
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘උම්මත්තකයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට චෝදනා කළේ පසුගිය සති අන්තයේ, පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදාව යුක්රේනයට එල්ල කළ ගුවන් ප්‍රහාරය හේතුවෙනි.
එම ගුවන් ප්‍රහාරය, රුසියාව යුක්රේනයට එල්ල කළ දරුණුතම ගුවන් ප්‍රහාරය යැයි ද පැවැසෙයි. එයින් සිවිල් වැසියෝ 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, රුසියන් ජනාධිපති පුටින් ‘උම්මත්තකයකු’ යැයි චෝදනා නගා ඇත්තේ ට්‍රම්ප්ගේ ‘ටෲත් සෝෂල්’ සාමාජ මාධ්‍ය ගිණුම ඔස්සෛ්ය.
ට්‍රම්ප් මේ අයුරින්, රුසියන් ජනාධිපතිවරයා විවේචනය කරමින් දොස් නැගූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවසෙයි.
‘මා රුසියන් ජනාධිපති පුටින් සමඟ යහපත් සබඳතා පවත්වනවා. ඒත් මට හිතෙන්නේ ඔහුට මොකක් හෝ දෙයක් සිද්ධ වෙලා. ඔහු ඉන්නේ උමතුවෙන් වියරු වැටිලා.’ යැයි ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනේ අන්තර්ගත වෙයි.
රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන යානා 298 ක් සහ මිසයිල 69 ක් යොදා ගනිමින් පහර දුන්නේය.
යුක්රේන හමුදාව එම ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර, රුසියාවේ ඩ්‍රෝන යානා 266 ක් සහ මිසයිල 45 ක් විනාශ කර දැමීමට සමත් විය.
යුක්රේන හමුදාව ශක්තිමත් වී ඇත්තේ ඇමෙරිකාව සහ බටහිර රටවලින් ලැබුණු අවි ආයුධවලිනි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ට්‍රම්ප්, රුසියන් ජනාධිපති පුටින් සමඟ ද රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට අදාළව සාකච්ඡා පවත්වා ඇත. තමන් සටන් විරාමයකට යෑමටත් සාම සැලැස්මකට යෑමටත් කැමැති බව පුටින්, ඇමෙරිකන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.
රුසියන් හමුදාව මෙසේ යුක්රේනයට පහර දුන්නේ, රුසියාවත් යුක්රේනයත් අතරේ යුද සිරකරුවන් දහසක පිරිසක් හුවමාරු වන අතරතුරේදීය. සිරකරුවන් හුවමාරු කර ගැනීමට රුසියාවත් යුක්රේනයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැණුනේ තුර්කියේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුටින් පිස්සෙක් - ට්‍රම්ප් කියයි