පිට්සා මාග‍්‍රරීටා යනු ලෝකයේ ජනප‍්‍රියම පීසා වර්ගයයි. 19 වැනි සියවසේ අග භාගය මෙහි උපත සිදුවූ වකවානුවයි. එකළ ඉතාලියේ පාලක පලමුවැනි උම්බර්ටෝ රජතුමාගේ අග මෙහෙසිය වූයේ ප‍්‍රංශයේ දකුණු හා ගිනිකොන දිශාවේ පිහිටි සව්වා නම් පළාතේ උපත ලද මාග‍්‍රට් කුමරියයි.
ඉතාලිය එකමුතුවී කොළ, සුදු, රතු වර්ණ ප‍්‍රධාන වර්තමාන ඉතාලි ජාතික ධජය ස්ථාපිත වූ එදවස දිනක් උම්බර්ටෝ රජ යුවල ඉතාලියේ දකුණු දිශාවේ පිහිටි නාපෝලි නගරයේ සංචාරයක නිරතවී ඇත්තේය.
ඒ අතර තුර දිවා අහාරය සදහා කුඩා ආපන ශාලාවකට ගොඩ වැදුණි. විශ්මයට පත් ආපන ශාලාවේ ප‍්‍රධාන අරක්කැමියා රජ පවුලට පිරි නැමිය යුතු රජ භෝජනය ගැන සිතමින් එය සැළසුම් කොට පිළියෙළ කළේය.
ඒ අනුව ඉතාලි ධජයේ ඇති කොළ වර්ණයට බැසිල් කොළද, සුදු වර්ණයට චීස් ද , රතු වර්ණයට තක්කාලි යුෂද ඇතුළත් පිට්සා වර්ගයක් පිලියෙල කොට රජ යුවළට පිරිනැමීය. එය අනුභව කිරීමෙන් සතුටට පත් මාග‍්‍රට් රැජිනිය විසින් එම රසවත් පිට්සා වර්ගය ගැන මහත් ඉහළින් වර්ණනා කොට ඇත්තේය.
එයින් සතුටට පත් අරක්කැමියා විසින් එම පිට්සා වර්ගයට මාග‍්‍රට් රැජිනියගේ නම යෙදීය. අද ලොව ජනප‍්‍රියම ඉතාලි ජාතික ආහාරයක් වන පිට්සා මාග‍්‍රරීටා උපත ලැබුවේ එසේය.
අද ලොව බෙහෝ දෙනා ප‍්‍රංශයේ මාග‍්‍රට් රැජිනිය අමතක කොට පිට්සා මාග‍්‍රරීටා භුක්ති විඳිති. අද ලෝකයේ විවිධ රසයන්ගෙන් පිරි පිට්සා ඇත්තේය. පිට්සාවක් කොතැනින් අනුභව කළද ප‍්‍රනීතය. විවිධ වර්ණයන්ගෙන් පිට්සාව හැඩ වැඩ වන්නේය. උණුසුම් පිට්සාවක් දිවට රස ගෙන දෙන්නේය. ලොකු, කුඩා, තුනී, මහත ලෙසද පිට්සාව පිළියෙළ වේ. එබැවින් වර්තමානයේදි පිට්සාව කාන්තාවට සම කිරීමටද සමහර යුරෝපියෝ පුරුදුව සිටිති. ඉතින් පිට්සාවක රස බැලීමට අකමැති කවරහුද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටී.ජී.ගේ කතාව හරි කියලා දේවිගේ කතාවෙන්ම පේනවා (නි)
නිර්මලා, නන්දන පනාගොඩ ගැන ඔයා කියපු කතාව හරි. ඔයාගේ කතාවට ඔයාගේ කටේ පීට්සා කෑල්ලක් දාන්න වටිනවා (නි)
ටී. ජී. හරි. පීසා විතරක් නෙවේ. ඉන්දියන් කෑමත් එහෙමයි. බොහෝ විදේශීය කෑම ලංකාවේදී නියම රසට කන්න නෑ (නදී)
වාචාලකමයි, නුගත්කමයි, මෝඩකමයි එකට එකතුවෙලා නිර්මාණය වෙලා තියන ජීවියෙකුට හොඳම උදාහරණය නන්දන පනාගොඩ සපයා තියනවා. ඔහු ඉතාලියේ ඉන්න අනෙක් අය ගැන විශාල ක්‍රෝධයකින් සිටින කෙනෙක් බව පැහැදිලියි. (නි)
ටි.ජී.හරි. ඒ වගේම තමයි ලංකාවේ පිට්සා වෙනත් රටවල් වල පිට්සා වලට සාපේක්ෂව බැලුවහම මිල වැඩියි.රසයේ ගතයුත්තකුත් නැහැ. (නි)
පිට්සා කියන්නේ ලෝකයේම ජනප්‍රියත්වයට පත් වූ රසවත් ඉතාලි කෑමක්. ලංකාවේ පිට්සා හට් වල තියෙන ඒවා නම් නියම පිට්සා වලට කොහෙත්ම සමාන කරන්න බැහැ. ඒ පිට්සා රොටියට අඩු පොල් විතරයි. හැබැයි ගාන නම් ඉතාලි පිට්සා එක වගේ දෙගුණයක්. ඒත්, අර ඉතාලියේ මිලානෝ වල ඉන්න කෙනෙක් දමා තියන අදහස දැකලා මට නම් පිට්සා කෑමත් එපා වුණා. (නි)
ටි ජී ගේ අදහසට මම එකඟයි. මොකද ලංකාවේ රවුම් පාන් එකකට ඉතුරු වූ කෑම ටිකක් දාලා වගේ පිට්සා දෙන්නේ.ඒත් ඉතාලියේ පිට්සා කියන්නේ කලාවක් වගේ දෙයක්. (නි)
යුරෝපයේ තියෙන ආපන ශාලා වල පීට්සා හදන්නේ ලංකාවේ අය තමයි, වැඩිපුරම (නි)
මේ පිට්සා කාලා තමයි අපේ ලංකාවේ අය හරහට මහත්වෙලා තියෙන්නේ. ළමයි මේවට පුරුදු වුණාම වෙන කෑම කන්නේ නැහැ. (නි)
විවිධ වර්ගයේ පිට්සා පිළියෙළ කෙරුණද ඕනෑම කෙනෙක් මේ වර්ගයේ පිට්සා රස බැලීමට කැමතියි. අඩු ගානට කන්න පුළුවන් රස පිට්සා එකක් (නි)
මම නම් ලංකාවට එනකොට පිට්සා හදන්න ඕනෑ කරන හැම දෙයක්ම අරගෙන ඇවිල්ලා ගෙදර හදනවා. මගේ දරුවෝ ඒවායේ රස ගැන කියනකොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්. පිට්සා ලංකාවේදී ඔයාලටත් හදන්න පුළුවන්. අමාරු නැහැ (නි)
ලංකාවේ කොඩියට සමානව මොකක්හරි හදලා කෑවා නම් අපේ අයියලා පිටකොටුවේ පෙළපාලි යයි (නි)
ඉතාලියේ කාලයක් ඉඳලා දැනට ලංකාවේ කුඩා හෝටලයක් කරන මගේ හිතවතෙක් කිවුවේ ඉතාලියේ වගේ හොඳ තත්වයේ ආහාර වර්ග සාධාරන මිලට ලංකාවේදී ලබාගන්න බැරිලු. ඒක නිසා තත්වයෙන් බාල පීට්සා විකුණන්න සිද්ධ වෙනවාලු. (නි)
පීට්සා හදන තැන අනුව ඒවායේ රස වෙනස්වෙනවා (නි)
කුමාර්, හරහට මහත් වෙන්න තරම් ලංකාවේ අය කන පිට්සා එකක් නැහැ. ලංකාවේ අය කන්නේ කුකුල් පියාපත් හොද්ද සමඟ බත්. ඕක තමයි ලාබම කෑම. (නි)
පීට්සා කියන්නේ පුදුම රස කෑමක් (නි)
ශීලා, පුවත හොඳට කියවන්න. මේකේ කියලා තියෙන්නේ ජාතික ධජයේ වර්ණ භාවිතා කළා කියා පමණයි. නැතුව ජාතික ධජයේ අනුරුවක් හැදුවා කියා නැහැ. අනික ජාතිය වෙනුවෙන් කතාකරන අය ගැන මොකද ඔයාට මෙච්චර අමාරු (නි)
මගේ අකමැතිම කෑමක්. මම හිතන්නේ අපේ කොත්තු රොටි මීට වඩා හොඳයි. (නි)
හදවතට හරි ගුණයි ඕවා (නි)
කොත්තු රොටී මීට වැඩිය කොච්චර හොඳයිද? (නදී)
චමත්, ඔයා හදන පීට්සා රෙසිපි එක ලියන්නකෝ. අපිත් හදලා බලන්නම් (නි)
අරුසියා, අන්තර්ජාලයට ගිහිල්ලා ගහන්නකෝ හවූ ටු මේක් පිට්සා කියලා. රෙසිපි ඕන තරම්. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ කියන මනුස්සයා ඉතාලියේ ඔහු කනහැටි හැමෝටම ඇහෙන්න කියල තියනවා අනේ පව්!. මේ මනුස්සය හිතන්නේ ඔහුගේ ජිවන රටාවයි ඔහුගේ මොළයයි ඉතාලියේ ඉන්න අනිත් හැමෝටම පිහිටලා තියනවා කියලයි. ලොකු මානසික පීඩාවකින් ඉන්න පුද්ගලයෙක් වගෙයි. කරුණාකර ඉතාලි රෝහලකින් බේතක් කරගන්න සමාජ පිළිලයක් නොවී. බෝට්ටුවෙන් ඉතාලියට ගොඩ බැස්ස අයගේ වෙනස තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. (නදී)
ඉතාලියේ කාලයක් ජීවත් වෙච්ච කෙනෙක් විදිහට අපි වගේ දුප්පත් මිනිසුන්ගේ බඩගින්න එදා සහ අද නිව්වේ මේ පීට්සා තමයි. දෙමල මිනිස්සුන්ට කොච්චර බැන්නත් ලංකාවේ ඉගෙන ගන්න කාලෙ අපේ බඩගින්නට පිහිට උනේ තෝසේ කියලත් අමතක නැහැ (නදී)
ලොකු කමකට කියනවා නෙවේ, ලංකාවේ ඉන්න අයට නියම පිට්සා රස පදම බලන්න හැකියාවක් නෑ, ලංකාවේ තියෙන්නේ චීස් දාපු රොටි තමා, නියම පිට්සා එකක රස ලංකාවේ පිට්සා වල නෑ.(නදී)