වසර 10ක් ජනපති වෙලා කරන්න බැරි වුණු දේවල් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා කරන්නේ කොහොමද කියන එක ජනතාවට අමුතුවෙන් තේරුම් කළ යුතු නැතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන බවත් අද ඇතැමුන් මෙය පිටරට මැතිවරණයක් තිබෙන ආකාරයට පැවැත්වෙන බව කියන බවත් ඇමැතිවරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට අද අලුත්ම බලවේගය වී ඇත්තේ කුඩු, එතනෝල්, තැබෑරුම්, ඒජන්සි හා කොන්ත්‍රාත් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් ඇත්ත.දැනටම මිනී හතරයි (නි)
පිටරට වලත් ආණ්ඩු පක්ෂයට ඡන්ද නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද .... (නි)
එයා කොහොමත් කතාවට රුසියනේ. (නි)
ඔබතුමා ලංකාවේ නෙමෙයිද පහුගිය සතියේ හිටියේ. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
පැහැදිලි වෙනසක් නම් තියෙනවා. එහෙත් තව ගොඩක් දුර යන්න තියෙනවා. මේ වෙනස දිගටම තියාගන්න ගමන් තව ඉදිරියට යන්න. (නි)
මේ දා තිබෙන අදහස් ගැන හරි පුදුමයි. පසුගිය ඡන්දෙදී ප්‍රධාන පාරවල් වල හැම කණුවකම එල්ලලා තිබුන පින්තූර, තැන් කීපයකම තිබුන අඩි ගණනාවක් උස පින්තූර අමතකද? දැන් එහෙම නැහැනේ. මාස ගණනකට කලින් සවිකළ රජයේ ප්‍රචාරක පුවරු පවා දැන් කළු ඉටිරෙදි වලින් වසා දමලා තියෙන්නේ. මේ වෙනස පෙනෙන්නේ නැද්ද? (නි)
සමහරු පාතාලයෝ එක්ක ඡන්ද රැස්වීම් පවත්වනවා. මෙයා කියනවා පිටරට ඡන්දයක් වගේලු. (නි)
හොඳ දේ අගය කරමු. මැර දේශපාලනය හෙළා දකිමු. නේද ප්‍රසන්න? (නි)
මම හිතන්නේ සමහරු තවම නින්දේ වගෙයි (නි)
ඒක නම් අපිටත් හොඳට පෙනෙනවා (නි)
අනෙක් පක්ෂ විවේචනය කිරීමට ප්‍රථම තමන්ගේ පක්ෂය ගැන සොයාබලන්න (නි)
පිටරට මැතිවරණයක් වගේම තමයි. ඔන්න හතරවැනි මිනිස් බිල්ලත් ගත්තා කියලා පත්තරේ සඳහන්වෙලා තිබුනා. (නි)
බොහොම හොඳයි. සියළු දූෂිතයින් ඉවත්කර පිරිසිදු අයව පත්කරමු (නි)
එතකොට කොටියාගෙන් රට බෙර ගත්ත එක ගැන මොකද කියන්නේ ඔබතුමාලා.(ම)
මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන හැටි අපිත් දැක්කා (නි)
තව ගොඩක් ඉදිරියට යන්න තිබෙනවා. නමුත් මේ වෙනස හොඳයි. දැන් ජනතාවගේ අතේ තියෙන්නේ. මැරයන්ට රට බාරදීලා අවනීතියට යනවද? නැත්නම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වගේ වෙනවද? (නි)
පිටරට වල ඡන්ද වේදිකාවේ අනුන්ට බොරු මඩ ගහනවද? පාතාලේ මල්ලිලා වෙඩි තියෙනවද? (නි)
පිට රටවල්වල දින්නත් අගමැතිකම දෙන්නෙ නැ කියලා අහිංසක මිනිස්සු රවට්ටලා ජන්දෙ ඉල්ලනවාද? (බ)
ඒ බව අපිටත් පෙනෙනවා. (නි)
පසුගිය කාලයේ තිබු තත්වයට වඩා යහපත් ප්‍රවණතාවයක් දක්නට තිබුනත් කොටහේන සිදුවීම වැනි දේවල් අනුමත කළ නොහැක. (නි)
අපි බලමුකෝ මේ රටේ අය මේවා පිළිගනියිද කියලා (නි)
මෙයා පිටරටක වගේ ඉන්නේ. කොටහේන තියන්නේ අප්‍රිකාවේ වගේනේ කතාව (නි)
නියමයි. අපිත් දැන් දියුණු රටක්නේ! (නි)
හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න (ම)
පිටරට මැතිවරණ දැකලා තියෙනවද? (නි)
අනේ මගේ කට! එතකොට අර පාතාලයෝ කොහෙන්ද? (නි)
කතාව දෝලාවෙන් ගමන පයින් (නි)
අනේ! පිටරටවල මැතිවරණත් මේ වගේද? (නි)