පිළියන්දල කලාපයේ දෙවැනි වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණිය සිංහල, ගණිතය හා අද (17) පැවැති විද්‍යාව ප්‍රශ්න පත්‍ර පිටවී ඇති නිසා එම විභාග අවලංගු කර නැවත පවත්වන්නැයි ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඉල්ලීමක් කළේය.
නැවත විභාගය නොපැවැත්තුවහොත් දක්ෂ සිසුනට අසාධාරණයක් වන බවත්, පිටවූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත් ඇගයීමෙන් පසු නැවත විභාගය පැවැත්වුවහොත් ගුරුවරුන් අපහසුතාවට පත්වන බවත්, ඒ නිසා හැකි ඉක්මණින් විභාගය අවලංගු කර නැවත පවත්වන ලෙස ඉල්ලන බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
වාර විභාගයේ 11 ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් අද (17) පැවැත්වීමට නියමිත විද්‍යාව ප්‍රශ්න පත්‍රයද කළින් පිටවීයැයි ලද තොරතුරකට අනුව ප්‍රධාන පෙළේ පාසලක සිසුන්ගෙන් ඊයේ (16) ඒ ගැන විමසද්දී පිළිතුරු ලියාගෙන ආ කොළ ගුරුවරුන් අතට පත් කර ඇත. සිසුන්ගෙන් ඒවා ලබා ගත් ගුරුවරු ඒවා කලාප අධ්‍යාපන අධයක්ෂවරියට හා සෙසු අධ්‍යක්ෂවරුන්ට භාර දුන්හ.
එම පිළිතුරු පත් අද (17) පැවැත්වීමට නියමින විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත් සමග සන්සන්ධනය කරද්දී පළමු ප්‍රශ්න 15 පිළිතුරු ඒ ආකාරයෙන්ම ගැලපී තිබිණි. කළාප අධ්‍යක්ෂවරිය උපදෙස් දී ඇත්තේ කිසිදු විභාගයක් අහෝසි නොකර එලෙසම පවත්වන ලෙසයි. ප්‍රශ්න පත්‍ර පිටවීයැයි කියන සිංහල හා ගණිතය ප්‍රශ්න පත්‍රවලද පිළිතුරු පරීක්ෂා කර සිසුනට ලකුණු දෙන්නැයි ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව පිටවූ විද්‍යාව ප්‍රශ්න පත්‍රය අද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් වැඩ! (නි)
අධ්‍යාපනය විනාශකර ගොඩක් කල්. පුදුම කාරණාව අපේ රටේ මිනිසුන් මේවා දිහා බලාගෙන නිහඬව ඉන්න එකයි. (නි)
අධ්‍යාපනයටත් ඇමති කෙනෙක් හිටියනම් (නදී)
ඇමති ? (නදී)
දැන් වාර විභාග සිසුන් අසමත් කරන විභාග නොවන නිසා පාඩුව කොපි කරන අයටමයි.(නදී)
පිටවෙච්ච ප්‍රශ්ණ පත්තරයම විබාගෙට ගත්තේ නැතිනම් ප්‍රශණ පත්තරය ලබාගත්ත ළමයින්ටයි පිටකරපු අයටයි දෙගොල්ලන්ටම පාඩු සිද්දවනවා. එයාලගේ මානුෂික අයිතීන් ගැන කලාප අධ්‍යක්ෂකවරිය සලකාබලා තියෙනවා. (නදී)