හුංගම කලමැටියේ වෙරළාසන්න ඉඩමකට රණ්ඩු වූ විදේශිකයෝ දෙදෙනෙක් ගුටි කෙළ ගත්හ.
පර්චස් 225ක් පමණ වන මේ ඉඩම ඊශ්‍රායල් ජාතිකයකුටත්, ඉන්දියා ජාතිකයකුටත් විකුණා ඇති බව පෙනේයැයි ද, ඉන්දියා ජාතිකයාගෙන් අද පහර කෑ ඊශ්‍රායල් ජාතිකයා තංගල්ල රෝහලට ඇතුළු කර ඇතැයි ද පොලිසිය පවසයි.
ඊශ්‍රායල් ජාතිකයා මෙම ඉඩම තුන් කෝටියකට මිලට ගෙන ඇති බව පෙනේ යැයි ද පොලිසිය කියයි.
හය මාසයකට පමණ පෙර සමාගමක් මගින් විකුණා ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකාවේ ඉඩම් විදේශිකයනට විකිණීම නතර කිරීමේ නීති මෙතෙක් සම්මත වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිතිය සම්මත වෙනකොට වෙන්න ඕන හරිය වෙලා එවරවෙලා තියෙයි ! (අ)
ලංකාවේ ඉඩම් විදේශිකයන්ට විකිණීම වහා නැවැත්විය යුතුයි. (නි)
ලංකා විතරයි හරියට ප්‍රවෘත්තිය වටහාගෙන තියෙන්නේ. (අ)
පිට රටවල ඉන්න අයගේ ඉඩම් හොර ඔප්පු ලියලා විදේශිකයන්ට විකුණන උත්සාහයන් පවා තිබෙනවා. අපි දන්නා කෙනෙකුගේ හික්කඩුවේ වත්තක් එහෙම විකුනන්න ගිහින් අසල්වැසියෙකු කල දැනුම් දීමක් නිසා යන්තම් බේරා ගත්තාලු. (අ)
ඊශ්‍රායෙල ජාත්කයාට ඉඩම් විකුණුවොත් ඉතින් පලස්තිනයට වුණ දේතමයි ලංකාවට වෙන්නේ. (අ)
නිශ්චල දේපල විදේශිකයන්ට විකිණීමට හැකිද? නොදන්නා නිසයි අහන්නේ. (නි)
ඉන්දියන් කාරයත් අපේ අය වාගේම තමා , ගහල මරල ඡන්ඩි කමෙන්ම තමා ඔක්කොම (අ)
පිටරැටියන්ටත් ලංකාවේ අයගෙන් ලෙඩේ බෝවෙලා වගෙයි (නි)
ලංකාවේ අය ලංකාව විකුණගෙන කන්නේ නැතුව මොනවද විකුණන්නේ .. මේක තමා අපේ ලංකාවට ගිය කල ! (අ)
නස්රී ඕයා ඉන්දියන් කාරයෝ ගැන තාම දන්නේ නැහැ වගේ (අ)
මොනවා වුණත් අපි දැන් ඉඩමක් විකුනනවා නම් සිංහල අයෙකුටම එය විකිනීමට කටයුතු කල යුතුයි. නැතිනම් එය අපිටම වල කපා ගැනීමක් තමා. (අ)
වායු ගෝලයේ තියන හුළං ටිකත් සිංහල අය විතරක් බෙදා ගනීද? (අ)
ලංකාවේ හරි උරුමක්කාරයින් කව්ද කියලා හොයන්න කොමිසමක් පත් කරමුද? (නි)
නස්රී,ඊශ්‍රායෙල කිව්ව ගමන් හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න නේද? (අ)
කරුණාකරලා පිටරැටියන්ට ඉඩම් විකිණීම නවත්වන්න නීති ගෙන එන්න ."ටෝනි ඇබට්" වගේ රටට ලැදි නායකයෙක් සිටියානම් ? (අ)
නස්රී, ඔයගොල්ලන්ට ඉඩම් දීපු අපිට කවදාහරි වෙන්නේ සිරියාවේ දැන් වෙන දේ තමා! (අ)
අයියෝ! මෙහෙමත් වැඩ? (නි)
පිටබැද්දර රජා, දැන්වත් අපි අපේ රට ගැන හිතලා අපේම ආර්ථිකයක් හදන්න පටන් ගන්න ඕනෑ. (නි)
මම දන්නා තරමින් ලංකාවේ ඉඩම් තන්හාව වැඩියෙන් ම ඇත්තේ දකුණු පළාතේ. කවුරු හරි කෙනෙක් මැරුණාම ඒ කෙනාගේ පවුලේ අයටත් කලින් සෙසු නෑදෑයන් මියගිය අයගේ දේපල වලට අයිතිවාසිකම් කියාගෙන ඉස්සරහට පනිනවා. (අ)
ප්‍රියන්ත ටෝනි ඇබට් ගැන දැන ගෙන ද කතා කරන්නේ ? මේ දවස් වල නම් මෙහෙ පුරවැසියන් එයාගේ මුතුන් මිත්තන් මතක් කර ගත්ත ගමන් ඉන්නේ. විශ්‍රාම වැටුප් ගන්න වයසත් අවුරුදු 70 ට කල් දාලා, ආබාධිතයන්ටත් වැඩ කරන්න නියම කරලා තියෙන්නේ. පාසල් වලට සරසවි වලට දෙන මුල්‍ය ආධාරත් කප්පාදු කරලා. (අ)
නිසාර්, මෝඩ කතා කියන්න එපා! (අ)
නිශේන්, මමත් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ (නි)
දසුන්, සියලුම ජාතීන් පොලවට අයිතිවාසිකම් කියනවා කිසිම කෙනෙකුට පොලව අයත් නොවේ. අපි සියල්ලම පොලව යටට යනවා මිසක් උඩින් තියන හිමිකාරත්වය තාවකාලිකය්. දැන් මට මොලේ තියනවද? (අ)
නිසර් වායු ගෝලයේ තියන හුළං සිංහල මිනිස්සු විතරක් බෙදාගනිද කියල අහන්න කලින් පොඩ්ඩක් ඉතිහාසය කියවල බලන්න සෙනරත් රජතුමාගේ කාලේ ලංකාවට පිටින් ආව ඔයාලගේ මුතුන් මිත්තන් සමග අපි මොනවද බෙදා නොගත්තේ කියල... ඔයාල අද මුස්ලිම් මව් කුසකින් උපත් ලැබුවට ඔයාලගේ මුල් පරම්පරා කීපයම උපත ලැබුවේ සිංහල කාන්තාවන්ගෙන්. එක නිසා අපිට එහෙම තණ්හාවක් නම් නෑ. එත් කන බත් පතට පහරන ඔහෙලා වගේ අය ඉන්න කොට අපිටත් අපේ දේ රැකගන්න සිද්ද වෙනවා (අ)
නිශේන් පොඩි විස්තරයක් කරලා තියෙනවා ටෝනි ඇබට් ගැන.....එයට ස්තුතියි. (නි)
ඉතින් බලන්නකෝ මෙතනම රණ්ඩුවක්. තව ඉඩමක් කඩමක් ඇස් ඉදිරිපිට තිබුනා නම් කොහොමද ? (අ)
ඊශ්‍රායෙල හොද රටක් ලංකාවේ හුඟදෙනෙක් එහෙ ඉන්නවා පලස්තිනයට මොනා උනාම අපිට මොකෝ (අ)
බොහෝ දියුණු රටවලත් ඕනෑම කෙනෙකුට ගෙවල් ඉඩම් මිලදී ගතහැකියි නේද? (නි)
තව වසර දහයක් ගෙවෙනකොට හෙළයන්ට හුළං, (අ)
අර ද්විත්ව පුරවැසිකම් කතාවට මොකද වුනේ? මේ අයට ඒක බලපාන්නේ නැද්ද? දන්නා අයෙක් කියන්න කරුණාකර. (නදී)
පර්චස් 225ක් වික්කේ කොහොමද කියලා හොයල බැලුවොත් නේද හොඳ, (අ)
දෙදෙනෙකුට එකම ඉඩම අයිති වුණේ කොහොමද කියල හොයල බැලුවා නම් නියම කෙනාට සාධාරණය කරන්න පුළුවන්නේ ඉතින්,දෙදෙනාට තිබුණේ නීතියේ සහය පතන්න මිසක් ගහ බන ගන්න නෙවෙයි (අ)
මේ රටේ ඉන්නේ අනාගත සිංහලයන්ව තම මව් මෙම අනාථයන් අසරණයන් කරන සිංහල ද්‍රෝහියන්. එදා ජාතියේ මුර දේවතාවුන් ගෙන් වැඩිම දෙනෙක් අද මර නින්දේ. දවසින් දවස සිංහලයාට මේ රටේ ඉඩම් අහිමි වෙනවා. මේ අදහස ජාතිවාදී යන කියන අය කොළොඹ නගරයේ ඉඩම් සිංහලයන්ගෙන් වෙනත් අයට පත්වී ඇති සැටි සොයා බැලුවහොත් හොඳයි (අ)
දෙදෙනාම ලංකාව ට එපා කරපු මිනිස්සු ඒ වගේම භයානක මිනිස්සු කවුද ඉඩම් විකුනුවෙ (අ)
රැකව කලමටියය පැත්තේ ඉන්නවා කීප දෙනෙක් මේ සුද්දන්ට ඉඩම් විකුණලා කියක් හෝ හම්බ කරගන්න. සමහරු එතනින් නවතින්නේ නැහැ කලපුවේ රක්ෂිතයත් පස් පුරවා වැටවල් ගසා සුද්දන්ට අල්ලලා දීලා. දැන් සුද්දෝ ඉඩම් වල හෝටල් හදලා ඒවා පාලනය කරන්නෙත් මෙයාල තමා. දැන් මේ පැත්තේ ලංකාවේ මිනිහෙක් හෝටලයක් කරන එක බොරු සුද්දන්ගේ සල්ලි වලින් සහ එ් හරහා ලබාගත් දේශපාලන බලයෙන් පිම්බුණු මේ මිනිස්සු නිසා මේ පළාත් විනාශවී ඇත (නදී)
නිසර්,මේ සිංහල කියන ජාතිය එදා සිටම රැකුණේ ලෙයින්,මසින්, ජීවිත පුජාවෙන්... අනාගතයටත් එයම සිදුවේවි. (නි)
සදුනි, ඔබට දෙමවුපියන්, සහෝදර සහෝදරියන් නැද්ද? (නි)
අපේ රට ඔක්කොම පිට රටට විකුණන් කන්න තමයි අපේ පාලකයෝ බලන් ඉන්නේ . කවදාවත් ඒවා නවත්තන්න නීති ගේන්නේ නෑ. එහෙම නීති ගෙනාවොත් එයාලට රට විකුණගෙන කන්න බෑ නේ !!!!! (අ)
මගේ ඉඩම දෙනවා කොටි 2 කට, සේර්ෆින් බීච් 1ක්, ලංකාවේ 1ම එක .(අ)
ඇත්ත ඇයි අපේ මව් බිම අපි පිට රැටියන්ට විකුනන්නේ ,මෙය වහා නතර කල යුතුයි (අ)
ශාන්ති අපේ සිංහල වැදගත් අය අම්මත් විකුණන් කන පුද්ගලයෝ, ..එක ඉඩම දෙන්නෙකුට නෙවෙයි 10 කට විකුණයි..සල්ලි වැඩිපුර හම්බවෙනවා නම් පිටරට නෙවෙයි අපායේ ඉන්න අයටත් විකුණයි ..පේනවා නේද මුස්ලිම් පොරවල් රටේ බොහොමයක් දැන් අරගෙන තියෙන හැටි (අ)
කසුන් ඔබ ගැන හරිම ආඩම්බරයි , සමස්ථ නිසාර්ලටම සුදුසුම පිළිතුර දීල තියෙනවා මේකට තව ටික එකතු කලොත් හොඳයි කියල මට හිතුන , මෙයාල වෙළ හෙලදාම් කරලා අපෙන් දියුනු වෙලා අපේ ඉඩම් මිලට අරගත්තට කවදාවත් මෙයාලඒ ඉඩම් අපිට නැවත විකුණනවද ? ඉතාමත් සුක්ෂම විදියට මෙයාල ලංකාවේ භූමිය අල්ලාගැනීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා ඉන්න ගමන් අපෙන් අහනවා නිදහස් සුළඟත් අපිම බෙදාගන්න හදනවද කියල , මෙයාල කටින්ද කතා කරන්නේ ? (අ)
මේකේ කැත වැඩේ කරලා තියෙන්නේ අපේ අය. එකම ඉඩම දෙදෙනෙකුට විකුණලා (නි)
අපි කවුරුවත් මේ ලෝකයට එනකොට කිසිවක් රැගෙන ආවේ නැහැ. (නි)
මේනක, දැන් අපි ඔක්කොම මෙතන අදහස් ලියන්න ඕනෑ ඔයාට ඕනෑ විදියටද? ඔයා කාන්තාවක් එක්ක මොකද්දෝ පරණ තරහක් පිරිමහගන්න මෙතන ලියනවා වගෙයි මට පෙනෙන්නේ. (නි)
නිසාර්, නස්රි, මොනවාද ඔය අය මේ දොඩවන්නෙ? මේක ජාතියක් අතර ගැටුමක් නොවේ. එකම ජාතියෙ අයත් (සහෝදරයො පවා) ඉඩකඩම් වලට මරාගන්නෙ නැද්ද? ඔහොම පටු විදියට බලන්න එපා. විදේශිකයන්ට ඉඩම් විකිණීමයි වැරදි (නි)
තව ටික කලක් ගිහිල්ල සීගිරියත් ගල් කොරියකට විකුනයි (නදී)
විදේශිකයන්ට ඉඩම් විකුණන එකට පිළියම් පටන්ගන්න ඕනෑ පොඩි තැන් වලින් නෙමෙයි ලොකු තැන් වලින්. ඒවාට ඇස් කන් වහගෙන ඉඳලා තමන්ගේ පුද්ගලික ඉඩම් විකුණන පොඩි කෙනාට දොස් කියලා වැඩක් නැහැ. (නි)
ලැජ්ජා නැද්ද මන්දා ගුටි ඇනගන්න? (නි)