට දහයේ සිට ඉහලට ගහපු අය ඒවා ගත්තේ චීන යුවාන් වලින්ද නැත්නම් ලංකා රුපියල් වලින්ද?(නදී)
අද රටට අවශ්‍ය මේ වගේ මිනිසුන්ය (නි)
මුළු රටටම බුදු පිහිට ලැබේවා! (නි)
අද ගොඩක් දේශපාලකයෝ දේශපාලනයට එන්නේ තමුන්ගේ බඩ වඩාගන්න. එහෙම කරන්න එපා (නි)
විවිධ කණ්ඩායම් සමඟ වැඩකිරීම අභියෝගයක්. ඉවසීමෙන් රටට, ජාතියට සේවයක් කරන්න. ඔබතුමාට ආසිරි පතමි! (නි)
ඔබ තුමා මේ පස් අවුරුදු සැලැස්ම තුල මන්නාරම් තෙල් ද්‍රෝණි ව්‍යාපෘතිය ආරම්භ කර රටට අලුත් සෞභාග්‍යක් උදාකරදේවි යයි සිතමි. (අ)
එක හොරෙක්, බොරු කාරයෙක් (අ)
දක්ෂ උගත් කෙනෙක්,ඔබතුමාලා රනිල් සමඟ ලෝකය දිනාගෙන රට දියුණු කරන්න.අර පවුල කිසිම දෙකට ගාවගන්න එපා.(ම)
විජයබාහු, යහපාල, සුසා,ප්‍රකාශ් සහ ශානක පව් අනේ ඔයාලට "මහින්ද අගමැති" හීන පේනවා ඇති තාමත්. (නදී)
මැතිසබයේ ඉන්නම ඕනෑ කෙනෙක්. ආණ්ඩුවත් එක්ක තරහාවෙන්න නම් එපා ඔන්න. (නි)
හෙළ උරුමයේ ඉන්න කාලේ මේගොල්ලෝ ජනතාවට මේ වගේම පොරොන්දු වුණා අන්‍ය ආගම් හැරවීම වළක්වන පනත පාර්ලිමේන්තුවට ගේනවා කියලා. කැසිනෝ පනතට විරුද්ධව අත උස්සනවා කියලා. අන්තිමට ඒ ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු මිනිසුනට වුණේ මොකක්ද? (නි)
උපාලි ඔයාට මම ලියපු එකවත් තෝරගන්න බැහැ වගේ නේද ? (නදී)
හොරකන් කරන්න නම් මණ්ඩලේ මේ විදියට සුද්ද කරන්නේ නැහැනේ.(නදී)
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න එකම අවංක දක්ෂ ඇමතිතුමා. (නදී)
පවත්නා දේශපාලන ප්‍රභවය තුළ රට සහ අප කන නායකයින් මිස රටට හිතැති නායකයින් පහළවන්නේ නැත. මේ සියළුම දෙනා අපගේ සේවකයින් වීමට ඡන්දය රැගෙන අපව සූරාකන තළාපෙලන දේශපාලනඥයින් බව අමතක නොකරන්න. වෛරය මත දේශපාලන පිල් මාරුකර වෛරයම වපුරන සමහර දේශපාලනඥයින් රටට තබා ඔවුන්ටවත් හිතකර නොවේ. (නි)
බොහොම අගෙයි (නි)
අපි බලමුකෝ ඉදිරියට වෙන දේ (නි)
සන්තුෂ් කියන දේ ඇත්ත. (නි)
ඊළඟ පිම්ම කොහෙටද? (නි)
දැන් මෙතුමාට සිංහල බෞද්ධ අයිතිය, සුද්දා එදා වතු අධිරාජ්‍යය හැදීමේදී වතු වලින් පැන්න සිංහලයන්ගෙන් පැවතඑන්නන් ගැන එහෙම කතා මතක්වෙන්නේ නැද්ද? සෝභිත හාමුදුරුවෝ 1987 දී පැවසූ දේ සහ ඔබ එදා පැවසු හොඳට මතක ඇති මිනිහෙක් මම. (නි)