20160314-trending-news-42

ජනප්‍රිය රැප් ගායකයෙකු ලෙස ඇමෙරිකාවේ වඩාත් ජනප්‍රිය පිට්බුල්ගේ අලුත්ම මියුසික් වීඩියෝව සඳහා ශ්‍රී ලංකා රූප රාජිනි බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩස් තෝරාගෙන ඇති බවට "බිස්නස් ඔෆ් සිනමා" වෙබ් අඩවිය සඳහන් කරයි.

2013 වසරේදී බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමගින් "Exotic" ගීතය ගායනා කරමින් ආසියාවේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් පිට්බුල් සිය අලුත්ම මියුසික් ගීතය සඳහා තවත් ඇමෙරිකානු රැප් ගායකයෙකු වූ අර්මෙන්ඩ් ක්‍රිස්ටියන්ද සම්බන්ධ කරගෙන තිබෙන බවට තොරතුරු පළ වේ. ජැකලින් ජාත්‍යන්තර මියුසික් විඩියෝවක් සඳහා සම්බන්ධ වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම මියුසික් වීඩියෝව සඳහා ජැකලින්ට අමතරව සෝනම් කපූර්, කංගනා රනවුත්ගේ නම්ද යෝජනා වී තිබුණු අතර, අවසානයේ පිට්බුල්ගේ කැමැත්ත ලැබී ඇත්තේ ජැකලින්ට බව සඳහන් වේ. පසුගිය සති අන්තයේදී මියුසික් වීඩියෝවට සම්බන්ධ ගිවිසුම සඳහා ජැකලින් අත්සන් තැබු අතර, මාර්තු මාසයේ අවසන් සතියේදී හෝ අප්‍රේල් මාසයේ මුල් සතියේදී මෙම මියුසික් වීඩියෝවේ රූපගත කිරීම් කටයුතු සිදු කරන්නට බලාපොරොත්තුවෙන සිටින බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ වසරේ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම දකින්නට ලැබෙන ජැකලින් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වන "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටය ජුනි 03 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ. "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටයට අමතරව ඇය මේ වසරේදී "ඩිෂුම්" හා "අ ෆ්ලයින් ජේට්" චිත්‍රපට තුළින්ද මේ වසරේදී සිය සිනමා ප්‍රේක්ෂකයන් මුණගැසීමට සූදානමින් සිටින්නීය. ඊට අමතරව ජනප්‍රිය නවක නළු සිද්ධාර්ත් මල්හ්‍රෝතා සමගින්ද ඇයට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබී තිබෙන බවට තොරතුරු ලැබේ.

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

A flying jet Movie

 

 

housefull 3 Movie

 

 

20160314-trending-news-36 20160314-trending-news-37 20160314-trending-news-38 20160314-trending-news-39 20160314-trending-news-40 20160314-trending-news-41 20160314-trending-news-35