(කාංචන කුමාර ආරියදාස)
ඉන්ධන පිරවුම්හල් වෙත ගෙනයන පෙට්‍රල්වලට බවුසර් රථය තුලදීම භූමිතෙල් කලවම් කරන ජාවාරමක් හෙළි කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමකට අද(13) හැකිවිය.
ගලේවෙල මකුලුගස්වැව ප්‍රදේශයේ අතහැර දමා ඇති කළුගල් මෝලක බවුසර් රථ සගවා මෙම ජාවාරම සිදු කරමින් සිටියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .ඒ .එම් .මහරුෆ් මහතාට අයත් ඉන්ධන බවුසරය කින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම මෙම ස්ථානයට යන විටත් බවුසර් රථයේ රියදුරු සහ රිය සහායක ඉන්ධන බවුසරය තෙල් ටැංකි වල මුද්‍රා ඉවත්කොට බටයක් යොදා ලීටර් සියයකට අධික පෙට්‍රල් ප්‍රමාණයක් බුලි සහ බැරල් වලට පුරවා පිටතට ගෙන තිබිණි. ඉන්ධන බවුසරය වත් කරන පැට්‍රල් ප්‍රමාණයට සරිලන පරිදි වෙනත් ලොරියකින් එම ස්ථානයට රැගෙන එන භූමිතෙල් නැවත ඉන්ධන බවුසරයේ ටැංකියට හැළීම සිදු කරන බව පොලීසිය කියයි.
ඉන්ධන බවුසරය රියදුරු සහායකවරයා මෙන්ම ඉන්ධන බවුසරය භූමිතෙල් රැගෙන ආ කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගැනිණි. කුඩා ලොරි රථය පදවාගෙන ආ රියදුරු එම ස්ථානයෙන් පළා ගිය බව පොලිසිය කියයි.
මෙම බවුසරය ත්‍රිකුණාමලය චයිනබේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් බව පොලිසිය කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම්. මහරුෆ් මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මෙම ජාවාරම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එමෙන්ම තම බවුසරයේ රියදුරු සහ රිය සහායකයා පැය ගණනාවක සිට සම්බන්ධ කරගැනීමට නොහැකි වූ බවත් හෙතෙම සඳහන් කළේය. ඔවුන්ගේ ප්‍රමාදය පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ද තමන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයාට දැනුම් දුන් බවද සඳහන් කළේය.
එවැනි වරදක් ඔවුන් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නීතියට බාරදෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිස්නස් නොකරන දේශපාලකයෙක් අද හොයා ගන්න එක හරිම අමාරුයි. ව්‍යවස්ථාව වෙනස් කරන කොට දේශපාලකයන්ට බිස්නස් කරන එක තහනම් කරන්න බැරි මොකද?
මෙවැනි නීතිවිරෝධී ක්රියාවේ සම්බන්ධ පුද්ගලයින්ද නීතියෙන් උපරිම දඬුවම් ලැබිය යුතුයි.
අනේ බබා මහාරුෆ්. ලංකාවේ නරකම විදිහට බිස්නස් කරන්නේ මුස්ලිම් මිනිස්සු තමයි. අනිත් අයට හෙනගහලා ගියත් ඒ අයට ඕන සල්ලි විතරයි.
දේශපාලකයෝ කවදාද තමන් වැරදියි කියන්නේ. වැරැද්ද පිළිගත්ත දේශපාලකයෝ ලංකාවේ හිටියා නම් මේ රට අද ලෝකෙන් උතුම් රට කියලා බය නැතුව කියන්න පුළුවන්. අන්තිමට වැරැද්ද මේ වැටලීම කල විශේෂ කාර්ය බලකාය පිට පටවයි.
Erdi - ඔය ජාතිවාද හිත නිසා තමා සිංහල මිනිස්සු පිරිහෙලා තියෙන්නේ
මරක්කලයන් මේ රට විනාශ කරනවා. මේ අයට නීතියක් නැහැ..
මේක ටික කාලයක් සිට කරගෙන යන අපරාධයක් වෙන්න පුළුවන්.