‘පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කළේ රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් ලෙසයි. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කිව්වා ඔවුන්ගේ පාලනයේදී එය වහාම නතර කරනවා කියලා. නමුත් ඔවුන් දැන් නැවතත් මෙක් ආරම්භ කරන්න කටයුතු යොදා තිබෙනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (22) ජවිපෙ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මේක නතර කරන්න හේතු ගණනාවක් තිබුණා. පරිසරයට විශාල බලපෑමක් වන බව කියා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ ව්‍යාපෘතියේ බලපෑම පිළිබඳ ජනතාව දැනුම්වත් කළා. වික්‍රමසිංහ ආණ්ඩුව පැමිණි පසු මේක නතර කළා. නැවත මූල්‍ය නගරයක් ලෙස ආරම්භ කරනවා කිව්වා. නමුත් මූල්‍ය නගරයක් පිළිබඳ ව්‍යාපෘති වාර්තාවේ කිසිදු සැලසුමක් නැහැ‘ යැයි ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් ඉංජිනේරු විද්‍යාව කල අය දන්නවා විශාල පරිසර හානියක් මෙයින් නොවන බව. ස්භාවික කොරල් වනයක් නොවන්නේ නම්. මුහුදු රල, සුනාමි මගින් ගොඩබිම ඛදානය වීමත් මෙයින් මග හැරෙනවා. ජපානයේ රොක්කෝ අයිලන්ඩ්, පෝට් අයිලන්ඩ්, කොබේ ගුවන්තොටුපල, ඔසාක KIX කන්සයි ගුවන්තොටුපල, නගෝය චුබු ගුවන්තොටුපොළ, ටෝකියෝ හනේඩා ගුවන්තොටුපොළ ආදී සියල්ල මෙසේ මුහුද ගොඩකර තැනු කෘතීම දුපත්ය.ගොඩබිම තුල සිදුකරන වන විනාසයන්, පරිසර දුෂණයන් මීට වඩා බරපතල බව මගේ හැඟීමයි.(අ)
පොර්ට් සිටි එක නතර කළේ නැතිනම් ජේවීපී එකට යන එනමන් නැතිවෙනවා .මිනිස්සු දියුණු වෙන්න වෙන්න මෙයාලගේ පච අහන කට්ටිය අඩු වෙනවා (බ)
මේ ලංකාව කන අයගෙන් එක්කෙනෙක් (අ)
අපට පක්ෂ පාට වලින් කම් නැත. අප ජීවත්වන පරිසරය ගැන අපට කව්රුත් කියාදිය යුතුද? රතු ඉන්දියානු නායක සියැටල් 1780 ගණන් වල කියූ දෙය අද මේ ලෝකයට වෙලා නැද්ද? අපි අද සංවර්ධනය කරන්නේ අප පරපුරේ අවසානයට මාර්ගයි. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැති බව වටහා ගන්න (නි)
කළයුත්තේ විකල්ප හඳුන්වාදීමයි. ප්‍රාදේශීය දේශපාලනය හා රාජ්‍යතන්ත්‍රය ඉන්නේ ඒකට. නැතුව ලක්ෂයකට පමණ සෙත සැළසෙන ව්‍යාපෘතියක් පවුල් 50-60ක් හින්දා නවත්වන එක හොඳද? ඔවුන්ට අවශ්‍ය වන්දි හා සුදුසු ස්ථාන ලබාදීමට ව්‍යාපෘති වලින් ප්‍රතිපාදන ලැබෙනවා. (නි)
බහුතරයක් ගැන හිතලා සුලුතරයකට කැපවීමක් කරන්න පුලුවන් නම් මේ රට ලස්සනයි (නි)
එ්ක හානියක් නම් මේගොල්ලොත් එ්කට වගකියන්න ඕනෑ. මොකද මේ ආණ්ඩුව පිහිටවන්න මෙයාලත් වක්‍රව සහයෝගය දුන්න නිසා (නි)
අනේ මන්දා මේ කතා? (නි)
එතකොට ඔබතුමා කියන හැටියට ඔය 'හානිය', අර 88-89 කාලේ 'රජයේ දේපල විනාශ කිරීමෙන් වුණ හානියටත්' වැඩියි වගේද? (නි)
පොල්පිටිය, ඔයා කියන කිසිම සිවිල් ඉංජිනේරුවෙක් මේ ව්‍යාපෘතිය අනුමත කර නැත. මේ හදන්නේ රට ඇතුළේ තියෙන ද්‍රව්‍යය මුහුදට දාලා ගොඩකරලා දූපතක් හදන්න. එවිට රට ඛාදනය වෙලා අවසන්. රමින්ද, ලංකාව කියන්නේ ඉතා කුඩා දූපතක් බව අමතකද. (නි)
රනිල් මහත්තයා කිවුවේ පෝර්ට් සිටිය නවත්වනවා කියලා. එ්ක නැවැත්තුවා. මුල්‍ය නගරයක් නවත්වනවා කිවුවේ නැහැනේ. (නි)
‘අපිකා‘ නිරුවත පෝට්සිටි රෙදි කඩයෙන් වැසීමට උත්සහා කරනවාද? (නි)
මේ රටේ මිනිස්සු ජේවීපී එකට ඡන්දෙ දුන්නේ නැහැනේ. ඒ කියන්නේ ජේවීපී කියන ඒවා පිළිගන්නේ නැහැ කියලනේ. ඉතින් ජනතාව පිළිගන්නේ නැත්නම් මොකටද ඕවා කියන්නේ. ජනතාවට වෙන නස්පැත්තියක් වෙන්න කියලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව. අවුරුදු 68 තිස්සේ ජනතාවගේ විමර්ශන නුවණේ තරම තමයි අපි අද අත්විඳින්නේ. (නි)
ජේවීපී එක තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය මිනිසුන්ට රැකදෙන්නේ. එ්ත් මිනිස්සු ඒවා විනාශ කරන අයටම ඡන්දෙ දෙනවා. (නි)
මේවගේ වැඩ හින්ද තමයි තියන ඡන්ද ටිකත් නැතිකර ගන්නේ (හේ)
වෙන දේ බලන් ඉමු.(මේ)
ආණ්ඩුවට කඩේ ගිහිල්ල බොරුවට මහජනයාට පෙන්නන්න ඔය කතා කිවු වට තමුසෙලගෙ කෙරුවාව අපිදන්නවා (රේ)
සංවර්ධනය කරනකොට පරිසර හානි වන බව හැමෝම දන්නවා. මහවැලි ජලාශ හදනකොට අධිවේගය හදනකොට වරාය ගුවන්තොට හදනකොට මේ හානිය වුණේ නැද්ද. මහින්ද මේ රට හදනවට මේ අයයි යූ.එන්.පී. අයයි ඊර්ෂ්‍යාවයි. ඒකට කෑගැහුවා. දැන් කෑගහන්නෙ මේ අාණ්ඩුව මේක කළොත් පසුගිය අාණ්ඩුවට ලකූණු වැටෙනවට ඊර්ෂ්‍යාවට. මේ අය හිතාගෙන ඉන්නෙ මේ අයගෙම අාණ්ඩුවක් හදාගෙන මේක කරන්නද? ඒක ඉතින් හීනයක් විතරනෙ. (නි)
මුලින්ම කිවයුතුයි මා මේ ආණ්ඩුවට විරෝධී අයෙක් නොවෙයි . මා කාලයක් තිස්සේ දැක තිබු පාට පක්ෂයෙන් තොර මරාගෙන බල තණ්හාවෙන් තොර මෙවැනි රට ජාතිය අනාගතය ආගම ගැන සිතා එකමුතුව එක්සේසත්ව වැඩ කරන ආණ්ඩුවක් ගැන සිතුවෙමි අද එය යතාර්ථයක් බවට පත්වී හමාරය . (බ)
රටක් සංවර්ධනය කරන්න නම් මේ වගේ හිතන කටිටිය නැතිවෙන්න ඕනෑ. පළමුවෙන්ම මේ අයට ආර්ථික විද්‍යාව කියලා දෙන්න ඕනෑ. මේ අය ළිං වල ඉන්න මැඩියෝ වගේ තමයි. හැමදෙයක්ම දකින්නේ වැරදි විදිහට. හැමදාම කාටහරි බැණ බැණ බොරුවෙන් ජීවත්වෙවි රට අගාධයට යනවවා හැරෙන්න මේ අයට වෙන වැඩක් නැහැ. වැඩ කරන්න ගියාම වැඩ බැහැ. කයිවාරුව විතරයි. මේ වගේ ව්‍යාපෘතියකින් රටක් සංවර්ධනය කරන්න පුලුවන් කියලා තේරෙන්නේ නැද්ද? (නි)
දක්ෂිණ අධිවේගී මාර්ගය හදන කොටත් මේ අයගේ මතය වුනේ එය ධනපති පන්තියට සල්ලි ගෙවා සැප පහසුවෙන් යාමට ඇති මාර්ගයක් බවත් එයින් සාමාන්‍ය වැඩ කරන ජනතාවට ප්‍රයෝජනයක් නැති බවත් නේ..එ්කට විරුද්ධ වුණා ඒ දවස් වල මේ අය. මේ අය තමා ලංකාවට තිබෙන ලොකුම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය..(බ)
ඔය කියන හැටියට රටේ කිසි සංවර්ධනයක් නොකර, ගල් යුගයේම ඉන්නට වෙයි (බ)
රතු අලි පැටව් (බ)
සමහර අදහස් දැක්කහම ලොකු දුකක් ඇතිවෙනවා. කවුරු කවුරුත් මේවා දේශපාලන ඇහින් බලන එකයි ප්‍රශ්නය. මෑතකාලීන ඉතිහාසයේ රටේ සංවර්ධනයේ නාමයෙන් කළ අතිබහුතරයක් ව්‍යපෘතීන් රටට ප්‍රතිලාභ ලබාදෙනවාට වඩා කළේ ආර්ථික හා ප්‍රධාන වශයෙන් පාරිසරික හානි පමණයි. අපේ රටේ තියන සීමිත සම්පත් ගැන, රටේ සුන්දරත්වය ගැන අපි මීටවඩා සැළකිලිමත් වෙනවා නම් හොඳයි. (නි)
මේ රැ ඩැනියෙල් දවල් මිගෙල්. (හේ)
පෝට් සිටි එකත් නැත්නම් මුල්‍ය නගරයත් ඒ වගේ තමා. (අ)
අවට මුහුදට සහ වෙරළාසන්න ප්‍රදේශවලට මොනයම්ම හෝ හානියක් වෙනවා නම් මෙයට අපි විරුද්දයි . විශේෂයෙන්ම මේ අවට විශාල ප්‍රදේශයක ධිවර කටයුතු වල යෙදෙන ධීවරයන්ට මත්ස්‍ය සම්පත වඳවීමේ ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් , එම නගරය අවට මුහුදේ මසුන් මැරීම තහනම් කෙරෙනවා නම් අපි මෙයට එක හෙලා විරුද්දයි . අපගේ හලාවත ඇන්තනි සහෝදරයා අහිමි උද්ගොෂණයට නොදෙවෙනි විශාල උද්ගෝෂණ මාලාවක් වුණත් පවත්වන්න අපි පසුබට වෙන්නේ නැහැ මෙයින් දිවරයන්ට සහ අවට නිවාස හිමියන්ට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා නම් . (අ)
දැන් මේක හොඳ වෙන්න එපැය. (ර)
මෙහෙම හිතන්න ගියොත් රට හැමදාම එකතැනම තිබේවි (නි)
රවි, පාරිසරික හානි ගැනම හිත හිතා ජීවත්වෙන්න එපා. අපට වඩා ලෝකයේ ගොඩක් රටවල් ඉදිරියට ගිහිල්ලා ඉවරයි. අපේ මිනිස්සු තාම ඉන්නේ ගල් යුගයේ. එහෙම නැත්නම් පිටරට ඩොලර් වල. සංවර්ධනය නොකර තිබුණා නම් පරිසරයට අබමල් රේණුවක හානියක් වෙන්නේ නැහැ. රටවල් සංවර්ධනය වෙනකොට පරිසර හානි වෙනවා. ව්‍යාපෘති සැලසුම් කරද්දි ඒවා අවම කරන්න උපරිම ලෙස ක්‍රියාකරනවා. මේ දෙක අතර සමතුලිත බව රැකගැනීම තමයි වැදගත්. (නි)
මෙම විරෝධයන්ට පැහැදිලි හේතු ඔවුන් ඉදිරිපත් කරනවද ? (ර)
චීනයට බැට දෙන ලෝකයේ පළමු සමාජවදී නායකයා! (ර)
කුමන දේශපාලන මත දැරුවත් දේශපාලන කණ්නාඩි වලින් බලන්නේ නැතුව රටේ සංවර්ධනයට සහයෝගය දුන්නේ නැත්නම් අපි හැමදාමත් එකතැන පල්වෙන ජාතියක් වෙනවා (නි)
ඒවා දැනගෙන නෙමෙයිද ඒ ආණ්ඩුවට මුක්කු ගැහුවේ ? (ර)
මොන දෙයක් කළත් මෙයාලා කියන්නේ වැරදි කියලා .මේ රටට හොඳ දෙයක් වේලම නැද්ද ?.මෙයාලා කවදාවත් හොඳක් කියන්නේ නැහැනේ (ම)
රමින්ද, මම අදහස් කරන්නේ නිසි අධ්‍යයනයකින් පසුව හා අවශ්‍යතා අනුව පමණක් ව්‍යපෘති කළයුතුයි කියන එකයි. හොඳම උදහරණය තමයි උමා ඔය. ඔබ සිතනවාද උමාඔය අවට සිදුවුණ හා තවමත් සිදුවෙමින් පවතින විනාශය කිසිම දවසක නිවැරදි කරන්න පුලුවන් කියලා. පරිසර විනාශය කියන කාරණය මොහොතකට අමතක කරලා හිතලා බලන්න තමන් වතුර බොන ළිඳ හිඳුනහම, තමන් වගාකරන කුඹුර අතහරින්න වුණාම, තමන්ගෙ නිවස, ඉඩම අතහැරල යන්න වුණාම ඇතිවෙන හැඟීම කොහොමද කියලා. අපිට ප්‍රශ්නයක බරපතලකම දැනෙන්නෙ ඒක අපිටම වුණොත් විතරයි. (නි)
රටට හෙනගහුනත් කමක් නැ අපේ මල්ල පිරෙනවනම් වගේ අදහස් දැක්කම දුකත් හිතෙනව. මොකද ඔය වගේ වැඩනිසා පසුව එන හානිදායක අතුරු ප්‍රතිපල දන්නෝ දනිති. ගංවතුර ගලනකොට වැස්සට බනින්නෙත් මේ මහත්තුරුම තමා (අ)
කරන්ට් එක වදින නිසා කරන්ට් එක ගන්න එපා කියනවා වගේ අය තමා ඉන්නේ... (ර)
මෙයාලගේ සමාජවාදී දේශපාලනය අද රුසියාවෙත් නැහැ. බිහිවෙන කිසිම පාලකයෙකුට රට කරගෙන යන්න ඉඩ නොදෙන අමුතු රෝගයක් තමයි මෙයාලට තියෙන්නේ. බොරු කිව්වට කමක් නැහැ, කොහොම හරි මෛත්‍රිපාල මහත්තයාගේ කරේ එල්ලිලාවත් ඉතින් ගොඩ යන්නකෝ. (අ)
කෝ අද කළුගල් කියුබ් ගාන ගැන කිව්වේ නැහැනේ. දැන් කියන්නේ නගර සභාවක් ගැන? (ර)
රතු මල්ලි අපිකා එකට වඩා ඔය උඩ කියන මගුල නරකද බන් !60%මොඩයින්ව ගොනාට අන්දවා ශ්‍රී ලංකාව විනාස මුකයට ඇදදාපු තොපිලට 60%මොඩයින්ගේම සරණයි හිටන් .(අ)
මේ අයගේ ප්‍රතිපත්තිය මොකක්ද එතකොට.? (ර)
ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම බංකොලොත් වෙච්ච සමාජ වාදය කරපින්නාගෙන බැරි ගමනක් යන කීපදෙනෙක්. (ර)
මෙන්න අනේ මෙතුමාට ඇහැරිලා... (ර)
සහතික ඇත්ත. (හේ)
කවදාවත් රට දියුණු වෙනවට අකමැති කට්ටියක්. හැමදාම හැමදේම දකින්නේ වැරදි පැත්ත.ඇන්තනිට කියන්න තියෙන්නේ, ඉන්දියාවෙන් එන ධීවරයෝ බොටම් ට්‍රොලින් ක්‍රමයෙන් මත්ස්‍ය සම්පතට කරන හානිය පොර්ට් සිටි එකට වඩා ගොඩක් වැඩියි.(අ)
මෙහි ප්‍රතිචාර දක්වා ඇති කව්රුත් එතුමාගේ පක්ෂය ගැන අමතක කර කියන්නේ කුමක්ද කියා තේරුම් ගෙන ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීම වැදගත් කොට සැළකිය හැකිය. සම්පුර්ණ කතාව යූටියුබ් මඟින් අසන්නට පුළුවන.(අ)