පිටකොටුව බෝධිරාජ මාවතේ සැබෑ පදික කඩ හිමියන් කවුදැයි සමීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ නගර සභාවට නියෝග කළේය.

ඇතැම් කඩ හිමියන් ඔවුන්ගේ කඩ අතුරු බදු දී ඇතැයි කියන සිද්ධියක් මත මේ පියවර ගැනේ.

ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්දරත්න කහඳගමට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මේ සෝදිසිය කෙරේ.

පිටකොටුවේ කඩ ද, ජංගම ලොරි ද නීති විරෝධී අයුරින් දී මුදල් එකතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය මෙම නඩුව ඉදිරිපත් කර ඇත.