අධිවේගී මාර්ගයේ බසයක් පාර අවහිර කළැයි පොලිස් කොස්තාපල්වරයකු පිටකොටුව බෝධිරාජ මාවතේදී එහි රියදුරාට හා කොන්දොස්තරට පහරදුන්නැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් පිටකොටුවේ ලංගම බස් සේවකයෝ වර්ජනයක් ඇරඹූහ.

බස් රියදුරා සහ කොන්දොස්තර රෝහලට ඇතුළු වී සිටිති. ලංගම රියදුරන් අධිවේගී හා සෙසු මාර්ගවල බස් පාරේ තැන තැන නවත්වා බස් නැවතුම්පළට රැස්වී පහරදුන් කොස්තාපල් අත් අඩංගුවට ගන්නැයි කෑකෝ ගසති.

ගමන් යන්නට ආ මගීහු අතරමංවී සිටිති.